සිරිකොතේදී කොළපාට මල්මාලා දාගත්තු උන් ශ‍්‍රීලනිපය කෑවා.. දැවැන්ත පක්‍ෂය අද රිමෝට් කොන්ට්‍රෝල් එකලූ..

March 5, 2018 at 1:20 pm | lanka C news
සිරිකොතේදී කොළපාට මල්මාලා දාගත්තු උන් ශ‍්‍රීලනිපය කෑවා.. දැවැන්ත පක්‍ෂය අද රිමෝට් කොන්ට්‍රෝල් එකලූ..

වසර තුනකට පෙර රටේ බලවත්ම පක්ෂය ව තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මුහුණ දී සිටින ඛේදජනක ඉරණමට පක්ෂ සභාපතිවරයා, ලේකම්වරුන් එකහෙළාම වගකිවයුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සිරිකොතට ‍ගොස් කොළ පාට මල්මාලා දාගත් අයට පක්ෂය ගැන සැබෑ කැක්කුමක් තිබිය නොහැකි බව පැවසූ රණතුංග මහතා ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් මීළඟ මැතිවරණයේ දී නිදහස් පක්ෂයට එක ඡන්දයක්වත් නොලැබෙනු ඇති බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ ක්‍රියාකාරීන් සඳහා උඩුගම්පොළ දී පැවැති දැනුවත් කිරීමේ හමුවකට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙලා දැන් සති තුනක් අවසන් වුණත් මැතිවරණයෙන් ඇති කරපු බලපෑම තවම අවසන් වෙලා නැහැ. මේ රටේ ප්‍රධානතම පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තවම සිටින්නේ අන්දමන්ද වෙලා.

එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ඉරණම අත්වුණේ දේශපාලනයට අලුතෙන්ම බිහි වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසයි. ‍පොදුජන පෙරමුණ බිහිවෙලා වැඩිකලක් යන්නට මත්තෙන් ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව අලුතෙන් ලියන්නට සිදුවුණා.

අලුතෙන් පක්ෂ පිහිටුවන අය පාරේ ඇවිද්දනවා කියලා අපිට තර්ජනය කරපු අයට පවා දැන් අපේ පස්සෙන් එන්න වෙලා තියෙන්නේ පොහොට්ටුව කරපු ඒ මහජන විප්ලවය නිසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ විප්ලවය කරපු කණ්ඩායමේ සාමාජිකයකු වන්නට ලැබිම ගැන මම ආඩම්බර වෙනවා.

පොහොට්ටු පිපෙන්නේ නැහැ කිය කියා අපට සමච්චල් කරපු නිදහස් පක්ෂයේ වර්තමාන අයිතිකාරයෝ දැන් ගලේ පහරපු බළලුන්ගේ තත්ත්වයට වැටිලා ඉවරයි. මම දැක්කා සන්ධානයේ මහලේකම්වරයා කියනවා මේ මැතිවරණයේ දී නිදහස් පක්ෂය රිමෝට් ‍කන්ට්‍රෝලය බවට පත් වුණා කියලා.

අපි සන්ධානේ මහලේකම්ගෙන් අහනවා මහත්තයෝ රෙදි ඇඳගෙන ද ඔය කතාව කියන්නේ කියලා. මොකද මෙච්චර කල් මේ රටේ රිමෝට් කන්ට්‍රෝල් එක වුණේ ජනතා විමුක්ති පෙරමුණයි. දැන් මේ කට්ටිය එකතු වෙලා නිදහස් පක්ෂය ජ. වි. පෙ හිටපු තැනට ඇදලා දාලා ඉවරයි.

වසර තුනකට පෙර 2015 ජනවාරි මාසේ 08 වැනි දා ජනාධිපතිවරණය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපතිවරයකු හිටියා. පා‍ර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් පළාත් සභා අටකත් පළාත් පාලන ආයතන බහුතරයකත් බලය තිබුණා.

එහෙම තිබුණු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුණු මෛත්‍රීපාල ජනාධිපතිවරයා වසර තුනකින් මේ තත්ත්වයට ඇදලා දැම්මේ. මේකට ජනාධිපතිවරයා වගේම දැන් ඔය පක්ෂයේ අයිතිකාරයෝ වෙලා ඉන්න දුමින්දලා, මහින්ද අමරවීරලා වගේම ඡන්දෙන් පැරදිලා හොර පාරෙන් පාර්ලිමේන්තුවට ආපු අයත් වගකියන්න ඕනේ.

ජාතික ආණ්ඩු අටමගලක් අටවගෙන නිදහස් පක්ෂය නැත්තට නැති කරලා දැම්මේ මේ අය එකතු වෙලයි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා කියලා මේ අය කළේ බණ්ඩාරනායක මහත්තයා එදා ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලුණු එකයි.

