ගම්මුන් සොර කල්ලියක් අල්ලාගෙන මහමග ගැට ගසා ගුටි බැට ඇන පොලීසියට භාර දෙයි..

October 17, 2018 at 3:50 pm | lanka C news
ගම්මුන් සොර කල්ලියක් අල්ලාගෙන මහමග ගැට ගසා ගුටි බැට ඇන පොලීසියට භාර දෙයි..

යාපනය, තිරුනෙල්වේලි ප්‍රදේශයේදී කෝවිලකින් හා ප්‍රදේශයේ නිවාසවලින් භාණ්ඩ සොරාගත් පුද්ගලයින් හතරදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන විදුලි කණුවක ගැට ගසා පහරදීමෙන් අනතුරුව පොලීසිය වෙත භාර දීමට ප්‍රදේශවාසීන් විසින් ඊයේ (16) සවස පියවර ගෙන ඇත.

තිරුනෙල්වේලි ප්‍රදේශයේ කොවිලක භාණ්ඩ සොරාගෙන යන අවස්ථාවේ ප්‍රදේශවාසීන් අදාළ සැකකරුවන් සිව් දෙනෙකු අල්ලාගෙන ඇති අතර පසුව ඉන් දෙදෙනෙකු පලා යාමෙන් පසුව අනෙක් දෙදෙනා  අල්ලාගෙන පසුව විදුලි කනුවක ගැට ගසා ඇත.

සැකකරුවන් අල්ලාගන්නා විටත් කෝවිලෙන් පැහැරගත් පැරණි භාණ්ඩ කිහිපයක්ද  තිබියදී ප්‍රදේශවාසීන් සොයාගෙන ඇත.

තිරුනෙල්වේලි ප්‍රදේශයේ කෝවිල් දෙකකින් හා නිවාස හතරකින් පසුගියදා කිසියම් පිරිසක් භාණ්ඩ සොරාගෙන ගොස් තිබු අතර, අදාළ භාණ්ඩ සොරාගත්  පිරිස පිළිබඳ කෝවිල් තුළ සවිකර තිබු සී.සී.ටී.වි දර්ශන ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණයින් අදාළ පිරිස හඳුනාගෙන සැකකරුවන් තවත් සොරකමක් සිදුකරන අවස්ථාවේ මෙසේ අල්ලාගෙන ඇත.පොලීසියට භාරදුන් සැකකරුවන් මාර්ගයෙන් සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරි්කෂණයක් සිදු කරන බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,926 Viewers

3 Comments to “ගම්මුන් සොර කල්ලියක් අල්ලාගෙන මහමග ගැට ගසා ගුටි බැට ඇන පොලීසියට භාර දෙයි..”

  1. sinha le says:

    පිරපාකරන් උතුරේ සිංහලයන් සහා මුස්ලිම් අය එලවා දැමීමේ විපාක

  2. yohan says:

    සොර කල්ලියක් ගම්මුන් අල්ලාගෙන newei ban ගම්මුන් සොර කල්ලියක් අල්ලාගෙන . umbalage sinhala ???

  3. spm says:

    Error word is “gammun”, corrected word is “gammu”

Main News