ගම්මන්පිල ශ‍්‍රීලනිප බස්නාහිර බල කණුවක් ගලවා ගනී… කසකරු පමණයි.. පෙරහැර පසුපසින් එනවා..

October 3, 2018 at 6:48 pm | lanka C news
ගම්මන්පිල ශ‍්‍රීලනිප බස්නාහිර බල කණුවක් ගලවා ගනී… කසකරු පමණයි.. පෙරහැර පසුපසින් එනවා..

හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා පිවිතුරු හෙළ උරුමය හා අද දින (03) එක් විය.

හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නන්දා අබේවික්‍රම මහත්මිය සහ හොරණ සමූපකාර සමිතියේ සභාපති ඒන්. ඩී. ගුණසේන මහතා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන ජගත් කුමාර ප්‍රේමතිලක මහතා,  ඩී. ජී. මංජුල කමල්සිරි මහතා ද  කෝරළගේ මහතා සමග මෙම අවස්ථාවේදී  පිවිතුරු හෙළ උරුමය හා එක්විය.

මෙහිදී මාධ්‍ය වේදීන් අමතමින් අදහස් දැක්වු පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා.

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය ඉදිරි ජනාධිපතිවරණයද ?

මහින්ද සුළඟේ ප්‍රධානතම රැලිය වුණේ 2015 පෙබරවාරි 18 වෙනිදා පැවති නුගේගොඩ රැලියයි. එදා අපිට මේ ගමන සාර්ථක කරගැනීම සඳහා ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙකු අවශ්‍ය වූ නිසා විමල් වීරවංශ මන්ත්‍රීතුමන් සහ මම බස්නාහිර පළාත් සභාවේ එවකට ප්‍රධාන අමාත්‍යධුරය දැරූ ප්‍රසන්න රණතුංග මැතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී එතුමන් එකඟ වුණා අපේ වැඩපිළිවෙළට සහයෝගය දක්වන්න.  ඉන්පසු එතුමා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කැඳවා, මහින්ද රාජපක්ෂ මැතිතුමන් යළි ගෙන ඒමට ව්‍යාපාරයක් ආරම්භ වෙනවා, මා ඒ සමග සම්බන්ධ වෙනවා, ඔබත් සම්බන්ධ වෙන්න යැයි ඔවුන්ට ආරාධනා කළා. ඉන් අනතුරුව මහින්ද සුළඟ වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදයක් බිහිකළා. එම සංසදයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කලේ යසපාල කෝරළගේ මහතායි.

අද වගේ නොවෙයි ඒ කාලේ බොහොම දුෂ්කර තත්ත්වයක් තිබුණේ.  මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඉන්න කාර්යාලයක් තිබුනේ නැහැ. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාමයේ ස්ථානයක් ලබා දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සිය කාර්යාලය පවත්වා ගෙන යන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්ථිර ලේකම්වරයකු පත්වනතුරු කාර්යාලය සම්පූර්ණ සම්බන්ධීකරණ කටයුතු කරගෙන ගියේ යසපාල කෝරළගේ මහතායි. ඒ නිසා මෙතුමා අපේ පක්ෂය හා සම්බන්ධවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් එකතු වෙනවා කියනවාටත් වඩා හොඳයි, අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස බිහිවෙලා තිබෙන දැවැන්ත දේශපාලන ගංගාවේ ආරම්භක උල්පත තමයි මහින්ද සුළඟ.  ඒ මහින්ද සුළඟේ පුරෝගාමියෙකු ලෙසයි අපි යසපාල කෝරළගේ මහතා දකින්නේ.

නමුත් පුංචි ඡන්දය වෙලාවේ ඇති වෙච්ච හිත් වේදනාවක් නිසා එතුමන් හැඟීම්බරව තීන්දුවක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. වේදනාව පහව ගියාම හැඟීම්බර උනා වැඩිදෝ කියලා තුමන්ට හිතිලා තියනවා. මේ මව්බිමේ නිදහස් අරගලයට යළිත් එකතු වෙන්න එතුමන් තීරණය කරලා ඒ සඳහා පිවිතුරු හෙළ උරුමය එතුමන් තෝරගෙන තියෙනවා.