බණ්ඩාරනායක මහත්තයාගේ සහ මැතිණියගේ අහලකින්වත් තියන්න බැරි දෝණියැන්දෙකුත් ඒ පවුලේ ඉන්නවා. ඒ තමයි පක්ෂයත් රටත් යකාට ගියත් කමක් නැහැ තමන්ගේ පළිගැනීම ඉෂ්ඨ වෙනවා නම් කියලා හිතන චන්ද්‍රිකා නෝනා. එතුමිය තමයි මේ සියල්ලේම ප්‍රධානතම වගඋත්තරකාරිය.

අද බණ්ඩාරනායක මැතිතුමා ජීවතුන් අතර හිටියා නම් මේ තක්කඩි රැලට තලන්න මඩු වලිග සියයක් තිබුණත් මදිවෙයි. මේ පාවාදීම කරලා පක්ෂය විනාශ කරපු අය දැන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙලා ආණ්ඩු කරගෙන යන්නේ රෙදි නැතුව කියලා තමයි මම නම් හිතන්නේ.

පහුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට බැන වැදුණු හැටියට නම් මෙයාලට තවදුරටත් රෙදි ඇඳගෙන ඉන්න බැහැ. අවුරුදු තුනේ ජාතික ආණ්ඩුවේ සියලු වැරැදි එක්සත් ජාතික පක්ෂයට දාලා සුද්ධෝදනලා වෙච්ච අය දැන් ආයෙමත් පරණ වැඩේම ආපහු කරගෙන යනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආයෙමත් ඔලුව උස්සන්න මේ අය ඉඩ තියන්නේ නැහැ. මේ අය නිදහස් පක්ෂයේ තනතුරුවල හිටියත් ඇත්තටම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි. සිරිකොතේ ගිහින් කොළපාට මල්මාලා දාගත්තු  අයට පක්ෂය ගැන සැබෑ කැක්කුමක් තියෙන්නේ කොහොමද?

අපි එදා සිටම කිව්වේ සභාග ආණ්ඩු එපා, එක්කෝ ආණ්ඩුවක් හදමු නැත්නම් විපක්ෂයේ ඉමු කියලයි. අපි කියපු දේ නාහ ආණ්ඩු හදලා අන්තිමට පක්ෂය විනාශ කළා. පාක්ෂිකයන් පහුගිය මැතිවරණයේ දී ගහපු කනේ පාරෙන්වත් පාඩමක් ඉගෙන ගන්න ජනාධිපතිවරයාට මොළේ පහළ වෙලා නැහැ.

වෙනදට අපේ පක්ෂය විනාශ කරන්න හැදුවේ රනිල් වික්‍රමසිංහලා. දැන් අපේ පක්ෂයේම අය එකතු වෙලා පක්ෂය විනාශ කරනවා. මේ ජාතික ආණ්ඩුව නිසා තමයි පක්ෂය විනාශ වුණේ. දැන්වත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් මීළඟ ඡන්දෙදි නිදහස් පක්ෂයට එක ඡන්දයක්වත් වැටෙන එකක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

28,077 Viewers

4 Comments to “සිරිකොතේදී කොළපාට මල්මාලා දාගත්තු උන් ශ‍්‍රීලනිපය කෑවා.. දැවැන්ත පක්‍ෂය අද රිමෝට් කොන්ට්‍රෝල් එකලූ..”

  1. rathne says:

    In the last PC election mainly who supported so called SLFP party are because of personal benefit such as jobs, promotions, special benefit, suitable transfer and promises. They did not think of non- divided Sri Lanka, selling assets to overseas and Central bank robbery by Ranil and supporting all by M3.

  2. KADUWELA SILWA says:

    Yes. Real talk Sir.

  3. Saradiel says:

    මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

  4. john the baptice says:

    මෛත්‍රීපාල සිරිසේන යනු රටේ ජනතාව ගැන හෝ යහපාලනය ගැන හෝ හිතන්නෙකු නොව රැට ආප්ප කා එකක් කියා උදේට තව එකක් කරන එකෙකු බව යලි යලිත් ඔප්පු කර තිබේ.රටේ යහපාලනය වෙනුවෙන් කැපවෙන බව පවසමින් රටේ ජනතාව රැවටු මෛත්‍රී මෙදා පාර ජනතාවගේ බඩටම පහරදි තිබේ.

    තමන් යනු පාවා දෙන්නෙකු බවත් රටේ ජනතාවට කියා ඇත්තේ අමුලික බොරු බවත් අඩුම තරමින් දින 100ක් රැක ගැනිමට නොහැකි විම තුල ජනවාරි 8 වැනිදා තමන් ගත් තිරණය සම්පුරණයෙන්ම වැරදි එකක් බව දැන් තහවුරු වි තිබේ.

    තමන්ගේ පළමු අමාත්‍ය මණ්ඩලය ලෙස 25ක් පත්කරන බවට ජනතාවට බොරු දෙසා ඇමති මණ්ඩලය 45ක් පත්කර ගත් අතර අද වන විට එම් ගණන 71 එකද ඉක්මවා තිබේ.රනිල් වික්‍රමසිංහගේ සහ චන්ද්‍රිකා කියින ඔනෑම නාඩගමක් නටන්නට තමන් දෙවරක් නොසිතන බව අද යලිත් මෛත්‍රීපාල ඔප්පුකර හමාරය.

Main News