‘සුජීව සමග 360’ පරාදයි.. ‘විජිත සමග බලය’ සාතිශය විනෝදජනකයි.. ගම්මන්පිල තනිව ගොස් ‘20 විවාදය’ දිග්විජය කර එයි…[Video]

June 17, 2018 at 10:17 pm | lanka C news
‘සුජීව සමග 360’ පරාදයි.. ‘විජිත සමග බලය’ සාතිශය විනෝදජනකයි.. ගම්මන්පිල තනිව ගොස් ‘20 විවාදය’ දිග්විජය කර එයි…[Video]

පසුගිය බ්‍රහස්පතින්දා දින  හිරු නාලිකාවේ පැවති  බලය දේශපාලන සංවාදය කාගෙත් වැඩි අවධානයට ලක් විය.  ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනු  ලැබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම විවාදය පැවැත්විණි.

මෙම විවාදය සඳහා අභියෝග කළ පිවිතුරු හෙළ උරුමයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරුන් අතර පැවැති මෙම විවාදය බෙහෙවින් උණුසුම්කාරී විය.

ලොව කිසිම රටක ජනතාව විසින් පත් නොකරන ජනාධිපතිවරයෙකුට ලබාදී නොමැති බලතල වන …..

  1. බලය බෙදීම සම්බන්ධ බලතල
  2. ජාතික ආරක්ෂාව පිළිබඳ බලතල
  3. ජාතික සමගිය පිළිබඳ වගකීම

මෙම විසිවන සංශෝධනය මගින් පත්කරනු ලබන ජනාධිපතිවරයාට ලබාදීම බරපතළ තත්ත්වයක් බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් විවාදයේ දී පෙන්වා දෙන ලදී.

20 සංශෝධනයට අනුව විධායක බලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයත් අතර බෙදී යාමෙන් එකිනෙකට වග නොකියන ස්වාධීන බලකේන්ද්‍ර දෙකක් ඇතිවීමේ අනතුර උදය ගම්මම්පිල මහතා විසින් මෙම විවාදයේදී ඉස්මතු කළේය.

ජනාධිපතිවරයා සතුව විධායක බලය පැවතියද 1972 ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය අනුව අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කළ යුතු නිසා ජනාධිපතිවරයාගේ විධායක බලය ස්වාධීනව පාවිච්චි කිරීමේ අවස්ථාව අහුරා තිබුනද විසිවන සංශෝධනයට එවැනි වගන්තියක් එක් නොකිරීමෙන් අගමැති සහ ඇමති මණ්ඩලයට සමගාමීව ඕනෑම විෂයක් සම්බන්ධයෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට ජනපතිට ඇති හැකියාව සම්බන්ධයෙන් ඒ මහතා කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව ජනාධිපතිවරයාටත් ආරක්ෂක අමාත්‍යවරයාටත් එකිනෙකට පටහැනි ලෙස ත්‍රිවිධ හමුදාවට ඒක විට අණදීමට හැකිබව මෙහිදී පෙන්වා දුන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව අධ්‍යාපන සෞඛ්‍ය පොලිසිය වැනි සෑම විෂයක් ගැනම සමාන්තර පාලන දෙකක් රට තුළ පැවැතිමේ අවදානම පැහැදිලි කළේය.

මෙලෙස සමගාමීව විධායක බලය ජනපති සහ ඇමති මණ්ඩලය අතර බෙදා දුන් එකම එක රටක් නම් කරන්නැයි ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ අභියෝගයට නිවැරදි පිළිතුරක් ලබාදීමට ද විජිත හේරත් මන්ත්‍රීවරයා අපොහොසත් විය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයට අනුව ජනපති පත් කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 කගේ ඡන්දය අවශ්‍ය නම්  කිසිවෙකුටත් 113ක් ලබාගත නොහැකි අවස්ථාවක සිදු වන්නේ කුමක්දැයි ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ එයට සෘජු පිළිතුරක් ලබාදීමට   අපොහොසත්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා දිගින් දිගටම 20   ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන්නට විය. මෙහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා   යළි යළිත්  විජිත හේරත් මන්ත්‍රීවරයා ගෙන්  අසා සිටියේ ජනතාවට ඇති ගැටලුව 113 ලබා ගැනීම නොව එසේ ලබාගත නොහැකි වුවහොත් සිදු කරනුයේ කුමක්ද යන්න බවයි. විජිත හේරත් මන්ත්‍රීවරයා  යළි යළිත් ඒම ප්‍රශ්නයට පිළිතුරු නොදී වෙනත් කරුණු  ප්‍රකාශ කරද්දී අවසානයේ වැඩසටහන මෙහෙය වූ සුදේව හෙට්ටිආරච්චි ද එම ප්‍රශ්නයම  හේරත් මන්ත්‍රීවරයා යොමුකරමින් පිළිතුරක් බලාපොරොත්තු වුවද  දිගින් දිගටම පිළිතුරු ලබාදීමට විජිත හේරත් මන්ත්‍රීවරයා අපොහොසත් වීම  දක්නට ලැබුණි.

