සිරියානු යුද්දය වහාම නවතනු…- යාපනයේ විරෝධතා..

March 4, 2018 at 2:04 am | lanka C news
සිරියානු යුද්දය වහාම නවතනු…- යාපනයේ විරෝධතා..

සිරියාවේ යුද්දයට විරෝධය පල කරමින් යුද්දයෙන් මිය යන අසරණ දරුවන් ඇතුලු සාමාන්‍ය මිනිස් ඝාතනයන් වහාම නතර කිරීමට සියලු රටවල් එකතු වියයුත බව බවසමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණෙ සමස්තලංකා දෙමළ කොන්ග්‍රසය විසින් වූ අතර මෙම විරෝධතාවට යාපනයේ සාමාන්‍ය වැසියන්ද සහභාගී වී සිටියහ.

විරෝධතාවට එක් වූවන් කියා සිටියේ ශ්‍රීලංකාවද යුද්දයෙන් බැට කෑ රට් වන අතරම යුද්දයේ වැඩිම අත්දැකීම් ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට බැවින් එවැනි වූ අත්දැකීම් ඇති ජනතාවක් විසින් වහාම සිරිවේ යුද්දය නවතා දමන ලෙසට සිදු කරන ඉල්ලීමට අවධානය යොමු කිරීමට සියලු බලවත් රටවල් පියවර ගත යුතු බවටත් සාකච්ඡා මාර්ගයෙන් යුද්දය අවසන් නොකරන්නේ නම අසරණ ජීවිත දහස් ගනනක් මිය යාමට ඇති හෙයින් එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුලු සියලුම රටවල් එක්ව මෙම යුද්දය නැවත්වීමට පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,737 Viewers

3 Comments to “සිරියානු යුද්දය වහාම නවතනු…- යාපනයේ විරෝධතා..”

  1. Gunaruwan says:

    Americawata ona than than wala yudda athi karala loke asthawara karanna kiyala me gollanta kawuru hari kiyala denna. me udgoshane karanna ona Amerika embassy eka langa misak methana neweyi.

  2. Gotaimbara says:

    Ha ha, don’t let the West get involved in any country if you love humanity. See what they did to Iraq and Libya.

    Even the LTTE could have been stopped a long time ago if not for India and the West.

Main News