සෙනසුරු මහ දශාවේ ජන්ම ඒරාෂ්ඨකය ලබයි.. බලවතෙකුට ප‍්‍රබල අපල.. නොසිතූ පෙරළියක් ස්ථිරයි..- පියසේන රතුවිතාන ගණ පිහිටුවා කියයි..

August 25, 2017 at 10:51 pm | lanka C news
සෙනසුරු මහ දශාවේ ජන්ම ඒරාෂ්ඨකය ලබයි.. බලවතෙකුට ප‍්‍රබල අපල.. නොසිතූ පෙරළියක් ස්ථිරයි..- පියසේන රතුවිතාන ගණ පිහිටුවා කියයි..

2017 ඔක්‌තෝබර් මස 27 වැනිදායින් පසු දේශපාලන ක්‍ෂේත්‍රයේ නොසිතූ පෙරළියක්‌ සිදුවනු ඇත. ඉදිරියට මැතිවරණයකට සූදානමකුත්, ශ්‍රී ලංකා කේන්ද්‍රයේ හා නායකත්වය දරණ අයගේ කේන්ද්‍රයේ ගුරු – ශනි හා රාහු තිදෙනාගේ රාශි මාරුවත් පවත්නා රජයේ යම් වෙනසකට හෝ නායකත්වය දරණ රාජ්‍ය නායකුගේ බලවත් වෙනස්‌ වීමකටත් මේ ග්‍රහචාරය පසුබිම් වන බවක්‌ පෙනේ.

ශ්‍රී ලංකා කේන්ද්‍රයේ, ඔක්‌තෝබර් 10 වැනිදා සිට 20 වැනිදා පමණ වන තුරු කාල සර්ප යෝගයක්‌ වේ.

එ. ජා. ප කේන්ද්‍රයට මේ වන විට සෙනසුරු මහ දශාවේ ගුරු අතුරු දශාවයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මේ වන විට සෙනසුරු මහ දශාවේ සිකුරු අතුරු දශාවයි. ඔක්‌තෝබර් මාසයෙන් පසු ඒ පක්‍ෂ දෙකටම ඒරාෂ්ටක තත්ත්වයක්‌ වේ. මේ අවු 30 කට පමණ පසුව ලබන ඒරාෂ්ටකයකි. එහි ප්‍රතිඵල යහපත් නැත.

ආණ්‌ඩුවේ ප්‍රබලම අයකුට මේ වන විට සෙනසුරු මහ දශාවේ රාහු අතුරු දශාවයි. ඔක්‌තෝබර් වලින් පසු ජන්ම ඒරාෂ්ටකය ලබයි. ශනි – රාහු දශා ගෙවෙද්දී ලබන ඒරාෂ්ටකය යහපත් නැත. පරාර්ථ අත් දැකීම් දෙයි. උපතින් මේ සෙනසුරු සිටියේ සඳුගෙන් 8 වැන්නේ ය. සෙනසුරු ගමන් කරන්නේ සඳු සිටි රාශිය මතට ය. යම් පාප දශාවක්‌ හෝ අතුරු දශාවක්‌ ගෙවමින් සිටියදී එම ග්‍රහයා ගෝචර ගමනින් කේන්ද්‍රස්‌ථානයක්‌ හරහා ගමන් කිරීම äද්‍රක අපලය වේ. මේ කේන්ද්‍රයට ඔක්‌තෝබර් වලින් පසු එම අපලය ද ලබයි.

ජනාධිපතිවරයාට මේ බලවත් රවිගේ දශාවයි. තවත් අවු 02 ක්‌ මේ බලය සුරක්‍ෂිතය. බලවත් රවිගේ දශාව ලැබුව විට නිවහල් තීරණ ගැනීමෙහි ලා පසුබට වන්නේ නැත.

රටේත්, රාජ්‍ය නායකයන්ගේත් ග්‍රහ චාරය සළකා බලන විට එතැන බලවත් පෙරැළියක ලකුණු විද්‍යමාන වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දෛවය කෙරෙහිද එබිකම් කළ යුතුවේ. ඔක්‌තෝබර් මාසයේ සිට බලවත් ගුරු යෝග කාරක සිකුරු සිටි රාශියට යැම විශේෂ බලවත් ග්‍රහ චාරයකට මුල පිරීමකි. එම කේන්ද්‍රයේ චන්ද්‍ර අධියෝගය, පරිවර්තන යෝගය, ලක්‍ෂමී යෝගය, දීප්ත යෝගය, උභය චරී යෝගය වැනි යෝග පොකුරක ශක්‌තිය පොදි ගැසී ඇත. දේශපාලන ක්‍ෂේත්‍රයේ දී වැඩි ශක්‌තියක්‌ විදහා දක්‌වන්නේ එම කේන්ද්‍රයයි. බලවත් කේන්ද්‍ර තුන හතරක්‌ම එ. ජා. පයේ වෙතත් ඒ අය තවම තාරුණ්‍යය ඉක්‌මවා නැත. පැසුණු බව හෙවත් පරිණත බව දේශපාලනයට අත්‍යවශ්‍ය එකකි.

ජ්‍යෙdතීර් විද්‍යාවේ දී ලග්න සටහන තුළ පිහිටීම පමණක්‌ බලා රාජ යෝගවල විමසීම කළ නොහැකිය. ඒ සඳහා ෂඩ් වර්ග, අෂ්ට වර්ග, දශ වර්ග, කේන්ද්‍ර සියල්ල පරීක්‍ෂා කර බලා යළි පර්වතාංශ, ගෝපුරාංශ, උත්තමාංශ, පාරිජාතාංශ වැනි යෝගද නායකත්වයට අවශ්‍ය සිංහාසනාංශ දක්‌නට ලැබුණත් දිව්‍ය ලෝකාංශ යෝග සහිතව උපදින අය අඩු ය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේම ඒ යෝග ඇති කෙනෙක්‌ නොවූ හ.