වැඩසටහනේදී දක්නට ලැබුණු තවත් සුවිශේෂී කාරණාවක් වූයේ විධායක ජනාධිපති ධූරය විසින් රටට සිදු කරන ලද හානි ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දුන් සියලු කරුණු  විධායක බලයක් නොමැති අග්‍රාමාත්‍යවරුන් විසින්ද  ඒ අයුරින්ම සිදු කර ඇති බව සිරිමාවෝ බණ්ඩාරනායක රනිල් වික්‍රමසිංහ  සහ මාග්‍රට් තැචර් යන අග්‍රාමාත්‍යවරුන් හා  සම්බන්ධ ඇතැම් සිද්ධීන්  ‍ නිදර්ශන ලෙස පෙන්වමින්  ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින්  පෙන්වා  දීමයි.

එමෙන්ම බුද්ධශාසන ඇමැති ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විහාර සහ දේවාලගම් ආඥා පනත යටතේ නිකුත්කළ නියෝගයක් විධායක ජනාධිපති බලතල භාවිතා කිරීමක් ලෙස දැක්වීමට විජිත හේරත් මන්ත්‍රීවරයා අසාර්ථක උත්සාහයක නිරතවන අයුරු ද බලය දේශපාලන සංවාදයේදී ද දක්නට ලැබුණි.

– කනිෂ්ක

76,116 Viewers

24 Comments to “‘සුජීව සමග 360’ පරාදයි.. ‘විජිත සමග බලය’ සාතිශය විනෝදජනකයි.. ගම්මන්පිල තනිව ගොස් ‘20 විවාදය’ දිග්විජය කර එයි…[Video]”

  1. බන්ඩා says:

    මම මේ විවාදය සජීව දැක්කා. විජිත හේරත් ගම්මාගේ ප්‍රශ්ණ මග හැර වැල් වටාරම් දෙඩවුවා. ‘යන්නෙ කොහෙද’ යන්නට දිගින් දිගටම “මල්ලෙ පොල්” යන උත්තරය සැපයුවා.

    • Amda says:

      මල්ලෙ පොල් නම් ඒත් කමක් නෑ.. මූ කිව්වෙ පොල්ලෙ මල් කියල 😀

  2. සුමුදු says:

    විජිත ඇටි කෙහෙල් කාපු මොකාද වගේ

    • නාගසිංහ says:

      ඩයස්පෝරාවේ සල්ලි වලින් ඇමතිලා මිලට ගත්ත ගමන් සම්බන්ධන් ජනාධිපති කරන්න පුළුවන් මේ විවස්තාවෙන්.
      ඩයස්පෝරාව විසින් සකසලා ජෙප්පන්ගේ කරෙන් ගේන මරු විවස්තාව.

    • සෝමසිරි says:

      වොඩ්ක පාරක් දාලවගේ නේද?

  3. Dil says:

    Jvp eka vivada valata dakshaya. Namuth me vivadayedi dakke vijitha herath antha asarana vena hatiya. Kalaya yava ganna vate giyeya. Anthimata vijitha koheda yanne malle pol vuneya. Vijitha 20 gana katha nokara vena vena baila deduveya. Namuth evatada gammanpila hondata Bata dunneya. 20 thiyena bayanakakama apita penva dunneya. Anthimata apita therune 20 genna yanne rata gana hithala nova unge pakshe gana hithala kiyalaya.
    Gammanpila you are the winner and great person in that debate.

