සෝභිත හිමි අපවත් වී දෙවසරයි.. ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු’..රාජපක්ෂ පාලනය වෙනස් කිරිමට ඇමරිකාව උපයෝගී කරගත් ආකාරය..

November 7, 2017 at 10:53 pm | lanka C news
සෝභිත හිමි අපවත් වී දෙවසරයි.. ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු’..රාජපක්ෂ පාලනය වෙනස් කිරිමට ඇමරිකාව උපයෝගී කරගත් ආකාරය..

හෙට නොවැම්බර් 8 වෙනිදාට මාදුළුවාවේ සෝභිත නා හිමි අපවත්වී වසර 2 ක් පිරේ, උන්වහන්සේ මෙරටේ දේශපාලන ගමන් මග වෙනස් කිරිමට පුරෝගාමී වී ක්‍රියාකල හිමිනමකි. උන්වහන්සේ ඒ සඳහා “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය”ට නායකත්වය දුනි, ඒ මෙරටේ 30 වසරක කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කොට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජනතාවට සාමය උදාකරදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන්වෙනි වරට ජනාධිපති වීමේ අවස්ථාව අහිමි කිරීමටයි. ඒ සඳහා උන්වහන්සේ යොදාගත්තේ විධායක ජනාධිපති ධූරය පලමු මාස 6 තුල අලුතින් පත්වන පාලකයා ලවා අහෝසි කරන බවයි, ඒත් අදටත් එම විධායක ජනාධිපති ධූරය එසේම පවති එමෙන්ම උන්වහන්සේ අපවත්වී අදට වසර දෙකකි.

ඒ සඳහා එදා විශාල දායකත්වයක් සැපයු වොෂින්ටනයේ ඔබාමා පාලනයද අද වෙනස් වි ඇත. එසේ නම් අහෝසි කරනවා කියා උන්වහන්සේට පොරොන්දු වු විධායක ජනාධිපති ධූරය අහෝසි නොකෙරුනේ එදා එම සැලසුම් සකස් කල දේශීය හා විදේශීය බලවේග වල අරමුණ ඊට් හාත්පසින්ම වෙනස් වූ නිසාය. එහෙත් බෞද්ධයන්ගේ ප්‍රසාදයට පත්ව සිටි මාදුළුවාවේ සෝභිත නා හිමි මේ උපායට අසුවු බව මේ වනවිට රටේ ජනතාව තේරුම් ගෙන ඇත.

මේ සම්බන්ධව ලෝක සමාජයවාදි වෙබ් අඩවිය පවසනුයේ, වමාංශික මෙන්ම ප්‍රධාන දේශපාලන ධාරවන් දිගින් දිගටම ප්‍රකාශ කලත් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමිම ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට කරනු ලැබු විප්ලවයක ජයග්‍රහණයක් කියාය. ඒත් සෑමවිටම ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශ කලේ රාජපක්ෂ පාලනය චීනය සමග ඇති වැඩි නැඹුරුව ඔබාමා පාලනය නොරිස්සිමේ ප්‍රතිඵලයක් නිසා රාජපක්ෂ රජය පෙරලීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. මෙය “යහපාලනය” නැමති ව්‍යජ ධජය යටතේ කරනු ලැබු ඇමරිකානු සුපුරුදු වර්ණ විප්ලවය හරහා ඇමරිකානු නොරිස්සු පාලනය වෙනස් කිරීමේ වැඩපිළිවෙළ බවයි.

ඔබාමා රජය යටතේ හිලරි ක්ලින්ටන් විසින් රාජපක්ෂ වෙත එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසම හරහා යුධ අපරාධ චෝදනා එල්ල කරමින් ශ්‍රීලංකාව ලෝකයේ හුදකලා කිරිමට අවශ්‍ය ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරන ලදි. ඒ හරහා චීනයේ යුද බලය දකුණු ආසියානු කලාපයේ සිමාකිරිමට නම් රාජපක්ෂ පාලනය චීනයන් ඈත් කල යුතු බවට තීරණය විය.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම රටතුල එවකට ශ්‍රීලංකාවේ සිටි ඇමරිකානු තානාපතිවරිය වන මිචේල් සීසෙන් මහත්මිය විසින් සම්බන්ධීකරණය සිදු කරන ලදි. ඇය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ මෙන්ම මාධ්‍යම පාන්තික සාමාජය නියෝජන කිරිම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය (එනම් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝගේ සභාපතිත්වය දැරු) සමඟ සම්බන්ධ වුනි.

ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්ෂ පරාජය කල නොහැකි බව චන්ද්‍රිකා කුමාරතුංග විසින් රනිල් වික්‍රමසිංහට දැනුම් දිමෙන් මෙන්ම එසේ ඉදිරිපත් වන්නේ නම් මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ සංධාන සහයෝගය සම්බන්ධව ගැටලු ඇති බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ඇය විසින්ම මහින්ද පැරදවීමට ඔහුගේ කිට්ටුවන්තම කැබිනට් සගයා තෝරා ගැනිමට අවශ්‍ය කටයුතු යොදන ලදි.

දිගින් දිගටම රාජපක්ෂ පාලනයට විරුද්ධව දූෂණය මෙන්ම පවුල්වාදය සම්බන්ධ චෝදනා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝගේ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය” මෙන්ම විශ්ව විද්‍යාලය ආචාර්යවරුන්ගෙන් සමන්විත “පුරවැසි බලය” විසින් දියත් කොට රාජපක්ෂවරුන්ගේ ජනතා ප්‍රසාදය විනාශ කරමින් සිදු කල අතර සිංහල බලවේගයක් වන ජාතික හෙල උරුමය මෙන්ම වමාංශික බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණ මෙම සටනට සම්බන්ධ කරගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ සමත් විය.

ඇමරිකාවේ ඔබාමා පාලනයට අවශ්‍ය තිබුණේ රාජපක්ෂ පැරදවීම පමණක් නොව ඉන්පසුද පසුගිය වසර දෙක තුල වොෂින්ටන් පාලනය ක්‍රියාත්මක වූයේ රාජපක්ෂවරුන් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කිරිමයි. එ සඳහා ඔහුන් ඇමරිකාවේ සිට සිරිසේන ජනාධිපති සමඟ ඉතා සිරුවෙන් එම කටයුත්ත අධීක්ෂණය කලේය.

අවසාන වශයෙන් ලෝක සමාජයවාදි වෙබ් අඩවිය පවසන්නේ අවුරුදු දෙකක් ගතවී ඇති මේ රජය විසින් ඉතා ජනප්‍රිය “යහපාලන” බැනරය යටතේ බලය ලබාගෙන ජනතාවගේ සුභසිද්ධියට අවශ්‍ය කිසිවක් නොකළ ඇමරිකානුන්ගේ කලාපිය දේශපාලන හා යුද උපායමාර්ග ඉටුකිරීමට පත්කල ආණ්ඩුවක් බවයි.

යොමුව මෙතනින්
වීඩියෝව මෙතනින්

13,382 Viewers

4 Comments to “සෝභිත හිමි අපවත් වී දෙවසරයි.. ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු’..රාජපක්ෂ පාලනය වෙනස් කිරිමට ඇමරිකාව උපයෝගී කරගත් ආකාරය..”

  1. වර්ණපාල says:

    දැන් මෙතුමා සින්ගප්පුරු ජාතිකයෙකු ලෙස උපත ලබා අරාබියේ සිටිනා බව ජාලය කියයි.

  2. Mahasona says:

    Sobhitha should rot in hell for trillion years for dragging the country to this mess. Sobhitha and MY3 are stupid idiots to put trust on ‘Toddy Blue’ to lead a ‘Yahapalana’ government. MY3 who promised to restore democracy also behaved as a dictator the moment he took the oath. At that time there was a Government elected by people. MY3 kicked out that Government and hand over the country to a guy who did not have a mandate from the people and Sobhitha approved that.

  3. Critic says:

    Absolutely right what you’ve pointed out! I agree with you100%.Actually he’s in the Hell!

  4. nalaka says:

    Sohitha hamuduruto oya kumantraneta alla gate Horagolle hatiriyane enisa Sohita hamuduruwo apawath une yahapalanaya gana hite wairayak crodayak tiyagenae. ethin esapa tama dan yama palanayata pala deila tiyenne. Ranil dennama epadunu kenek ne. MY3 paw ithin tama kiyanna tiyenne. Horagolle Hatiri, Aslomba, Kunu data Sohita hamuduruwo Lanka Maathawata dawasaka waga uttara bandinna weni lagadima.

Leave a Comment

Main News