සේවයට මුල්තැන නොදී සැප පහසුකම් හොයන්න එපා…

December 15, 2018 at 6:29 am | lanka C news
සේවයට මුල්තැන නොදී සැප පහසුකම් හොයන්න එපා…

උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබූ තරඟ විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වූ අය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා විසින් පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම පසුගියදා සිදුවිය.

එහිදී සංවර්ධන නිලධාරීන් 31දෙනෙකුත් කළනමනාකරණ සහකාර නිලධාරීන් 08දෙනෙකුත් විගණන සහකාර නිලධාරීන් 03දෙනෙකුත් වශයෙන් පත්වීම් ලැබූ අතර මුළු සංඛ්‍යාව 41දෙනෙකි.

උතුරු පළාත පුරා පවතින තවත් පුරප්පාඩු විශාල ප‍්‍රමාණයක් ඉදිරි කාලය තුලදී විධිමත් ක‍්‍රමවේදයන්ට අනුව පිරවීමට කටයුතු සූදානම් කරන බව එහිදී ආණ්ඩුකාරතුමන් ප‍්‍රකාශ කරන ලදී.

එහිදී විශේෂයෙන් අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

ඔබ පත්වීම් ලබා ගන්නා දිනයේම කල්පනා කරන්නේ කවදාද අපේ විශ‍්‍රාම දිනය එන්නේ යැයි කියා. සේවාවට මූලිකත්වය නොදී සැප පහසුකම් වලට මූලිකත්වය ලබාදී කටයුතු කරන්න එපා. ඒ ක‍්‍රියාව ඉතාම වැරදියි. අපි කවදත් මුල්තැන දිය යුත්තේ අපේ සේවයටයි.

රජයේ සේවයේ රැුකියාවට යන කාටත් හොඳ ගෞරවයක් හිමි වෙනවා. පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයේද ගෞරවය ආරක්ෂා කර ගනිමින් තමන් ගන්නා වැටුපට නිසි සාධාරණත්වයක් ලබා දෙමින් තමන්ගේ රාජකාරී කටයුතු කිරීම ඉතාම වැදගත් යැයි මා මෙහිදී පවසන්නේ ඔබ සියලූ දෙනා මේ වැටුප් ලබා ගන්නේ මහජනතාවගේ මුදල් වලින් බව මතක තබා ගත යුතු බැවිනි. ඒ නිසා මහජන මුදලින් වැටුප් ලබන ඔබ මහජනතාවට හොඳ සේවාවක් සැපයිය යුතුයි.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එල්x ඉලංගෝවන් මහතා, පළාත් ප‍්‍රධාන ලේකම් ඒ. පතිනාදන් මහතා සහ රාජ්‍ය නිලධාරීන් රැුසක් සහභාගී වී සිටියහ.

උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ලේකම්

13,671 Viewers
Main News