මෙතැනදී අපි විශේෂයෙන් සදහන් කරන්න අවශ්‍යයි මෙය ආරම්භයක් විතරයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණය වන ජනාධිපතිවරණය නුදුරු අනාගතයේ දී පැවැත්වෙනවා. මේ ජනාධිපතිවරණයේ දී දේශප්‍රේමී පිල පරාජය වුවහොත් අපට රටක් ඉතුරු වන්නේ නැති බව අප පුන පුනා සඳහන් කර තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ විට එළැඹෙන ජනාධිපතිවරණයත් සමග සිදුවන්නට ඉඩ තියෙනවා. මේ ජනාධිපතිවරණයේදී තමන් හිටගන්නේ රට රකින පිලත් එක්ක ද නැතිනම් රට නසන පිලත් එක්කද යන තීන්දුව අරගන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාර්ලිමේන්තු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට අවස්ථාව උදා වෙලා තියෙනවා.

ඒ නිසා මේ යසපාල කෝරළගේ පළාත් සභාවේ උප සභාපතිතුමන් ගත් මාර්ගය ගනිමින් නන්දා අබේවික්‍රම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමිය ගත් මාර්ගය ගනිමින් මවුබිමේ නිදහස් අරගලය හා එක්වන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත මහජන නියෝජිතයින්ට විවෘත ආරාධනාවක් කරනවා.

මෙහිදී අදහස් දැක්වූ යසපාල කෝරළගේ මහතා

මම මේ පෙරහැරේ කසකාරයෙක් විතරයි.  අනෙක් අය තව පිටිපස්සේ එනවා.

මම දේශපාලනයට එන්නේ 1991 පළාත් පාලන මැතිවරණයෙන්. එදා සිට අද දක්වා නොකඩවා අවුරුදු 28 ප්‍රදේශීය  සභාවේ සහ පළාත් සභාවේ මන්ත්‍රීධූර දරා තිබෙනවා. දෙවතාවක් ප්‍රාදේශිය සභා සභාපති ධූරය දැරූ මට  අද පළාත් සභාවේ උපසභාපතිවරයා දක්වා පැමිණීමට හැකියාව ලැබුණා.

මේ රටේ දේශපාලනයේ බොහොම ලොකු වෙනසක් ඇති වුණා 2015 ජනවාරි 8 වැනිදා පැවති ආණ්ඩුව පරාජයට පත්වෙලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැරදිලා ගෙදර යනවිට අපට ඒක බලාගෙන ඉන්න බැරුව ගියා.  උදය ගම්මන්පිල මැතිතුමා ඇතුළු පිරිස්  ඒ වෙනසට එරෙහිව දේශපාලන ප්‍රවාහයක් හදනකොට ඊට සහය දක්වමින් ප්‍රසන්න රණතුංග හිටපු මහ ඇමතිතුමත් එක්ක එළියට බැහැපු  කීප දෙනා ගේ මුල් පෙළේ හිටිය කෙනෙක් මම. අපි එදා රට පුරා ඒ ව්‍යාපාරය දියත් කරලා එය සාර්ථකත්වයට ගෙනාවා.

