සීගිරියේ සිංහ රූපය ගැන පර්යේෂණ වෙනම මගකට යොමුවන නිර්මාණයක් උතුරු දිය අගල කැනිමෙන් සොයාගනි…

March 18, 2018 at 12:40 pm | lanka C news
සීගිරියේ සිංහ රූපය ගැන පර්යේෂණ වෙනම මගකට යොමුවන නිර්මාණයක්  උතුරු දිය අගල කැනිමෙන් සොයාගනි…

සීගිරිය උතුරු දිය අගලේ ඇති ජ්‍යමිතික හැඩය හඳුනාගැනීම හා දිය අගල නිර්මාණය කිරීමේ දී භාවිතා කර ඇති තාක්ෂණික  ක්‍රමවේදයන් හඳුනා ගැනීමේ අරමුණින් සිදු කළ කැණීම්වල දී ටෙරාකොටා වලින් සෑදු සිංහ රූපය ඇතුළු පුරා වස්තු හමු වී තිබේ. ඒ අතර පබළු, යකඩ, පුරාවස්තු, ටෙරාකොටා මැටි බඳුන් ඇතුළු පුරාවස්තූන් රැසක් ද වේනබව පැවසේ.

මේවා අතර උතුරු දිය අගලේ සිදු කරන ලද කැනීමක දී  ටෙරාකොටාවලින් සෑදූ සිංහ රූපයක් හමු වීම ත්‍රලින් සීගිරිය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

සිගිරිය පිළිබදව, සියවස් ගණනාවක් පුරා සීගිරියේ සිංහ රුව සම්බන්ධව විවිධ අනුමාන පැවතියත් උතුරු දිය අගලේ තිබී හමු වූ මෙම කුඩා  සිංහ රුපයත් සමඟ සිංහපාදයට ඉහළින් තිබූ සිංහ රූපයේ ස්වරූපය හා වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය ගැන ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන බ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වරයා පවසයි.

දැනට සීගිරියේ සිංහපාද කොටස පමණක් ඉතිරිව තිබුණ ද සීගිරියේ සිංහ රුව කිසියම් මැටි මිශ්‍රණයක් යොදා සකස් කර ඇති බවත් මෙලෙස හමු වූ ටෙරාකොටා වලින්  සකස් කර ඇති  කුඩා සිංහ රුව එහි අනුරුවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත්  මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. කැනීම්වලදී හමු වූ මෙම අනුරුව සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට සිහිවටනයක් ලෙස ලබා දෙන්නට ඇති බවට විශ්වාස කරණ බවද ඒ පිලිබදව පරික්ෂණ කරණ කණ්ඩායම් විශ්වාස කරයි.

කැනීම තුළින් හමු වී ඇති මැටි බඳුන් විදේශීය සම්භවයක් සහිත බවද එබැවින් සීගිරි කාශ්‍යප රජ සමයේ දී  මෙරට පැවැත්වු  ජාත්‍යන්තර  සම්බන්ධතා පිළිබදව පර්යේෂණ සිදුකරණ බවත්  එහිදි  විශේෂයෙන්  රෝමය හා මධ්‍යම ආසියාතික රටවල් සමඟ දියුණු වෙළඳ සබඳතාවක් පැවති බව මෙම පුරාවස්තු මගින් පැහැදිලි වන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරංචි මාර්ග පවසයි.

රටේ අභිමානය සහ පෞරාණිකත්වය විදහා දක්වන අතීත උරුමයන් ගවේෂණය කර මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂම ව පවත්වාගෙන යාම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සතු අරමුදල් හා ගවේශණ කණ්ඩායම් යොදවමින් මෙම කැණීම් කටයුතු තවදුරටත් ඉදිරියට සිදු කෙරෙමින් පවතින අතර, එමගින් සීගිරිය පිළිබඳ තොරතුරු රැසක් ඉදිරි පර්යේෂණවලදී හඳුනාගැනීමට අපේක්ෂාකරණ බව සිගිරිට වැඩබිමෙන් වාර්තාවේ.

