‘සිංහල බෞද්ධ’ කියනවාට මං විරුද්ධයි.. එහෙම බුද්ධාගමක් නෑ..

November 24, 2017 at 6:30 am | lanka C news
‘සිංහල බෞද්ධ’ කියනවාට මං විරුද්ධයි.. එහෙම බුද්ධාගමක් නෑ..

‘රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නොවේ. නිර්මල බුදු දහමෙන්’ යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසයි.

වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව පෙරදැරි කර ගත් දර්ශනය තුලින් බැව් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගියදා යාපනයේ පුත්තූර් මඩිහේ පඤ්ඤසීහ විද්‍යාලයේදී පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පුත්තූර් මඩිහේ පඤ්ඤසීහ විද්‍යාලයේ ස්වරණ ජයන්තිය නිමිත්තෙන් පැවති උත්සවයකදීය. මෙම උත්සවයේ පැවිදි අනුශාසක ලෙස වැඩම කලේ අමරපුර මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද නාහිමියන් ඇතුළු එම නිකායේ අනුනායක හිමිවරුන් විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,

අද බුදුදහම, බුදුන් වහන්සේගේ දේශනය අන් කවර අවධියකටත් වඩා වලංගු වූ යුගයක අපි ජීවත් වෙන්නේ. එයින් මම අදහස් කරන්නේ කිසියම් දිනක බුදු දහම අවලංගු වෙමින් තිබුණා කියලා නෙවෙයි. එහි අවශ්‍යතාවය, ඕනෑකම ප‍්‍රබල ලෙස දැනෙන අවධියක අපේ රටට සහ ලෝකයට සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදීත්වය, කරුණාව ගැන අද ලෝකයේ දේශනා පවත්වන බොහෝ උදවිය ඉන්නවා. බොහෝ අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට මේවා උගන්වන්න බටහිරින් හා යුරෝපයෙන් දේශකයින් පැමිණෙන කාලයක් මේක. ඔවුන් මහා බරපැන වියදම් කරගෙන තරුපහේ හෝටල්වල ලොකු නියෝජිතයෝ කැඳවාගෙන ලක්ෂ ගණන් මුදල් වියදම් කරගෙන අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදය උගන්නනවා.

මම හිතන්නේ ඒ සියලූ දෙනාට ඒ පිළිබඳව ඉගෙන ගන්න ඉන්න මහා ශාස්තෲවරයාණන් තමයි බුදුරජාණන් වහන්සේ. මම එහෙම කියන්නේ ජාති, කුලමල, පංති, ආගම් භේදයකින් තොරව මනුෂ්‍යත්වය ඉහළට ඔසවා තබපු මිනිසුන්නට පමණක් නොව සියලූ සත්ත්වයින්ට සෙනෙහස පතුරපු ඒ විතරක් නෙවෙයි ගහකොළට පවා මෛත‍්‍රීය දයාව කරුණාව සෙනෙහස පතුරපු විශ්වාන්තරවාදය බුදුදහමයි.

අදඅපි කතා කරනවා ජාතියක් හැටියට එකතුවීමේ වටිනාකම. සමහර අය කතා කරනවා ජාත්‍යාන්තරවාදය ගැන. ජාතීන් හැටියට එකතුවීම ගැන. එතකොට ඒවට වැඩිය කොයිතරම් උසස් මට්ටමකද තියෙන්නේ විශ්වාන්තරවාදය. ජාතියට පේ‍්‍රම කිරීමටත් වැඩිය ජාත්‍යාන්තරවාදයටත් වැඩිය විශ්වාන්තරවාදය හොඳයි. මමත් එක් යුගයක මාක්ස්වාදියෙක්. මාවෝවාදය, මාක්ස්වාදයට මේ නූතන යුගයේ පහළවන නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධිලා, තෙරේසා මව්තුමියලා මේ අය ගැන ඒබ‍්‍රහම් ලින්කන්ලා ගැන අපි කතා වෙනවා. ඒගොල්ලෝ මේ මානව වංශයේ විමුක්තිය වෙනුවෙන් සේවය කරපු ප‍්‍රගතිශීලි අය. මම හිතන්නේ ඒ සියල්ලටම වඩා මේ නූතන ලෝකයේ ඒ අය කරන ප‍්‍රකාශ වලට වඩා මීට අවුරුදු දෙදහස් පන්සීයයකට වඩා පෙර මෙම මතවාදය මේ අයුරින් දේශනා කිරීමට බුදුන්වහන්සේ මොනතරම් ලෝකෝත්තර, විශ්වාන්තර, උත්තරීතර දර්ශනයක් දැක්මක් තිබුනද කියන එක ගැන අපිට ඉතා පැහැදිලියි.

