සෝභිත හිමි වෙනුවෙන් ජනාධිපති අගමැති මැති ඇමතිවරු ශ්‍රද්ධාවෙන් නිවසේ සිට පිං අනුමෝදන් කරනවා ඇති..- විජේදාස ආගමානුකූලව කොචොක් කරයි..

November 9, 2017 at 12:11 am | lanka C news
සෝභිත හිමි වෙනුවෙන් ජනාධිපති අගමැති මැති ඇමතිවරු ශ්‍රද්ධාවෙන් නිවසේ සිට පිං අනුමෝදන් කරනවා ඇති..- විජේදාස ආගමානුකූලව කොචොක් කරයි..

මාදුළුවාවේ සෝභිත නාහිමි අපවත්වී වසර 2 ක් පිරිම නිමිත්තෙන් ඊයේ (08) වෙනිදා උන්වහන්සේ වැඩසිටි කෝට්ටේ නාග විහාරයේ පිංකම් මලාවක් පැවත්විනි.

විශේෂයෙන්ම උන්වහන්සේ වෙනුවෙන් එම විහාරස්ථානයේ කෞතුකාගාරයක් ද මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි හිමියන් අතින් සිදු කළ අතර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛව විශාල පිරිසක් එයට සහභාගි විය.

මෙහිදී මහා සංඝරත්නය විශෙහිලා දහවල් දානමය පිංකමක් ද පැවත් වුන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂ මහතාත් සහභාගි වී සිටියේ ය.

එහිදි මාධ්‍යවෙදීන් විසින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසුවේ මෙම අනුස්මරණ පිං කම් මාලවට ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් සහභාගි නොවුයේ මන්ද යන්නයි.

ඒ සම්බන්ධව පිලිතුරු දුන් හෙතෙම පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරු තම නිවෙස්වල සිට බොහෝම ශ්‍රද්ධාවෙන් අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමි වෙනුවෙන් පිං පමුණුවමින් ඇති බවයි.

කෙසේ වෙතත් උන්වහන්සේ වර්තමාන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයා කිරිමට විශාල කාර්යය භාරයක් කලහ.

එමෙන්ම උන්වහන්සේගේ එම ක්‍රියාදාමය තුල පරාජයට පත් වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම දෙවර්ශ පූර්ණ පිං පැමිණවීමේ උත්සවයට සහභාගි විමත් උන්වහන්සේ බලයට පත් කල පිරිස් එම පිංකමට සහභාගි නොවිමත් මෙම උත්සවය පුරා කැපි පෙනුණු කාරණයකි.

එහිදි විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත කරුණු දැක්වු අයුරු වීඩියෝව මෙතනින්

15,722 Viewers

9 Comments to “සෝභිත හිමි වෙනුවෙන් ජනාධිපති අගමැති මැති ඇමතිවරු ශ්‍රද්ධාවෙන් නිවසේ සිට පිං අනුමෝදන් කරනවා ඇති..- විජේදාස ආගමානුකූලව කොචොක් කරයි..”

  1. Samarapala says:

    මහින්ද මහත්තය 2015 පරදින්නත් එක හේතුවක් තමයි එතුමා ගාව තියෙන ඔය මනුස්සකමයි හිතවත්කමයි කෘතවේදිත්වයයි

    • siraa says:

      බම්බුව, ගොන් පුත්තුයි, විල්පත්තු, ශ්‍රී පාදේ ඉඩම් හම්බයට විකිණීම්, ෂරිය campus, හලාල්, බුර්ක, පල්ලි හදල දීම් සහ,බොරු බෞද්ධ කම.

  2. කොය කාල්කන්නියා මැරුන එක හොඳයි මුගෙ අම්මට ඕකා හිටියානම් දෙමළු රාජය?????
    ද්ට්ටදම්මවේදය මිහිපිට පන්ඩිසඳීම​/////////////?????????

  3. asaranaya says:

    දාන පින්කම් කරන්න මුදල් අවශ්යයි. ඒ මුදල් සොයා ගැනිමේ ක්‍රම සහා විදි හිටන් කුමාරයා සමග ගෙදර ඉඳන් ඉන්ගිරිසියෙන් හිතනව පතනවා, , තව කොපමන කලක් කරන්නද ,දැන්ම කරගත් දෙයක් තමයි ඉදිරියට

  4. Manel says:

    No matter what you say, Mahinda is 1000 times better than you as a person and as a patriotic leader. In 360 program you blame Ranil and others for their unpatriotic doings eg. selling Hambanthota etc but at the end you still want to be a UNPer. What kind of policies you have other than empty pride about yourself and opportunism?

  5. Lolla says:

    කිව්වට තරහ ගන්න එපා
    සෝඹිත හමුදුරුවෝ මේ රටට කරල ගිය විනාසෙට අපායේ දහ දුක් විදින්න ඕනේ

  6. වලස්මුල්ලේ විල්සන් says:

    විජයදාස රාජපක්ෂට දේශපාලනඥයෙකුට තිබිය යුතු සංයමය, විනය සහ ඉවසීම නැහැ. ඔහුට කිසිම දවසක එක තැනක ඉන්න බැහැ. එයා දේශපාලනයට ගෙනාවෙ චන්ද්‍රිකා කාලයක් යනකොට එයා තරහ කරගත්තා, ඊට පස්සෙ මහින්ද රාජපක්ෂට සෙටිඋනා එතනත් අැරගත්තා. අන්තිමට මෛත්‍රී රනිල් හවුලට සෙටිඋනා එතනත් ඇරගත්තා. උද්දචිච මනුස්සයෙක්. ඔහුම ඔහුගැන අධි තක්සේරැවකින් ඉන්නෙ.

Leave a Comment

Main News