නමුත් පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය එනවිට පාක්ෂිකයන්ටත් මන්ත්‍රීවරුන්ටත් අපටත් නොයෙකුත් හිත් කලකිරීම් ඇති වුණා. ඒ නිසා අපි දේශපාලන තීන්දු ඒ වෙලාවේ බය නැතුව අර ගත්තා. එහෙම අරගෙන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් හානියක් නොවන ආකාරයට මන්ත්‍රීවරුන් 4 දෙනෙකුත් බිහිකලා. මේ ගමන තුළ අපි උත්සාහ කලා මේ රටේ සියලූ වාමාංශික නායකයන් එකට ඒකරාශී කරන්න. නමුත් එය සාර්ථක වුණේ නැහැ. 16 කල්ලිය වැනි නොයෙකුත් නම්වලින් උනත් කණ්ඩායම් අද ඉවත් වෙලා එළියට ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙටද යන්නෙ කියන එක තේරුම් ගත්තට පස්සෙයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිළිව එක්සත් ජාතික පක්ෂය විසින් ගිලගෙන හමාරයි. අද එක්සත් ජාතික පක්ෂයේ රූකඩයක් බවට පත් වෙලා හමාරයි. ඒ නිසා අද මේ සිදුවීගෙන යන සිදුවීම් දිහා රටට ආදරය කරන මිනිසෙක් ලෙස තවදුරටත් බලාගෙන ඉන්නට හැකියාවක් නැහැ.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීතුමන් පළාත් සභාවේ අපි එක්ක හිටපු මන්ත්‍රීවරයෙක්. එතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පිරිසත් ගෙන යනු ලබන වැඩපිළිවෙලට සහාය දීමට වෙලාව ඇවිල්ලා කියන එක තේරුම් අරගෙනයි අද අපි එළියට බැස්සේ.

මම මේ පෙරහැරේ කස කාරයෙක් විතරයි.  අනෙක් අය තව පිටිපස්සේ එනවා. මේක ඔබතුමන්ලාට ඉදිරියේදී දැකගන්නට ලැබෙයි.  ඉදිරියේදී  ඔබතුමන්ලාට දැකබලාගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂ එක්ක, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය එක්ක, ඒ තුළ රැඳෙන්න එළියට බැස එන පිරිස කොච්චරද කියන එක. රටට ආදරේ කාටවත් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්න බැහැ. රනිල් වික්‍රමසිංහ අගමැති තුමා මේ රටට කරන හානිය විශාලයි. මේ විදිහට ගියොත් අනාගතයේදී පිටරටින් ගෙන එන කෑම බීම පවා නවත්වලා මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න සිදුවෙන තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මෙවැනි තත්වයක් ඇති වෙද්දීත් එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වෙලා ඉන්න විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් වලට ජනතාව ගල් ගහලා පන්නන තත්වයක් ඇති වෙනවා.

ඒ නිසා අපි අද පටන් පිවිතුරු හෙළ උරුමය හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය තුළින් ගෙන යනු ලබන දැවැන්ත වැඩ කොටසත් සමග ඒ ප්‍රවාහයත් සමඟ එකතු වෙනවා.

මම ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නියෝජනය කරන සියලුම මැති ඇමැතිවරුන්ට සහ නායකයන්ට දැන්වත්  ඔය එක්සත් ජාතික පක්ෂ හවුල් ආණ්ඩුවෙන් එළියට බැහැලා අපිත් එක්ක එකතු වෙලා මේ ප්‍රවාහයට එකතු වෙන්න කියලා.

– අරවින්ද අතුකෝරල

16,949 Viewers

5 Comments to “ගම්මන්පිල ශ‍්‍රීලනිප බස්නාහිර බල කණුවක් ගලවා ගනී… කසකරු පමණයි.. පෙරහැර පසුපසින් එනවා..”

  1. Wijebahu says:

    Great! Beginning of the end of Jadapaalanaya?

    • Point Blank says:

      Bad news for Jeppos; they’re dead scared of changing the current UNP/SLFP govt as they would lose all their
      perks and benefits.

  2. Sunil says:

    අමරෙ අයියා, දැන් ඉතින් පොල්ල අල්ලගෙන ඉස්සරහට යමුනේද?

    • Asaranaya says:

      සුනිල් ! අමරේ අයියා මේ දිනවල දෑතෙන්ම අල්ලා පොල්ල පොලිශ් කරනවලු, ඒත් තෙල් හිඳිලානේ, වකුටුවෙලා නිකම්ම කඩා වැටෙනවලු, paw macho!

  3. එක්නැලිගොඩ says:

    අමරෙ අයියට ශ්‍රීලනීපෙ අන්තිමට එයා වැඩ කරපු බස්එකකවත් දාගෙන ගෙනියන්න වෙන් නෑ. පොඩි ත්‍රිවීල් එකක දාගෙන තමයි ගෙනියන්න වෙන්නේ.

Main News