අද අපේ රට ඉස්සරහට ගෙනයන්න දර්ශනයක් තියෙනවද, බොහෝ දේශපාලඥයන්ට අද මතවාදයක් නෑ. තියෙන්නේ පුද්ගල, පංචස්කන්ධ ප‍්‍රතිරූප වන්දනාව පමණයි. ක`ද, බඩ, උස, මහත, හිනාව, ලස්සන, කථිකත්වය තමයි. මගේ කුඩා කාලයේදි තරුණ කාලයේදී අපට දේශපාලන මාතවාදී අරගලයක් තිබුනා. ධනවාදයද, කොමියුනිස්ට් වාදයද, මාවෝවාදයද, ස්ටැලින් වාදයද මේ වගේ වාද පිළිබඳ අපි විශාල විවාදයක යෙදුණා. අද දේශපාලන වේදිකාවේවත් රටේ කොතනකවත් මතවාදී අරගලයක් නෑ. කියන්න මතයක් නෑ. මතවාදයක් නෑ. දර්ශනයක් නෑ. දෘෂ්ටියක් නෑ. ඒ සියල්ලම කඩා හැලෙද්දී නැවතත් ඉතුරු වී ශේෂ වෙමින් පවතින්නේ බුදු දහමේ මතවාදය දර්ශනය පමණයි.

මාක්ස්වාදය බොහෝම ශ්‍රේෂ්ඨ විදියට එක්තරා යුගයක පිළිගත්තා. නමුත් දැන් ඒකත් කඩා වැටිලා. අපේ ඉතිරිව පවතින්නේ යල් පනින්නේ නැති, කවදාවත් පරදින්නේ නැති මහා ධර්මය තමයි බුදු දහම. මේ බුදු දහම ගැන මම එහෙම කතා කළේ බුදු දහමේ කයිවාරුව ආඩම්බරයෙන් පෙන්නලා අන්‍ය ආගම් පහත් කරන්න නෙමෙයි. මම එහෙම බුදු දහමේ වටිනාකම කතා කෙරුවේ සිංහලයාගේ වටිනාකම කියලා ද්‍රවිඩ අයගේ අඩුපාඩුකම් කියන්න නෙමෙයි.

සිංහල බුද්ධාගම කියනවට මම විරුද්ධයි. ද්‍රවිඩ බුද්ධාගම කියනවට මම විරුද්ධයි. සිංහල බුද්ධාගම, කොරියන් බුද්ධාගම, චීන බුද්ධාගම කියා බුද්ධාගමක් නෑ. මේ සියලූ මානව වර්ගයාටම තියෙන්නේ එකම ධර්මයයි. ඒකේ අතරමැද වර්ගීකරණයක් නෑ. ඒ නිසා මේ ධර්මය අද භික්ෂුන් වහන්සේලා ඉදිරියට ගෙනයන කොට මේ රට සමඟි කල හැක්කේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවලට නොවේ. මේ රටේ තියෙන දේශපාලන පක්ෂ වලට නෙමේ. සියලූම මනුෂ්‍යන්ට එකසේ සළකන බුද්ධ ධර්මය මේ සියලූ දෙනාම සමඟි කරවන සමඟි බැම්ම බවට පත්කළ යුතුයි කියන එකයි මම දරන අවංක විශ්වාසය.

ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාගේ ආගමනය අපි දකින්නේ මහා ප‍්‍රාතිහාර්යයක්, මහත් විස්කමක්, හාස්කමක් සහ ජනතාව අපෙක්ෂා කරපු ඉතා වැදගත් දෙයක්. මම මීට ඉස්සෙල්ලා අපේ අස්ගිරි නායක ස්වාමීන් වහන්සේ උතුරට වැඩම කරපු වෙලාවේ කිව්වා මහා ඉඩෝරයක් තිබුණු වෙලාවේ පතිත වෙච්ච මොරසූරන වරුසාවක් කියලා. ඔබ වහන්සේලාගේ ගමනත් උතුරටත්, දකුණටත්, මුලූ ලෝකයටත්, ජාත්‍යාන්තරයටත් හොඳ පණිවිඩයක් ගෙන යයි. මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ උතුරේ යාපනය රෝහලට වැඩම කරලා සියක් නමකගේ ලේ දන්දී ගියා. මේ රටේ ද්‍රවිඩ ජනතාවගේ ශරීර සුවපත් කරන්න. කිසිම භේදයකින් තොරව. ඒක මේ ප‍්‍රදේශයේ ජනතාවගේ සිත් සසල කළා. මෙතෙක් තිබුණු වැරදි මත නිවැරදි කරන්න කතාව, කයිවාරුව වෙනුවට ක‍්‍රියාදාමයෙන් ඒක පෙන්වලා දුන්නා. උන්වහන්සේගේ ඒ ගමන මම සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන් හා ආදරයෙන්. මේ ප‍්‍රදේශවල පීඩිත ජනතාව දේශගුණයෙන් පීඩා විඳිනවා, දේශපාලනයෙන් පීඩා විඳිනවා, කුලභේදයෙන් පීඩා විඳිනවා. මේ ප‍්‍රදේශයේ ජනතාව අනන්ත අප‍්‍රමාණ දුක් වේදනා විඳින ජනතාවක්. ඒ වගේම ඔබ වහන්සේගේ මේ ගමන තුළින් ඔවුන් ඉල්ලා සිටින්නේ සමානාත්මතාවය වගේම ඔබ වහන්සේලා මැදිහත් වෙලා මේ අයව නගාසිටුවන්න කියන එක.

