‘සුවසැරිය’ නොමිලේ ගිලන් රථ සේවය රට පුරා..

January 5, 2018 at 6:30 am | lanka C news
‘සුවසැරිය’ නොමිලේ ගිලන් රථ සේවය රට පුරා..

ඉන්දීය රජයේ ආධාර මත ආරම්භ වූ “සුව සැරිය” ගිලන් රථ සේවාව දීප ව්‍යාප්ත කිරිම සදහා ගිවිසුම් අත්සන් කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිනි.

මේ වනවිට බස්නාහිර සහ දකුණ පළාත්වල ක්‍රියාත්මක වූ මෙම ගිලන් රථ සේවාව දීප ව්‍යාප්ත කිරිම සදහා තවත් ගිලන් රථ 209 ක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය. ගිවිසුම අත්සන් කෙරුනේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ශ්‍රී‍්‍ර තරංජිත් සිං සන්ධු මහතා සහ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතරයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා –

“ඉන්දීය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හොද ගිලන් රථ සේවාවක්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ලබාදුන් මෙම ගිලන් රථ සේවාවෙන් විශාල සේවාවක් ඉටු වෙනවා. බස්නාහිර සහ දකුණ පළාත්වල ගිලන් රථ සේවාව ආරම්භ වූ පසු මිලියන 05 ක පමණ ජනතාවක් සේවය ලබාගෙන තිබෙනවා. අද දින සිට මෙම ගිලන් රථ සේවාව දීප ව්‍යාප්ත කිරීමෙන් විශාල පිරිසකට එම සේවාව ලබාගත හැකි වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව වසරක් තුල දි හදිසි අනතුරු වලින් පුද්ගලයින් 25,000 ක් පමණ මිය යනවා. ඉන්දීය ගිලන් රථ සේවාව මගින් පසුගිය කාලයේ දී හදිසි අනතුරු වලට ලක්වූවන්ගෙන් 58,441 ක් ප්‍රතිකාර ලබාගැනීම සදහා රෝහල් ගත කිරීමට රැගෙන ගොස් තිබුනා. මෙම ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට ප්‍රථම ඇතැම් ගම්වල හදිසි අනතුරුවලට ලක්වූවන් ප්‍රවාහනය කළේ ත්‍රිරෝද රථ වලින්. එම නිසා මෙම සේවාව ඉතා වැදගත් වෙනවා.

දැනට මෙහි 489 ක් ශ්‍රී ලාංකිකයින් සේවය කරන අතර, එය නව ගිවිසුමට අනුව 1600 දක්වා වැඩි වෙනවා. එය ශ්‍රී ලංකාවේ රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට ලැබුණු දායාදයක් ද වෙනවා. ඔවුන්ට ඉන්දියාවේ දී විශේෂ සෞඛ්‍ය පුහුණූවක් ද ලැබෙනවා. මෙම ගිලන් රථ සේවාව ආරම්භ කරන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ අවලාද, චෝදනා ඉදිරිපත් කළා. නමුත් එම චෝදනා අද පුස්සක් වී තිබෙනවා.

සෞඛ්‍ය සේවාවේ රෝහල්වලට අවශ්‍ය තවත් ගිලන් රථ 400 ක් රජය විසින් ඉදිරියේ දී ලබාගන්නවා. ජර්මනියෙන් හදිසි ප්‍රතිකාර හෙලිකොප්ටර් යානා 08 ක් සහ ආපදා රථ 24 ක් ලබා ගන්නවා. එවිට හොද ගිලන් රථ සේවාවක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකයි. මේ සදහා ගත් පියවර අග්‍රාමාත්‍යවරයා ද අනුමත කර තිබෙනවා.

වාර්ෂිකව හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගෙන් බහුතරයක් මිය යන්නේ ක්ෂණිකව රෝහල් කරා ගෙනයාමට නොහැකි වීම නිසයි. මෙම ගිලන් රථ සේවාව විධිමත්ව ක්‍රියාත්මක කිරීම තුලින් එම ජිවිත බේරා ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

ගුවණින් සහ ගොඩබිමින් ගිලන් රථ සේවා ක්‍රියාත්මක කිරීමෙන් රෝගී ජිවිත බේරා ගැනීම අපගේ අරමුණයි. ත්‍රිරෝද රථයෙන් රැගෙන ගිය රෝගියා ගිලන් රථයකින් රෝහල් කරා ගෙනයාම යහපාලන රජය ලැබූ ජයග්‍රහණයක් ද වෙනවා.”

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සාගල රත්නායක, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

3,982 Viewers

4 Comments to “‘සුවසැරිය’ නොමිලේ ගිලන් රථ සේවය රට පුරා..”

  1. Rajasinha says:

    Monawa unath yahapalanaye Honda wadak. Josthara sangamaye awalaada pussak.

  2. රාහුල මල්ලී says:

    නොමිලේ සේවාවන් ලබා දෙන්න තරම් ඔය මහ බලවත්තු අපේ රටට මේ තරම් ආදරේ කරන්නේ ඇයිද කියලත් පොඩ්ඩක් කල්පනා කලොත් හොඳයි.. ඔය හැම බලවතෙක්ම තමන්ගේ රහස් ඔත්තු සේවාවන් මගින් කුඩා රටවල් සිය ග්‍රහණයට නතු කර ගන්නා හැටි ලෝක ඉතිහාසය තුල අපි දැකලා තියෙනවා.. යහපත් පරමාර්ථ තුලින් තමන්ගේ පරමාර්ථයන් ඉටු කර ගන්න නොගන්නවා නම් තමයි වඩාත් යහපත්…

    • චම්පා says:

      රාහුල මල්ලි බලපන් උඹේ ගෑණිත් රහස් ඔත්තු සේවයක එකියක් වෙන්න ඇති.

Main News