සියදිවි හානි වැඩි වීම නවතන්නැයි පාගමනක්

September 12, 2018 at 2:03 am | lanka C news
සියදිවි හානි වැඩි වීම නවතන්නැයි පාගමනක්

ලෝක සියදිවි හානිකරගැනීම් වැලක්වීමේ දිනයට සමගාමීව උතුරු පලාතේ ජනතාව විවිධ ගැටලු හේතුවෙන් සියදිවි හානිකරගැනීම් දිනෙන් දින වැඩි වීමෙ අවධානමක් පවතින හෙයින් එය මැඩපැවත්වීමට සියලු දෙනා එක්වන්නයි ඉල්ලමින් (11) වව්නියාවේ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් පැවත්වුණි.

මානසික සෞඛ්‍ය සමාජය හා සාමාජීය සංසදය මගින් මෙම පාගමන සංවිධානය කොට තිබූ අතර පාගම වව්නියවා ප්‍රාදේශීය  සෞඛ්‍ය කාර්යාලයෙන් ආරම්භ වී වව්නියාව නගරය පුරා ගමන් කරනු ලැබීය.

පාගමන වෙනුවෙන් මානසික වෙවද්‍යවරුන් ඇතුලු රෝහල කාර්ය මණ්ඩලයද හෙද හෙදියන් හා පාසල් දරු දැරියන්ද සාමාන්‍ය වැසියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

උතුරු පලාතේ මේ වන වට මත් උවදුර හිස ඔසවා ඇති බවටත් මත් උවදුර ඇතුලු විවධ හේතූන් නිසා සියදිවි හානි කරගැනීමේ ප්‍රවනාතාවයන් වැඩිවීම හැරෙන්නට කිසිදු අඩුවක් දක්නට නොමැති බවට විරෝධතා කරුවන් කියා සිටියහ.

එමෙන්ම මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේද මේ වසරේ (2018) 20 කට අධික පිරිසක්සෙියදිවි හානිකරගෙන ඇති අතර වසරින් වසර වැඩිවීමේ ප්‍රවනතාවයක් පවතින හෙයින් කිසියම් පුද්ගගයෙකුට හෝ දන්නා අයෙකුට විසඳාගත නොහැකි ගැටලුවක් ඇත්නම් වහාම වගකිවයුතු පාර්ශවයන් හට යොමු කිරීමෙන් සියදිවි හානිකරගැනීම් වලක්වා ගත හැකි බවටත් ඒ සඳහා ජනතාව දැනුවත්ව සිටිය යුතු බවටද විරෝධතා කරුවන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

554 Viewers
Main News