– මහින්ද උදයසිරි

36,862 Viewers

19 Comments to “සීගිරියේ සිංහ රූපය ගැන පර්යේෂණ වෙනම මගකට යොමුවන නිර්මාණයක් උතුරු දිය අගල කැනිමෙන් සොයාගනි…”

  1. Love nature says:

    රාවණ සිගිරිය

    සීගිරිය කුවේරගේ ආලකමන්දාව නැතිනම් අගනුවර මෙය බලකොටුවක පෙනුම ගනි. එහි මුලු මාලිගාව වටා දිව ඇදෙන දිය අගලකි. ජල තටාක, උද්‍යාන, පදික වේදිකා, උමං මාර්ග සීගිරියටම විශේෂ වූ නිර්මාණයන්ය. කදුපාමුල සිට මහා පර්වතය මුදුන කරා ජලය ගෙනයන ජල සැපයුම් මාර්ග බටහිර තාක්ෂණය අභියෝගයට ලක් කරන තරම් පුදුමාකර නිර්මාණයකි. අතීතයේ සීගිරි බලකොටුවට පිවිසෙන පිවිසුම් මාර්ග පහක් තිබී ඇත.සීගිරිය යනු
    රාවණ රජුගේ පියා වූ විශ්‍රවස් රජ දවස විශ්‍රවස් මුණිවරයාගේ අදහසක් මත සීගිරිය නිර්මාණය වූවක්ය බූමිකම්පා, ගංවතුර හෝ වෙනත් ස්වාභාවික උපද්‍රවවලට ඔරොත්තු දෙන ලෙස සිගිරිය නිර්මාණය කරන්නට රාවණ රජුගේ පියාට අවශ්‍ය විය. කිසිම පදනමක් නැතිව සීගිරි කාශ්‍යප යුගයක් ගැන මහාවංශයේ කතුවරයා සදහන් කරයි. හෙළ ඉතිහාසය වලලා දමා මහාවංශ කතුවරයා හා ඇතැම් බටහිර ගැති විද්වතුන් ලෙස හැදින් වෙන්නන් ජාතික අපරාධයක් කර ඇත. පීතෘ ඝාතකයෙකු වූත් මලණුවන්ට බයේ සැගවී සිටි කාශ්‍යප රජු හට මෙවැනි නිර්මාණයක් කළ හැකිද? පට්ටපල් බොරුව වන්නේ මොහු මලණුවන්ගෙන් ප්‍රහාර එල්ල විමෙන් ආරක්ෂා වීම සදහා සිගිරිය නිර්මාණය කරගත් බවය. මොහුගේ 18 අවුරුදු රාජ්‍ය කාලය සම්පූර්ණයෙන් යෙද වූවත් මේ නිර්මාණය අවසන් කරන්නට නො හැක. කාශ්‍යප නිර්මාණය කලා නොව බාවිත කලා ලෙස ලිඛිත ඉතිහාසය නිවැරදි කල යුතුය. පිය උරුමයෙන් රාවණට සිගිරිය උරුම විය. ඇතමුන් මෙය රාවණාගේ ලංකා පුරය ලෙස ද හදුන්වයි. සිගිරිය හා රාවණ සම්බන්ධය පෙන්වන තවත් එක් ස්ථානයකි සිගිරියේ ඇති නයිපෙන ගුහාව.මෙය පරුමක නගුලිය ලෙන ලෙසද හැදින්වේ. මේ ලෙන සීතා සගවා තැබු ලෙනකි.නගුලිය යනු සිතා ව හැදින් වූ තවත් නමකි. එම ජනප්‍රවාදය අනුවත් සීගිරිය රාවණා රජුගේ වාසබවනක් වීම අරුමයක් නොවේ

  2. lion says:

    සිංහලුන් ලෙස අප කලයුත්තෙ රාවන නම් ශ්‍රේෂ්ඨ රජුට ගරුකිරිමද? නැතිනම් රාම නම් පරදෙසක්කාරයාට ගරුකිරිමද?සිතන්න තිරණය ඔබේ අතේ.”

