සියළු ලෝක කුසලාන තරගාවලි ගැන පරීක්‍ෂණ ඔ්නෑ..- සංගා තවත් තුරුම්පුවක් අදී..

July 14, 2017 at 10:12 pm | lanka C news
සියළු ලෝක කුසලාන තරගාවලි ගැන පරීක්‍ෂණ ඔ්නෑ..- සංගා තවත් තුරුම්පුවක් අදී..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරුවා කවුරුන් වුවත් ඔවුන්ට “එකපාරටම මැජික් පෙන්විය නොහැකි” බව පවසන කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර, මීළඟ ලෝක කුසලානය අරමුණු කරගෙන හෝ නිසි සැලසුමකින් තොරව ක්‍රීඩාව දියුණු කළ යුතු බව පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එන මාසේ ගොඩ එන්න බෑ අපිට. එන මාසේ දිනන්න කියල අපි ක්‍රීඩකයන්ට ඇඟිල්ල දික්කරල බැන්නට වැඩක් නෑ. මේක සියලු දෙනාම ඉවසීමෙන් යන්න ඕන ගමනක්,” යනුවෙන් ද කුමාර් සංගක්කාර පවසයි.

කණ්ඩායමේ මීළඟ පුහුණුකරු කවුරුන් දැයි තීරණය කිරීම ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ඇතුළු ක්‍රිකට් බලධාරීන් සතු වගකීමක් බව සඳහන් කළේය.

බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉතා දක්ෂ පුහුණුකරුවකු බව කුමාර් සංගක්කාර ගේ අදහසය. එමෙන්ම මහේල ජයවර්ධන ද දක්ෂ පුහුකරුවෙකු බව ෆේස්බුක් අඩවිය ඔස්සේ යොමු කෙරුණු ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළ සංගක්කාර, ආරාධනාවක් ලැබුනහොත් එවැනි පදවියක් භාරගන්නේද යන්න ඔවුන්ගේ තීරණයක් බවත් සඳහන් කළේය.

ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමුගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා, ඉන් අනතුරුව පුහුණුකරුවෙකු හෝ පරිපාලකයෙකු ලෙසින් ක්‍රීඩාවේ වෙනත් අංශයකට සම්බන්ධ වන්නේ ද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් සඳහන් කළේය.

2011 ලෝක කුසලානයේදී ඔහුගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මහා තරගය පරාජය වූයේ මන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ සංගක්කාර කියා සිටියේ, තමන් ද එය අනුමත කරන බවය.

එපමණක් නොව සැකයක් පවතින්නේ නම් අනෙක් ලෝක කුසලාන පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බවත් ඔහු පැවසීය.

ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්, ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය සහ 2011 ලෝක කුසලානය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර හිටපු නායකයන් දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් ඇවිලී තිබිණ.

කෙසේ නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ පකිස්තාන සංචාරය පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ තමන් අර්ජුන රණතුංග හෝ වෙනති කිසිවෙකු නමින් සඳහන් නොකළ බව කුමාර් සංගක්කාර අවධාරණය කරයි.

ක්‍රීඩකයන් දස දෙනෙකුගේ පමණ කළමනාකරු ලෙසින් ක්‍රියාකරන චාලි ඔස්ටින් සහ ඔහුගේ ව්‍යාපාරික සහකරුවන් යැයි ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දෙන ලද මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කණ්ඩායම තේරීමට “ඇඟිලි ගසන” බවට එල්ලවන චෝදනා ද සංගක්කාර තරයේ ප්‍රතික්ෂේප කළේය.

– BBC

13,867 Viewers

7 Comments to “සියළු ලෝක කුසලාන තරගාවලි ගැන පරීක්‍ෂණ ඔ්නෑ..- සංගා තවත් තුරුම්පුවක් අදී..”

  1. Nuwan says:

    ක්‍රිකට් කියන්නෙම හොරකමක්…

  2. sam says:

    චාලි ඔස්ටින් ගැන අපි දන්නේ නෑ ….

