සෞඛ්‍ය අමාත්‍යංශයට ශිෂ්‍යයින් කඩා පැනීම අනුමත කරන්න බෑ.. එය පෙරටුගාමීන්ගේ උසිගැන්වීමක්..- GMOA අගමැති හමුවී කියයි.. වැඩ වර්ජන තවත් නෑ..

July 14, 2017 at 1:20 pm | lanka C news

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය ගැටළු පිළිබද සාකචිඡා කිරීම සදහා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා අග්‍රාමාත්‍යවරයාගෙන් වෙිලාවක් වෙන්කරවා ගැනීමට කටයුතු කර තිබුනි. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන ලදි.
සාකචිඡා පැවැත්වීමට නම් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටිය යුතු බවත්, සාකචිඡා මෙිසයට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම අත්‍යාවශය බවත් පෙන්වා දෙන ලදි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එකඟත්වය පළ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සාකචිඡාව සදහා නිලධාරීන් දෙදෙනෙකුට පමණක් සහභාගි විය හැකි බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබද ඔබගේ මතය කුමක් ද යන්න පිළිබදවත් ය. “අගමැති තුමනි මම ඔිනෑ කෙනෙක් එක්ක සාකචිඡා කරන්න සුදානම් එම සාකචිඡාවට මම එන්නම්” සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි. ඒ අනුව සාකචිඡාව බ්‍රහස්පතින්දා රාත්‍රී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, දිනේෂ් විරක්කොඩි මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය සේවා සම්බන්ධිකරණ නිලධාරිවරයෙක් මෙන්ම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ද සාකචිඡාවට එක්වූහ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ පාර්ශ්වයෙන් සභාපති අනුරුද්ධ පාදෙනිය, ලේකම් හර්ෂ අලුත්ගේ යන මහත්වරුවරුන් එක්ව සිටියහ.

පළමුවෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඔබලා අදහස් ප්‍රකාශ කරනවා. සයිටම් සිද්ධිය සම්බන්ධයෙන් රජයේ තීන්දුව තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාට පෞද්ගලික පහර ගහන්න එපා යැයි ප්‍රකාශ කරන ලදි. ඉන් පසු අදහස් දැක් වූ දිනේෂ් විරක්කොඩි මහතා පැවැසුවෙි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සටනක් සිදු කළ යුතු බවත්, හරිත අලුත්ගේ ලේකම්වරයා ඊට පෙර දින ද මාධ්‍ය හමුවෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව අදහස් පළ කරන අයුරු දක්නට ලැබුන බවත් කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ පවතින ගැටළු සාකචිඡා මාර්ගයෙන් විසදා ගත හැකි බවත්, ප්‍රශ්ණයක් ඇත්නම් දිර්ඝව සාකචිඡා කළ යුතු බවයි. තවත් කෙනෙකුට පහර ගැසිම ප්‍රශ්ණයට විසදුමක් නොවෙයි. මම ක්‍රියාත්මක කරන්නේ රජයේ ප්‍රතිපත්තියි. වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිති ගත කිරීම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සහ රජයේ යෝජනා සමාන කමක් ඇති බව මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතිගත කිරිම පිළිබදව අවශ්‍ය සියළුම පියවර ගෙන ඇති බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් මෙහිදී සදහන් කළේ අවම ප්‍රමිතිය පිළිබදව ගැටළුවක් තිබූ බවයි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ සයිටම් ආයතනය ආරම්භ කිරීමෙි දී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව කරුණු විමසා ඇති බවයි. නමුත් මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වීමෙන් පසු 2015 වසරේ දී ප්‍රමිතිය සකස් කිරීමට කටයුතු කළා. විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් අදහස් ලබාගත්තා. ඒ අනුව සකස් කළ වාර්තා වෛද්‍ය සභාව විසින් බාරදීමට නියමිතව තිබුනේ පසුගිය මස 22 දායි. නමුත් ශිෂ්‍යයින් පැමිණ අමාත්‍යාංශයට ඇතුලු වී එම වැඩපිළීවෙල කඩාකප්පල් කළා. මට ලබාදුන් වාර්තාව නීති කෙටුම්පත් දෙපාර්තෙමින්තුවට යොමු කර තිඛෙනවා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි. මම නීතිපති කෙටුම්පත් දෙපාර්තෙමින්තුවෙන් මෙි පිළිබද විමසුවා එම කෙටුම්පත භාෂා තුනට පරිවර්ථනය කිරීමෙන් පසු ගැසට් කරන්න පුළුවන් යැයි අග්‍රෘමාත්‍යවරයා පැවැසිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පැවැසුවෙි පවතින ගැටළුව අවසන් කර ගත යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව ජාත්‍යන්තර උදාහරණ ගෙනහැර දක්වමින් අදහස් පළ කරන ලදි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාෙවි සභාපතිවරයා පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් විසින් සභාපති ධූරයට නම් දෙකක් ලබාදෙන ලදි. හිටපු සභාපතිවරයෙක් සහ පෞද්ගලික රෝහලක සභාපතිවරයෙකු ඊට ඇතුලත් වී තිබුනි. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හොදින් කල්පනා කර බලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාෙවි සභාපතිවරයා පත් කළ යුතු බවයි. ක්‍රියාශීලි වෛද්‍ය සභාවක් පත් කළ යුතු බවත්, දියුණු රටවල එවැනි වෛද්‍ය සභා ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පැවැසුවෙි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල දුර්වලකම් පවතින බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට ශිෂ්‍යයින් කඩා පැන දේපල විනාශ කිරීම අනුමත නොකරන බව සදහන් කළ ඔවුන් එය ශිෂ්‍යයින් නොදන්නා බව ද කියා සිටියහ. එම කඩාකප්පල්කාරී ක්‍රීයාව පෙරටුගාමී පක්ෂයේ නායකයින්ගේ උසිගැන්වීම මත සිදු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගයේ නියෝජිතයින් සදහන් කළේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

14,364 Viewers

4 Comments to “සෞඛ්‍ය අමාත්‍යංශයට ශිෂ්‍යයින් කඩා පැනීම අනුමත කරන්න බෑ.. එය පෙරටුගාමීන්ගේ උසිගැන්වීමක්..- GMOA අගමැති හමුවී කියයි.. වැඩ වර්ජන තවත් නෑ..”

  1. Chethiyasena says:

    This statement is from the “Maadya Ekakaya” of the Health Dept.

    I bet there will be a contradictory report by GMOApretty soon.

    • Nuwan says:

      පාදෙණියගේ මෙගා ඩීලි හසුවීමෙන් පසු පජවී …යටත් වී ඇත.

  2. Kamal says:

    ගොමා හාමුලා පසු පස ගිය අන්තරේ, පෙරෙට්ටො, ජෙප්පො අනාතයි අබ සරණයි.

  3. Nayakathuma says:

    Jeppantai paratuwantai dan ungema jokala asse oluwa hangagannai wenne.

    Hinaha yanawa ooi.

Leave a Comment

Main News