සීමා නිර්ණයට එරෙහිව ආණ්ඩුවම නඩු දමයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..

October 28, 2017 at 3:00 pm | lanka C news
සීමා නිර්ණයට එරෙහිව ආණ්ඩුවම නඩු දමයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..

පළාත් පාලන මැතිවරණයට අදාල සීමා නිර්ණය සිදු කිරීමේදී නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට විශාල අසාධාරණයක් වී ඇති බව සමස්ත ලංකා ජනතා කොංග්‍රසය පවසයි.

නිසා නව ප‍්‍රාදේශීය සභා හතරක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට ලබා නොදුනහොත් සීමා නිර්ණයට විරුද්දව නඩු දමන බව ඇමැති රිෂාඩ් බදුයුදීන් නායකත්වයෙන් යුත් එම පක්ෂය සදහන් කරයි.

මුතූර්, තඹලගමුව, කින්නියා, කුච්චවේලි ප්‍රාදේශීය සභාවලින් කොටස් වෙන්කර තෝපුර්, මුල්ලිපතාන, කච්චකුඩිතිව්, සාම්පූර් ලෙස අලූතින් ප්‍රාදේශීය සභා හතරක් ස්ථාපිත කළ යුතු බව එම පක්‍ෂ පාර්ලිමේන්කතු මන්ත‍්‍රී එම්.ඒ.එම්. මහරූෆ් මහතා කියයි.

දිස්ත්‍රික්කයේ 44%ක් මුස්ලිම් ජනතාව වුවත් ඔවුනට ලැබී ඇත්තේ ප්‍රාදේශීය සභා 4ක් පමණක් බවත් තවත් සභා හතරක්වත් ලබා දී සාධාරණය ඉටු කල යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග පවසන්නේ සීමා නිර්ණයට විරුද්දව නඩු පැවරුවහොත් ප්‍රාදේශීය සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යනු ඇති බවයි.

9,671 Viewers

5 Comments to “සීමා නිර්ණයට එරෙහිව ආණ්ඩුවම නඩු දමයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..”

  1. W M Fernando says:

    After deciding delimitation criteria such as population, area task should be given to independent body . Survey Dept and Census Dept may carry out it within a short period. Problem is politicians want manipulate everything for their benefit, based on race,cast religion which should not be a criterion for such exercise. Keep politicians out of delimitation.

  2. Nandasoma says:

    ඒකනෙ අපි කියන්නෙ, මේක මහ ප්‍රෝඩාවක් කියල…!

    නඩු දම දම ඉන්න පුලුවන් අවුරුදු ගානක් උනත්….!!

    කිසිම කථාවක් නැතිව, ව්‍යවස්ථානුකූලව, මැතිවරණ පැවැත්වීමට හැකියාවක් තිබිය යුතුයි…!!!

    අලුත් ක්‍රමයක් කිය කියා මැතිවරණ කල් දැමීම නීති විරෝධීයි…. පවතින ඕනෑම ක්‍රමයක් යටතේ වහාම මැතිවරණ පැවැත්විය යුතුයි…..

    ආණ්ඩුවට වෙනත් ක්‍රම අවශ්‍යයයි කියල ඒකට මුවාවෙලා හැමදාම මැතිවරණ කල් දැමීමට ඉඩ නොදිය යුතුයි..!!!!

  3. David Milli-Banda says:

    Who is fooling whom ???????????????

    Voters are treated as suckers…………………………..
    Yahapalanaya will just drag holding of elections indefinitely untill the masses come out to the road to chase them away. Untill then nothing will happen and there will be no elections ever in Sri Lanka.

    Masses voted them to power and it will have to be the people to chase them out as well.

  4. NAK says:

    Why don’t some one ask that amana Mano Ganesan why he wait all this while to come up with N’eliya, Ambagamuwa PS’s problem’s.
    All this the works of that rascal pachcha Sira.

  5. Mahasona says:

    Scrap Provincial Councils.

Main News