සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..

January 3, 2018 at 12:06 am | lanka C news
සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..

‘වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල’ යයි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය සදහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සදහන් කලාය.

“මෙතනට ආපුවහම තමයි පේන්නේ අපිට කොයි තරම් හමුදාවක් ඉන්නවද කියල. CPC එකේ 3000ක් ඉන්නවා. CPSTL එකේ 2700 ක් පමණ ඉන්නවා. තවත් මේකට එන්න දවසකට කීදෙනෙක් අපිට කතා කරනවද ? ඇමතිතුමාටයි මටයි තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඩිමාන්ට් එක තියෙන්නේ. එක්කෝ ෂෙඩ් එකක් ගන්න පස්සෙන් එනවා. නැත්නම් රස්සාවට දාගන්න කවුරුහරි පස්සෙන් එනවා.

කෙසේ හෝ අපි ආපු ගමන ගැන මම සතුටු වෙනව වගේම තවත් අඩුපාඩු තියෙනවා‍. අපිට මීට වඩා ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියල මම හිතනවා. ආයතනය රජයේ කියලා කිවුවට අපි ඇත්තටම වැඩ කරන්න ඕන පෞද්ගලික ආයතනයක් වගේ.

මට වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල. මොකද මමත් රජයේ ආයතනයක වගේම පෞද්ගලික ආයතනයකත් වැඩ කරල තියෙනවා. එතැනදි මම දකිනවා කාර්යක්ෂමතාව කියන එක කොයිතරම් වටිනවද කියල.

මේ අවුරුද්දේ මමත් ඇමතිතුමත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් එකතු වෙලා බලාපොරොත්තු වෙනවා හොඳ කාර්යක්ෂමතා සේවයක් පවත්වාගෙන යනවා සේම නැවතත් තෙල් අර්බුදයක් ඇති නොවෙන්න කටයුතු කරන්න. මොකද මෙතැනදී ඇතුලෙම වැඩ කරන අයගෙන් තමයි SMS පණිවුඩ ගිහිල්ලා පසුගිය කාලේ තෙල් අර්බුදය පටන් ගත්තේ. ඒක නිසා තමයි අපිට හිතට අමාරු. ඒ වගේම රජයේ සේවය කරන්න අපිට පිනක් අපිට උත්පත්තියෙන්ම ලබා දීල තියෙනවා. රජයේ සේවකයෝ කී දෙනාද ඉන්නේ. ඒ නිසා තමන්ගේ සේවය හරියට කරන්න…. ”

මෙම උත්සව අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාද එක් විය. ඔහු අවධාරණය කළේ දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට විෂය භාර අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය දුන් සහයෝගය මහත් සේ අගය කරන බවයි. පසුගිය මාස හයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මහත් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

8,351 Viewers

10 Comments to “සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..”

  1. චේතියසේන says:

    බොලඳ කතා!
    විකට සිනා!

    • Puravasiya says:

      Parlimenthuvath pudgalika karanaya vela neva. UNP & Co, SLFP Sira & Co, TNA & Co, MC & Co, JVP & Co, INGO & Co, NGO & Co etc. etc. companivalata kamathi vidiyata neva ethana siyaluma vada kerenne. Ehema nathuva rate mahajanathaavage paramadhipathya anuva nevi neva.

  2. ඇත්ත says:

    තිගෙ හස්බන්ඩට ගන්න කියාපිය….

  3. Trumph says:

    අනිවාර්යයෙන්ම මෙතුමියගේ මෙම අදහසට සීයට දෙසීයක් අපි එකගය.

    නිදහස් අධ්‍යාපනය කියන බොරුවද තවදුරටත් පුද්ගලික කරණය කල යුතුය.
    රාජ්ය දෙපල නම්න් මහජනතාව මත බර පටවා නිකමුන් පොෂණය කිරීම නැවැත්විය යුතුයි.
    නිෂ්පාදනය වැඩි කර වක්‍ර බදු ඉවත් කර ඍජු බදු ක්‍රමය ඇතිකල යුතුමය.

    • Kings says:

      මමත් පෞද්ගලික ආයතන කිහිපයක වැඩ කරන කෙනෙක්. ඒ හැම එකකම කාර්යක්ෂමතාව ඉහලයි. හැම සේවකයෙක්ම වැඩ කරන්නෙ ආයතනය තමන්ගෙ කියල හිතාගෙන. ඒ වගේම හැම කෙනාටම ටාගට් එකක් තියෙනව. වසර අවසානයෙදි බෝනස් දෙන්නෙ, උසස්වීම් දෙන්නෙ, වැ‍ටුප් වැඩි වෙන්නෙ ඒව ඇගයීමට ලක් කරල. ඒ ක්‍රමය රාජ්‍ය අංශයටත් හඳුන්වා දෙන්න ඕනෙ.
      අනිත් කාරනය, නිදහස් අධ්‍යාපනය නැති කරනවට නම් මම අකමැතියි. මොකද, අපි සේරම මේ තත්වයට ඇවිත් ඉන්නෙ ඒ නිසා. නැතිනම් අද ඉන්න උසස් නිලධාරීන්ගෙන් සියයට 95 ක්ම අද තමන්ගෙ ගම්වල කුඹුරු කොටනව. එහෙම නැත්නම් කුලී වැඩ කරනව. ඔයාත් සමහර විට එහෙම තමයි.

  4. ARAWINDAC says:

    mulu aanduwama ,ALOSIYASLATA, wikunala raajya vaayathana gena monawada me kiyanne,,,?

  5. Niru says:

    Yes then your husband can stop stealing other peoples ideas and business projects and concentrate on making money out of us. However there is one question though. What is the use maintaining you asses and donkeys with public funds.

  6. Janu says:

    එතකොට තොපි වගේ එවුන්ට පිං පඩි දෙන්න රජයට මුදල් කොහෙන්ද?? ණය අරගෙන තමයි උඹලව නඩත්තු කරන්න වෙන්නේ

  7. අරුණ says:

    පාර්ලිමේන්තු ගොඩනැගිල්ලත් සංචාරක හෝටලයකට විකුණමු නේද…..නැන්දා..?

  8. Jonaa'S Brother says:

    ඔහේම යනකොට මුන් අම්මගෙ රෙද්දත් විකුනගෙන කාවි, එකත් මදිනම් ඇඟත් විකුනපිය බොලව්

Main News