සියල්ල මගහැර විජයකලා රට පනින්න සූදානම්..

July 11, 2018 at 2:10 pm | lanka C news
සියල්ල මගහැර විජයකලා රට පනින්න සූදානම්..

කාන්තා හා ලමා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් 2018.07.02 දින යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී එල්ටීටීඊ සංවිධානය යලි ගෙනඒමයි අපේ අරමුණ ලෙසින් සිදු කරන ලද ප්‍රකාශයට එරෙහිව 2018.07.03 දින පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානය වෙත සිදුකරන ලද පැමිණිල්ලට අදාළ සාක්ෂි සටහන් කරගැනීම පිටකොටුව මිහිඳු මාවතේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ දී සිදු කෙරුණි.

එම කටයුත්තෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා

‘විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකරන ලද පැමිණිල්ලට අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම  සිදුකෙරුණා. අපට ලැබී ඇති තොරතුරු වලට අනුව නම් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය විදේශගතවීමේ ආසන්න අවස්ථාවක සිටින්නේ. ඒ නිසා අපි අදාළ පොලිස් අංශවලින් ඉල්ලා සිටියා එතුමිය විදේශ ගත වුවහොත් එය මෙම පරීක්ෂණවලට බාධාවක් වන බැවින් ඉතා ඉක්මනින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන, තවදුරටත් කල් මැරීම සිදු නොකර මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව .

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට ශක්තියක් වෙමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරන්නට ආණ්ඩුවට එකතු වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය යුහුසුළු වුණා එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන්න. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් වන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය එල්ටීටීඊය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් එම සංවිධානය ප්‍රවර්ධනය කරමින් ප්‍රකාශය සිදුකරන අවස්ථාවේ ඇයගේ සාමාජිකත්වය අහෝසි කරන්නට එක්සත් ජාතික පක්ෂයට අද කොන්දක් නැති වෙලා තිබෙනවා.

ඒ වගේම දිගන ඇතිවූ සිද්ධියේදී එකසිය පස් දෙනෙකු පමණ පිරිසක් සෘජු සාක්ෂි නොමැතිව මාස පහක පමණ කාලයක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට සිටිනවා.නමුත් ත්‍රස්තවාදයත් ජාතිවාදයත් අවුලවමින් සිටින විජයකලා මන්ත්‍රීවරිය අදටත් නිදැල්ලේ සිටිනවා.

අපි අහනවා කෝ රටේ ක්‍රියාත්මක වන නීතිය කියලා. ඒ වගේම විජයකලා මහේෂ්වරන් මන්ත්‍රී තුමියගේ මේ ප්‍රකාශයට තටු ලබා දෙමින් ඇයගේ ප්‍රකාශය නැවත වරක් අනුමත කරමින් විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති තුමා ප්‍රකාශයන් නිකුත් කරද්දී අද උතුරේ ගිනි ගනිමින් පවතිනවා. උතුරේ කළු කොටි සැමරුම් පවත්වනවා. උතුරේ තැන තැන ආයුධ හමු වෙනවා. උතුරේ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවනවා. නමුත් ආණ්ඩුව මරනින්දේ.

අපි අනතුරු අඟවනවා මේ ආණ්ඩුවට ඔවුන්ගේ මේ දිගු නිද්‍රාව මේ රටේ භයානක අනතුරකට අත වැනීමක් බවට’

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර මහතා සහ නීති ලේකම් රෝහණ තල්පාවිල මහතාද සහභාගී විය.

– අරවින්ද අතුකෝරල

10,511 Viewers

2 Comments to “සියල්ල මගහැර විජයකලා රට පනින්න සූදානම්..”

  1. LION says:

    Racist bloodthirsty LTTE Tamil terrorism must be stopped…Tamil diaspora stop funding terrorism
    BAN TNA & LTTE terrorist groups who are supporting terrorism in our Motherland
    Arrest this woman Vijayakala …Yahapalanaya why supporting north terrorist tamil politicals ?
    Action must be taken to protect,Sri Lankan citizens from LTTE terrorism and to stop acts of terror before it happen again

  2. Saradiel says:

    දිගන ඇතිවූ සිද්ධියේදී එකසිය පස් දෙනෙකු පමණ පිරිසක් සෘජු සාක්ෂි නොමැතිව මාස පහක පමණ කාලයක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට සිටිනවා.නමුත් ත්‍රස්තවාදයත් ජාතිවාදයත් අවුලවමින් සිටින විජයකලා මන්ත්‍රීවරිය අදටත් නිදැල්ලේ සිටිනවා.
    හේතුව ඇය UNP මන්ත්‍රී වරියක් වීමද ? මොකද්දමේ රටේ නීතිය ? රටක නිතිය සැමටම පොදුවිය යුතුයි ..විජයකලාට මොකද්ද මේ විශේෂත්වය ? ඇය ප්‍රසිද්ධියේ LTTE ත්‍රස්තවාදය ඇතිකළ යුතු බව පැවසීමද ? .ජාතිය දෙමළ වීමද ? අගමැති .ජනපති ,පොලිස්පති උතුරේ දේශපාලකයන්ට බයද ?
    උතුරේ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවනවා. නමුත් ආණ්ඩුව මරනින්දේ ලැජ්ජයි යහපාලනය විලි ලැජ්ජයි
    සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරවා ගෙදර යන්න
    පිවිතුරු හෙළ උරුමයට අපේ ප්‍රණාමය
    පිවිතුරු හෙළ උරුමයේ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර මහතා සහ නීති ලේකම් රෝහණ තල්පාවිල මහතාට
    අපේ ප්‍රණාමය ස්තුතිය පුදමු

Leave a Comment

Main News