ඉදිරියට එළඹෙන්නේ මැතිවරණ වර්ෂයකි. ඒ සඳහා වැඩිදෙනෙකුගේ උනන්දුවක්‌ද වේ. දේශපාලනය සඳහා රවි ග්‍රහයා විශේෂ බලපෑමක්‌ කරයි. මේ රවි බලවත්ව ස්‌වකීය රාශිය වූ සිංහයේ ගමන් කරන අවස්‌ථාවකි. පොදුවේ දිවි මගේ සාර්ථකත්වය ළඟා කරගැනීම කෙරෙහි ද රවි ඉමහත් බලපෑමක්‌ ඇති කරයි. ඒ පිළිබඳව පරාසර පඬිතුමා මෙසේ සඳහන් කර ඇත. හිරු මුදුන්වන වේලාවෙහි හෝ මධ්‍යම රාත්‍රියේ මිනිත්තු 24 ක කාල පරාසයක්‌ තුළ උපත ලැබූ අයෙක්‌ වේද, හෙතෙම රජකු බඳු බලවතෙකි. නැතොත් ඒ හා සමාන ධනවතෙකි.

ආචාර්ය පියසේන රතුවිතාන
– දිවයින

61,112 Viewers

15 Comments to “සෙනසුරු මහ දශාවේ ජන්ම ඒරාෂ්ඨකය ලබයි.. බලවතෙකුට ප‍්‍රබල අපල.. නොසිතූ පෙරළියක් ස්ථිරයි..- පියසේන රතුවිතාන ගණ පිහිටුවා කියයි..”

  1. Chethiyasena says:

    “ජනාධිපතිවරයාට මේ බලවත් රවිගේ දශාවයි”

    හා හා හා! අම්මප!

    😂

    රවි මහ දසාව ලබල තියෙන්නෙ අක්මැට් තුමාට!
    මහ දසාව වුනාට රවි නීච වෙලා! කිසිම ග්‍රහයෙක් මේ තරං පීචං – සොරි- නීචං වෙලා නෑ මහා බුරඃමය ඔය ග්‍රහ උන්නැහෙල සැට් එක මවපු දවසෙ ඉඳං- සොරි- දවසෙ හිටං!

    අක්මැටි තමිල්නාඩු කෝවිලට යනවනෙ ගිරහ කස්ටිය ෂේප් කරගංඩ!

    ජනපතිට ලබල තියෙන්න රවිගෙ අතුරැ දසාව!

    No “pobbem” whatsoever ! Life will go on just as usual!

    • sura says:

      විජිත් රෝහණ කිව්ව කාල සර්පයා ආයේ මතුඋනා නේද ?පහුගිය කාලේ මිනිස්සු ඒ ගැන හිනා උනා නේද ?නමුත් දැන් මොකද කියන්න විජිත රෝහණ කිව්ව තත්වය ඇතිවෙලා නේද ?
      කවුරු කොහොම කිව්වත් විජිත රෝහණ කිව්ව අනාවැකිය ඉටුවන බව අපට නම් විශ්වාසයි එක කිව්වා කියල ඒ මිනිහාව අත් අඩන්ගුවටත් ගත්තා නේද ?කිසිම විද්යානුකුල නොවන දෙකට ඔහුව අත් අඩංගුවට ගත්ත නේද ?

  2. රොන් says:

    දැන් කී වතාවක් බලවතුන්ට අපලයි කිව්වද? ඔය ඉන්නේ අපූරුවට
    බලවතුන් කියන සෙනසුරු ග්‍රහයන්ගෙන් නම් සාමන්‍ය ජනතාවටත් රටටත් අසුහ බලපෑමක් තියනව.

  3. Jay says:

    All myths and false predictions. It is pity that majority of Srilankans believe the predictions of these blokes.Have these people not learnt a lessons by looking at MaRa fate!

  4. දමින්ද says:

    අනේ මේ මිනිස්සු දන්න කෙහෙල්මල

  5. Ranasinghe says:

    Why you cannot tell all theses corrupt politician steeling money when they come to power. Like Mahina how much money he stolen from poor people.

  6. HUNA says:

    Owa magaharina krama thiyenawa.

  7. raymond says:

    ඕවා බොරු මම හොදට හොයලා බැලුවා වෙලා තියෙන්නෙ අපෙ අයගෙ බලවත් කමට සෙනසුරුට හ රාහුට අපලවෙලා දැන් සෙනසුරු හා රාහු අපෙ අයගෙන් බෙරෙන්න ශාන්ති කර්ම කරනවාr

  8. Kara jayasuriya says:

    Pissu dewal

  9. Sadasori says:

    Kiyana Widihata Sarpa Yoga Blapanne Pansalwalata Ringala Nai Arina Unta …

  10. Moda Buniya says:

    මුන් හින්දයි අපේ රට පස්සට යන්නේ. මුන් ටික අල්ලලා හිරේ දාන්න ඕනේ.

  11. Lapaya says:

    Rathu withanayage puke rathu lapa nedda mehema kiyapu keedenek lankawe innawada anek siyaluma ratwal diunuwenne kendara passe noyana nisada manda Oluwa podie bada lokui kehethage apale lankawae minissunta

    • N Bambaravanage says:

      ඇමරිකානුවන් සෙනසුරැ පරදා යනවා. මෙරට සාත්තරකරැවන්ට මෝඩයන් රැවටෙනවා.
      කතරගමින් පිහිට පතනවා, දෙවියොත් පොලීසි යනවා.
      හෙනහුරැ මොනවා කරන්නද ?

Main News