සිරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් විරෝධතාවක…

May 11, 2018 at 2:06 am | lanka C news
සිරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් විරෝධතාවක…

වව්නියාව බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ට බන්ධනාගාරය තුලදී සිදුවන හිරිහැරයන් හා අක්‍රමිකතා වහාම නවතන ලෙසට ඉල්ලා  10 උදෑසන වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේ සියලුම නීතිඥවරුන් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

අධිකරණ ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් නීතිඥ ප්‍රියන්ත කාරිය වසම් මහතා කියා සිටියේ,

‘නීතිය හමුවේ නඩු විභාගයකදී වරදකරුවෙකු වන තෙක් ඕනෑම පුද්ගලයෙකු නිර්දෝසි පුද්ගලයෙකු වශයෙන් සැලකීම ඔහුට සාමාන්‍ය සිවිල් සමාජයේ පුරවැසියෙකු සතු සියලුම අයිතිවාසිකම් වරදකරුවෙකු වන තෙක් ඔහුට තිබේ ඒක තමයි නීතියේ තියන මූලික සිද්ධන්තයක් වන්නේ නමුත් වව්නියාව බන්ධනාගාරයේ සිදුවන නොයෙක් වධ හිංසා පැමිණවීම් ,අල්ලස් ගැනීම් සහ නොයෙක් විෂමාචාර ක්‍රියාවන්ට එරෙහිව විරෝධය පෑමක් වශයෙන් අද අපි අධිකරණය ඉදිරිපිටට රැස් වෙලා ඉන්නවා මේ විශමාචාර ක්‍රියාවන් පිළිබඳව බන්ධනාගාර හා ප්‍රතිශංස්කරන අමාත්‍ය තුමියත් අපි දැනුවත් කරන්න පියවර අරන් තිබෙනවා ඒ වගේම මෛ ක්‍රියාවන් ඉදිරියටත් පවතින්නේ නම් ඉදිරියේදී නීතීඥ සංගමය වශයෙන් මීට වැඩියෙන් දැඩි පියවර ගැනීමට සූදානමින් තමයි ඉන්නේ, යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,875 Viewers

One Comment to “සිරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් විරෝධතාවක…”

  1. NAK says:

    Why only Vavuniya?

Main News