සියළුම වතු රෝහල් සංවර්ධනය කරයි…

January 31, 2017 at 2:05 am | lanka C news
සියළුම වතු රෝහල් සංවර්ධනය කරයි…

සියළුම වතු රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

වතු රෝහල් සංවර්ධනය කිරීමෙන් රෝහල්වල තදබදය අවම වන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන්ම පළාත් සභා යටතේ පවතින වතු රෝහල් සංවර්ධනය කිරිම 2017 වසරේ අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවෙි දී අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. දිවයින පුරා පිහිටි වතු රෝහල් 20 ක් සංවර්ධනය කිරීම සදහා 2016 වසරේ දී මිලියන 410 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කර ඇත. තවද පර්යන්ත රෝහල් සංවර්ධනය කිරීම යටතේ බාහිර රෝගී අංශය, ප්‍රතිකාර වාට්ටු 02 ක් සහ ගිලන් රථයක් එම රෝහල්වලට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගිලන් රථ 250 ක් සහ කැබි රථ 150 ක් මිලදි ගැනීමට නියමිත අතර, ඒවා පළාත් සභා රෝහල්වලට ද ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු විය.

තව ද ආයුර්වෙිද ඔසු උයන් සංවර්ධනය කිරීමට ද මෙහිදී සාකචිඡා කෙරුනි. නිකවැරටිය ඔසු උයන මෙි වනවිට සංවර්ධනය කර ඇති අතර, උතුරුමැද පළාතේ සියළුම වියළි ඖෂධ වර්ග මිලදි ගැනීමට ආයුර්වෙිද ඖෂධ සංස්ථාව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙි. එම වැඩපිළිවෙල ඌව පළාතේ ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වෙිද ඖෂධ සංස්ථාවෙි සභාපති ලාල් සමරසිංහ මහතාට දැනුම් දෙන ලදි. හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 100 ක ඔසු උයන ද සංවර්ධනය කිරීම පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි.

– නිපුන් ඒකනායක

710 Viewers
Main News