    හැබැයි 2011 world cup එකට ඔයා එක්දින තරග 35ක් වත් ගහලා නැති තිලාන් සමරවීරව දාගත්තා …. ඔහුගේ වැඩිම එක්දින ලකුණු තිබුනෙත් තිස් ගණනයි …. කිව්වෙනම් ඔහු අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් නිසා ගත්තා කියලා ….. එත් පත්තර වලින් එලිකලා ඇත්ත මොකක්ද කියලා …. ඒ තිලාන්ගේ අත්දැකීම් වලට වඩා ඔයාගේ දරුවෝ දෙන්නා බලාගෙන තිලාන්ගේ බිරිදගේ performance තමයි මෙතැනදී වැදගත් වෙලා තිබුනේ කියලා ………

    මහේල කියනවා ….. 2006දී අමතර ක්‍රීඩකයෙක් ඇමති වරයා එංගලන්ත සංචාරයට එවුවා කියලා … ඔයාලා සනත් වගේ ජෙෂ්ට ක්‍රීඩකයෙක්ට කරපු කෙනෙහිලිකම් සහ වෙනස්කම් වල ප්‍රතිපලයක් විදියට තමයි ඇමතිවරයාට එහෙම කරන්න උනේ …. අන්තිමට ඒ තරගාවලියේ විශිටම ක්‍රීඩකයා උනේ සනත් … අනිත් ක්‍රීඩකයා මාවන් …. ඒ තරම් තාක්ෂණයෙන් පිරිපුන් ලස්සන පහරවල් තියන ක්‍රීඩකයෙක් ලෝකයේම හිටියද කියලත් සැකයි … ඩිල්ෂාන්ට කරපු කුපාඩිකම්මුත් අපි දන්නවා …. ඉස්සර ඉයන් බෝතම්ට කිව්වේ මේ මනුස්සයා එංගලන්තේ ක්‍රිකට් වලදී නොකළේ කඩුලු රැකීම පමණයි කියලා … එත් දිල්ෂාන් ලංකාවට එකත් කළා …

    බොරුවට ටයි කෝට් ගහලා … මහත්වරු වෙන්න ගියාට … ඔයාල ලග මහත්මා ගති නෑ කියලා රටම දන්නවා ….

  3. හොරාගෙ බාප්පා says:

    බුකියො කියන්නෙ උපතෙන්ම ගේම් කාරයොය්. ලංකාවෙ ක්‍රිකට් සභාපති බුකියෙක් නම් තවත් මොන බම්බු කතාද.

  4. SAD TRUTH says:

    ඔබලාට මේ දෙකේ සමානත්වයක් පේනවද මහත්වරුනේ……….

    1.) ක්‍රිකට්…..
    ටයි කෝට් දාගෙන මහත්තයෙක් වගේ හිටියට විදේශීය චාලි ඔස්ටින්ගේ ඉත්තෙක්.
    හැප්පෙනනේ රටට ලෝක කුසලානය ගෙනත් දීපු නායකයා අර්ජුන එක්ක.

    2.) දේශපාලනේ
    ටයි කෝට් දාගෙන හිටියට දෙමල ඩයස්පෝරාවේ, උපාධි කඩ කාරයින්ගේ ඉත්තෙක්.
    හැප්පෙන්නේ රටට යුධ ජයග්‍රහණය ගෙනත් දීපු නායකයා මහින්දත් එක්ක.

    පුදුම සමාන තාවයක් මට නම් පෙනෙන්නේ…….

  5. ලංකා ලොජික් says:

    මහේල පුහුණුකරු කලොත් චාලි ඔස්ටින්ට ගෙවන අයව ටීම් එකට ගන්න ලේසි වෙනවා.
    කොහොමද ටිකිරි මොලේ………….

  6. ටිකිරා says:

    සම්පූර්ණ සැක සහිතයි අර්ජුන මහත්තයා දැන් හරි ඔය ගැන ඇදල ගත්ත එක සතුටුයි . නමුත් සාක්ශි නම් ඔක්කොම වහලයි තියෙන්නේ . ඕකෙ සාක්ශි හොයලා ඔප්පු කරල ඔය මහ ලොකු ආත්මාර්ථකාමී ක්‍රීඩකයො දෙන්නගෙ රෙදි ගැලෙව්වනම් …. අර්ජුන මහත්තයෝ ඔයා හැමදාමත් මිනිස්සුන් අදහාවි.

  7. mavan says:

    ඔව්, ඔව් සියලු ලෝක කුසලාන තරග පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතුය. විශේෂයෙන් 2003 අවසන් පුර්ව තරගය, ඖස්ට්‍රලියව එක්ක තිබුණු. මේ ගඳ සංගක්කාර, අරවින්දව රන් අඋවුට් කරපු විදිය 100%ම අවිශ්වාසයි.

    The way this fcuking dick head run out Aravinda in 2003 World Cup semi-final against Australia is 100% suspicious.We would have won 2003 World Cup, if this filthy greedy idiot did’t do it. Shame on you shit kicker.

Leave a Comment

Main News