සියළු කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උපවාස..

October 1, 2018 at 12:40 pm | lanka C news
සියළු කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උපවාස..

මෙරට සියලු බන්ධනාගාර තුළ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන නියෝජිතයින් හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් අද (01) වවුනියාව දිස්ත්රිමක් ලේකම් කාර්යාලය ඉදිරිපස උපවාසයක නිරත විය.

කිසිදු නඩු විභාගයක් නොපවත්වා දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින සියලු දේශපාලන සිරකරුවන් වහාම රජය මැදිහත් වි නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් මෙම උපවාසය සංවිධානය කොට තිබේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුව හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් උපවාසය සංවිධානය කොට ඇත.

විරෝධතාවයට එක්වු පාර්ලිමේන්තු මන්ත්රි  ශිවශක්ති ආනන්දන් මහතා පැවසූවේ ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් ගත වුවත්  යුද්ධයෙන් පසුව වසර 09 ක් ගත වුවත් වසර ගණනාවක් පුරාවට ලංකාවේ බන්ධනාගාර තුළ කිසිම නඩු විභාගයකින් තෙරව දේශපාලන සිරකරුවන් සිරගතව සිටින බැවින් රජය සෑම අවස්ථාවකදීම දේශපාලන සිරකරුවන්ගේ ගැටලුවේදී මග හරින් බැවින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටත් එසේ නොවන්නට උතුරු නැගෙනහිර සියලුම ජනතාව රජයට බලකරමින් නැගී සිටිමට සංවිධානය වන බවටද කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,618 Viewers

One Comment to “සියළු කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උපවාස..”

  1. LION says:

    මිනීමරු ත්‍රස්ත වාදීන්ට දේසපාලන සිරකරුවන් කියන්නේ මොන මොඩයද?

Main News