  4. ෴හෙළයා෴ says:

    අනුර කුමාර ඇතුළු නඩය කරළිියට ගෙනා විසිවන සංශෝධනය වනාහී රට වෙනුවෙන් හෝ ජාතිය ආගම වෙනුවෙන් ගෙනා කෙහෙල්මලක් නොව කුහකකම නිසාම ගෙන ආ වැදගැම්මකට නැති සංශෝධනයක් බව බලය වැඩසටහනේ විකාශයෙන් මුලු රටටම අවබෝධ විය​.විජිත හේරත්ගේ සමච්චල් හිනාව හා ඊනියා බහුශ්‍රතභාවය පෙන්වන්නට යාමෙන් ජවිපෙ යෝජනාවේ නිරුවත හෙලි විය​.ඔවුනට අනුව ජනාධිපතිවරයා සේනා විධායකයා වුවත් හමුදා මෙහෙයවෙන්නේ ආරක්‍ෂක ඇමතිවරයාගේ අනින් බව ඔහු පුන පුනා කීවේය​.මෙය රටේ ආරක්‍ෂාව බින්දුවටම ඇද දමන ක්‍රමවේදයක් බව ජවිපේ පඬියන්ට නොවැටහෙන්නේ මන්දැයි අපි නොදනිමු.සේනා විධායකයා යනු ත්‍රිවිධ හමුදා අණ දෙන නිළධාරියා වන්නේය​.මෙය 78 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු සුවිශේෂි බලයකි.නව ව්‍යවස්ථාවට අනුව එකී බලය ජනාධිපතිවරයා සතු වුවත් හමුදා මෙහෙයවන්නට ආරක්‍ෂක ඇමතිගේ අණ අවශ්‍ය වන්නේය​.මේ රටේ ආරක්‍ෂාව බරපතල හානියකට ඇද දමන එක් කාරණයක් පමණි.එකී යෝජිත ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ බලය අඩු වන්නේ නැත​.කැබිනට් මණ්ඩලයේ හා එහි ප්‍රධානියා වන අගමැතිගේ බලය අඩු වන්නේත් නැත​.මේ වනාහී ජවිපෙ විසින් දරදිය ඇද ගොඩ නැගූ යහපාලන අච්චාරුවට කුහකකම​,ඊර්‍ෂ්‍යාව​,හීනමානය වැනි දෑ එකතු කර කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමකි.ජවිපෙ සිය නූතන භාවිතය වන එක එකාගේ කොන්ත්‍රාත්තු කලාට අපට කම් නැත​.එහෙත් ඒ කොන්ත්‍රාත්තු රටේ පැවැත්මට අහිතකර ලෙස බලපාන්නේ නම් ජවිපේ දැන් ඉන්නා තැනිනුත් පහලට ඇද දමන්නට දේශප්‍රේමී ජනයා පසු බට නොවනු ඇත​.ඔව්හු ලොවට පෙන්වන්නට හදන්නේ ඔවුන්ගේ භාවිතය අතීශය සුජාත බවය​.සුජාත භාවිතය අවභාවිතයට ලක් කර එහි වටිනාකම් නසා දැමූ ජවිපෙ දැන් කල යුත්තේ සුජාත යන වචනය අවභාවිතා නොකර මුක්කු ගසනා තැනකට මුක්කු ගසා ඉතිහාසයේ තමනට හිමි තැන පැලපදියම් වන ලෙසය​.වර්ථමානයත්,අනාගතයත් ඔවුනට හිමි නැති බව ඔවුන් විසින්ම තීරණය කර ඇත​.

    • නස්-පුක් says:

      මේ ජෙප්පො රටේ ආරක්ශාව නෑති කරල අයෙත් 88-89 කාලේ වාගේ ආන්ඩු බලය අල්ලන්න හෙන ප්ලෑනක් ගහල ඈති…..

  5. Nim says:

    RATHU ALI PATIYA
    KICHA WUNA HATI MULU LOKAYAMA
    DUTUWA.
    20 PARAJAYA KIREEMA
    SAMAGE YTHI KAMAI.

