සුපර්මෑන් පනත හදලා තියෙන්නේ මහා මෝඩයෙක්.. – ඇමති රාජිත මේ පස් පඩංගුවේ බැණ වදින්නේ කාටද.. [Video]

December 29, 2016 at 12:25 am | lanka C news
සුපර්මෑන් පනත හදලා තියෙන්නේ මහා මෝඩයෙක්.. – ඇමති රාජිත මේ පස් පඩංගුවේ බැණ වදින්නේ කාටද.. [Video]

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙි නීතිය නොදන්නා පුද්ගලයෙකු විසින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එම කෙටුම්පත සකස් කළ නීතිඥවරයා හෝ පුද්ගලයා මෝඩයෙකු ලෙස තමන් හදුන්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගෙනඒමට පෙර රට තුල සංවාදයක් ඇති කළ යුතුයි. පළාත් සභාවල යෝජනා ලබාගෙන වැරදි සකස් කර මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුනා. පළාත් සභාවල සහාය අවශ්‍ය නම් පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු අමාත්‍යවරුන් සමග සාකචිඡා කිරීමට අවස්ථාව තිබුනා. මගේ අදහස නම් මෙය පාර්ලිෙමින්තුවට පළමුව ඉදිරිපත් නොකළ යුතු බවයි. පළාත් සභාවල මතය විමසීමෙන් පසු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුනා. මෙම පනත් කෙටුම්පතේ සදහන් වෙනවා අමාත්‍යවරයා සද්භාවයෙන් කටයුතු කරනවා නම් නඩු පැවැරීමට නොහැකි බව. මම එම වගන්තියට විරුද්ධයි. මොකද ජනාධිපතිවරයාටත් නඩු පැවැරිය හැකි මොහොතක අමාත්‍යවරයෙකුට මුක්තියක් ලබාදෙන්නේ කොහොමද. මෙම කෙටුම්පතෙනුත් කමිටු හදලා වැඩක් නැහැ. ව්‍යාපෘති ක්‍රීයාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාව ආයෝජන හිතවාදි රටක් බවට පත් කළ යුතුයි. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය දෙයක්. සංවර්ධන ව්‍යාපෘති එක ස්ථානයකින් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මෙම කෙටුම්පත යළි සාකචිඡාවට බදුන් කර ඉදිරිපත් කළ යුතු බව මම ප්‍රකාශ කරනවා.

යහපාලන රජයට රට තුළ ලොකු විරෝධයක් නැහැ. රජය කළ වැඩ කොටස් ගැන ප්‍රසාදයක් තිඛෙනවා. රුපියල් සතවලින් එම වැඩ කොටස මනින්න එපා. සංහිදියාව ගොඩනැගෙනවා. පක්ෂ ගැන කථා කරලා වැඩක් නැහැ. රජය තුල සිටිමින් ඇතැම් අමාත්‍යවරුන් හිටපු ජනාධිපතිවරයාගේ මතවාදය ගැන කථා කරනවා. රට ගොඩනැගීමට යහපාලන රජය බිහි කළේ” යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිපුන් ඒකනායක

26,937 Viewers

3 Comments to “සුපර්මෑන් පනත හදලා තියෙන්නේ මහා මෝඩයෙක්.. – ඇමති රාජිත මේ පස් පඩංගුවේ බැණ වදින්නේ කාටද.. [Video]”

  1. sanhindiyadasa says:

    Me amathannne nahayata pahalin thiyena katenda? nathianm kondu naaratiyata yatin thiyena katinda sar.

  2. චන්ඩි මල්ලි says:

    මෙක කැබිනට්එකේදී ඒකමතිකව අනුමත වෙනකොට තමුන්නාන්සෙ හිටියෙ බුදියාගෙනද?

  3. Dickie Bird says:

    Nithiya haduwe ehenam Rajitha kiyana vidiyata ara Jayantha Wickramaratne modaya wenna athi.

Main News