ඔබ වහන්සේ මේ දෙන ආදර්ශය පිළිබඳව පාද නමස්කාරයෙන් යුතුව ඉල්ලා සිටින්නේ නැවත නැවතත් මේ ප‍්‍රදේශයට වැඩම කරන්න කියා. ඔබ වහන්සේලා සිංහලයෝ දාහක් පැමිණෙනවාට වඩා ඔබ වහන්සේලාගේ ආගමනය උතුරේ ජනතාවගේ සිත් වෙනස් කරන්න ඉතාම අදාල වෙනවා කියන එකයි මගේ හැගීම. ජේ ආර් ජයවර්ධන මහතා මුලූ ලෝකයේම ප‍්‍රචලිත වුනේ ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ’ කියන බුදු වදන ජපානය සම්බන්ධයෙන් ආදේශ කර කතා කල වේලාවේයි. ඒක ඔවුන්ට හරි අමුතු දෙයක් වුනා.

මම ඉල්ලා සිටින්නේ අතීතයේ වුනු සියලූ දේ අමතක කර දමලා සමාව දෙමු කියන එක. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා තමාව ඝාතනය කරන්න ආව පුද්ගලයාටත් සමාව දුන්නා. නිදහස් කලා. ඒක අපේ බුදු වදනට සම්පූර්ණයෙන් එක`ගයි.

ඒ නිසා මම ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී පහුගිය කාලයේ වුනු සියලූ දේ අමතක කර දමා සියලූ වැරදි වලට සමාව දී අලූත් ලෝකයක් ගොඩනගන්න බුදු වදනට අනුව කටයුතු කරන්න සූදානම් වෙමු කියායි.

මෙම ස්වර්ණ ජයන්ති උත්සවයට සමගාමීව පඤ්ඤසීහ විද්‍යාලයට ධර්ම විජය පදනම මඟින් මෙම පුස්තකාල ගොඩනැගිල්ල පරිත්‍යාග කරනු ලැබූ අතර අමරපුර මහා සංඝරත්නය සහභාගි විය. උතුරු පළාත් යුධ හමුදා ආඥපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

– වජිර කොඩිතුවක්කු

10,779 Viewers

8 Comments to “‘සිංහල බෞද්ධ’ කියනවාට මං විරුද්ධයි.. එහෙම බුද්ධාගමක් නෑ..”

  1. kusum says:

    ආගම් කාරයෙකුට බෞද්දයා කටයුතු කලයුත්තේ කොහොමද කියල කියන්න තියෙන අයිතිය මොකද්ද ?

  2. පිස්සු හුටං says:

    මුට පිස්සුද කොහෙද බං. දොඩවනවා.

  3. siraa says:

    ගොනෙක් නෙමෙයි නපුංසකයෙක්, හම්බයගෙන් සල්ලි කීයක් හරි ලැබිල, සිංහල බෞද්ධ රට මේක

  4. සිසිරාණු says:

    අම්බුදයක් ගහගෙන පැනපන් ලිඳක තට්ටයා

  5. සිසිරාණු says:

    අම්බුඩයක් ගහගෙන පැනපන් ලිඳක තට්ටයා

  6. visu says:

    මුට ජාතියක් ජම්මයක් නැති වුනාට…….. අපිනම් සිංහල බෞද්ධයෝ

  7. chandana kariyawasam says:

    demala bhashawa katha karana ayata boudhdha dharmaya kepa nethida?

  8. anuradha says:

    Deshapaalu Bana Apita EPAA !!!

Main News