  6. Amda says:

    Vijitha is a moron…. & so as everyone else in JVP

  7. නෙල්ලි කැලේ says:

    මැති ඇමතිවරු සල්ලි වලට විකිණෙන රටේ, ජනාධිපතිවරයා සල්ලි වලින් පත් විිම ගැන තවත් මොන කතා ද?

    • Aurora says:

      දැන් ඉන්න ශ්‍රී ලංකා ජනාධිපති පත්කරන්නත් US ඩොලර් මිලියන් ගානක් ඇමෙරිකන් ආණ්ඩුවෙන්ම වෙන් කලා කියල US ලොක්කෙක් කිව්වා මතකයි.

  8. Karu says:

    විජිත හේරත් නිහතමානයි.අවංකයි.ඒත් නීතියට හා සම්බන්ධ මෙවැනි විෂයයක් ඔහුට හෝ අනුරට ගැලපෙන්නේ නෑ.

    මීට විරුද්ධව චම්-පක කතා කරල තිබුණා. මොකුත් නෙවි ජනාධිපති වීමේ දොළදුකකින් ඔහු පෙළෙනෙ නිසා.

    එකඟ තාවය පළ කර ජයම්පති වික්‍රම රත්න කතා කර තිබුණා. මෙය රනිල් ගෙ උපදෙස් මත ජේ.වී.පී. පොඩි එකාල ඉස්සරහට දාල වික්‍රමරත්න ලා තල්ලුකරන මුට්ටියකි.සමහර විට අනුමත වෙන්නද ඉඩ තිබේ.

    රටේ යහපත සඳහා නොව තම තමන්ගේ යහපත සඳහා රනිල්ලා ගෙනා මුල් පණත මෙය නොවේ.ඉතිහාසය පුරාම’අලිබබබා රෙජිමයය’ දේශද්‍රෝහී වැඩ කරන්නට පසු බට වී නැත.

    • බිල්ල says:

      මූට ගැලපෙන්නේ බිල්ලගෙ රාජකාරියයි, එනම් පාවාදීමේ කාරියයි. ඒක එදත් කළා අදත් කරනවා.

  9. cw says:

    One thing is very clear. JVP target is Rajapakses. Nothing else.

  10. indunil says:

    rathu ali patawungae vilapaya,,,,,,,,,,,,,,,,,,,,,,,

  11. Aurora says:

    මුළු විවාදය පුරාම ෆ්ලැට් න්‍යායෙන් සහ අපහාසත්මකව අදාල කරුණු වලින් පිට වල්පල් දෙසා බානලද විජිත හේරත් තමන්ගේ මුග්ධකම ඉතාම ඉහලින් උනොත් පෙන්වූ විවාදයකි. පර්ලිමෙන්තු චන්ද 113 ගන්න ජනාධිපති තෝරන්න ගැනීමට නොහැකි වුනොත් සිදුවනදේ ගැන පැහැදිලි උත්තරයක් නැතිව වල්පල් දෙඩවීම කිසි පලක් නැති දෙයකි. විජිත හේරත් තමන්ගේ මුග්ධකම සමඟම මෙම විවාදයෙන් ඔප්පු වූ තවත් කරුණක් නම් JVP මනෝමුලික දේවල් වලින් පිරුන 20 සම්මතවුනොත් රට මහත් අගාධයකට වැටෙන බවයි.

    • click says:

      Which debate you are talking about,.

      In debate what I saw was completely different.

      • Aurora says:

        2018.06.14 බ්‍රහස්පතින්දා දින හිරු නාලිකාවේ පැවති බලය දේශපාලන සංවාදය

  12. don katugampala says:

    N G O KARAYO JEPPANGE MOLA HODALA,

  13. Gunaratne banda says:

    Ranilata kadeyana Ratualipatawune thopita wenade balagamu!

  14. Jayantha Baranage says:

    Vijitha Herath had “Two iPhone 8 (GOLD) USD$ 699.00 and iPhone X (Black) USD$999.99” in the interview. When JVP came to power they promised the people that they will not use any luxuries…

  15. E.Weerasinghe says:

    i challenge you , you will not publish my previous comet.

Main News