සිරකරුවන් සිව් දෙනෙකු පැනයයි….

August 8, 2018 at 5:30 pm | lanka C news
සිරකරුවන් සිව් දෙනෙකු පැනයයි….

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් වව්නියාව බන්ධනාගාරයේ සිට රැගෙන ගිය බන්ධනාගාර රැදවියන් සිව් දෙනෙකු මුලතිව් අධිකරණ භූමියේදී ඊයේ (07) සවස පැන ගොස් ඇති බව මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුලතිව් පොලීසිය පැවසූවේ මුලතිව් ප්‍රදේශයේ පුද්ගල ඝාතන කිරීම් නඩු දෙකකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු එලෙස මුලතිව් අධිකරණයේදී පැවති නඩු වාරයකට රැගෙන යාමෙන් පසුව පැන ගොස් ඇති බවයි.

පැනගිය සැකකරුවන් සොයා බන්ධනාගාර නිළධාරීන් හා පොලිස් නිළධාරීන් විශේෂ මෙහෙයුමක් ඊයේ සවස ආරම්භ කොට ඇතත් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇත.

පැන ගිය සැකකරුවන් මුලතිව්හි පදිංචි කරුවන් වන බැවින් සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය හා වවුනියාව බන්ධනාගාර නිළධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,971 Viewers
Main News