සියළුම ඖෂධ වර්ගවල මිල 2020 වනවිට අඩු කරනවා..

April 17, 2017 at 2:06 am | lanka C news
සියළුම ඖෂධ වර්ගවල මිල 2020 වනවිට අඩු කරනවා..

සියළුම ඖෂධ වර්ගවල මිල 2020 වනවිට අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවෙ සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. යාපනය ග්‍රීන් ග්ලාස් හෝටලයේ දී සැසිවාරය පසුගියදා පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් පසු ඔසුසැල් හිමියන් මුහුණ දී ඇති ගැටළු අවම කිරිමට පියවර ගන්නා බවයි. ඔවුන්ගේ ලාභාංශ අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ඊට පිළියමක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි ඖෂධ අලෙවි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එහිදී සියයට 18 ක වෙළෙද වාසියක් ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස තමන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි සභාපතිවරයාට දැනුම් දුන් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. තවද ඉදිරියේ දී හෘද සැත්කම් සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කිරීමටත්, පෞද්ගලික රෝහල් නියාමනය කිරීමටත් තමන් පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ජනතාවට සහන සැළසීම අගය කරමින් සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සම්මානයක් ද පිරිනමන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

1,356 Viewers

2 Comments to “සියළුම ඖෂධ වර්ගවල මිල 2020 වනවිට අඩු කරනවා..”

  1. shantha dissanayake KURUt says:

    hikis

  2. Boo says:

    ක්‍රෝටන් කොළ කකා 2020 වෙනකල් පන පිටින් හිටියොත් ඔන්න බොලේ ලාබෙට බෙහෙත් කක්කුස්සි කටාගෙන් ! හුරේ !

Main News