  3. sinha le says:

    විල්පත්තු වන උයන රාවනා රජුගේ අඩවියකි.මෙය රාවන පරපුරට අයත් වටිනා ස්ථානයකි.රාවන රජුගේ පරපුරේ ඒ හෙල ඉතිහාසය සැගව අති තවත් එක් වන උයනක් වන මේ විල්පත්තුව තම්බින්ගේ ග්‍රහනයෙන් මුදවා ගැනේම අපගේ වගකීමයි.රාවන උරුවම විනාශ කරන්න හදන් මේ බදුදීන් තම්බියාටයි ඌට උඩගෙඩි දෙන පාලකයින්ට විරුද්දව අපේ උරුමය අපිම රැකගමු..

  4. sinha le says:

    රාවන රජු සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි .

  5. Love nature says:

    ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා එම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.

    සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියෙනවානේ. මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර – සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

    • vimarshana says:

      පෙර කල කාශ්මීරය පාලනය කල රජකෙනෙකුගේ ආරාධනය මත සින්හල ඉන්ජිනේරුවන් පිරිසක් ගුවනින් ගොස් එහි වාරිමාර්ග ස්ථාපනය කල බව කාශ්මීර ඉතිහාසයේ සඳහන් වන බවක මා අසා තිබෙනවා.

    • nalin says:

      Ehema ratakata giya kalak

  6. කාශ්‍යප says:

    ගුරුළු පාදය දැන් වෙනස් කරපන් සිංහ පාදයට… සිංහයාගේ අතීත සම්බවය… කතාව ඉවරයි

  7. PRIYANTHA KUMARA says:

    සීගිරියේ සිංහ පාදය කුරුල්ලෙකුගේ වගේ . ඒ මොකද අධ්‍යක්‍ෂ තුමනි?

  8. Third Umpair says:

    මේකේ තියෙන්නේ හොඩේ කැඩිච්ච අලියකුගේ ඔලුවක් . හොදට බලන්නකෝ

  9. Buddhist says:

    Ravana is an Indian Origin person.

    • Boo says:

      Doesn’t matter, does it mr. Buddhist?
      Wasn’t it like the Lord Buddha?

    • Saradiel says:

      Ravana – The Legendary Emperor of Sri Lanka

    • මකර says:

      ඒ කාලේ ඉන්දියාවක් තිබුනේ නැහැ මෝඩයා . රාවණා මහරජ කියන්නේ අද තියන ‘ ඉන්දියාවෙන්’ පළුවක් ම පාලනය කල ලංකාවේ බලවත්ම අධිරාජයා .එතුමා හෙළ යක් පරපුරේ අධිරාජයෙක්.

  10. Boo says:

    “ටෙරා කොටා” නෙමෙයි කියපල්ලා සිංහලෙන් “මැටි” කියලා. සුද්දෝ ටෙරා කොටා කියන්නේ දුඹුරු පාට ගඩොල් මැටි වලට මිසක් වෙනත් ග්‍රහ ලෝකෙකින් ගෙනාපු අමුතුම ද්‍රව්‍ය ජාතියකට නෙමෙයි. මොකද මේ අපේ මැට්ටන්ට වෙලා තියෙන්නේ?

    • මැට්ටා says:

      මැටි සහ ටෙරා කොටා (Latin) අතර වෙනස
      CLAY VS BAKED CLAY (පුළුස්සපු මැටි) උළු සාදන්නේ මේ ක්‍රමයට
      නිකම්ම මැටි යෝග්‍ය නොවේ Terra Cotta විද්‍යාත්මක නාමයයි

      • Boo says:

        දෙයියනේ අපේ රටේ මෙතෙක් කල් “පුළුස්සපු මැටි”යෙන් කිසිදෙයක් හදල නැද්ද, ලඟදි “ටෙරා කොටා” හඳුන්වල දෙනකල්?

        හැබෑටම නරකද වතුරට සිංහලෙන් වතුර හෝ ජලය නොකියා Latin වලින් කියන “විද්‍යාත්මක නාමය” අපිත් මීට පස්සේ භාවිතා කලොත්.

        බටහිර දෙසට හැරිලා දවසට පස් වතාවක් සුද්දන්ට යාඥා කරන අයට Latin “ලොකු” සහ “බර” වුනාට මට මගේ සිංහලයින්ගේ “විද්‍යාව” ගැන, සිංහල භාෂාව ගැන බොහොම ආඩම්බරයි.

Main News