සෞඛ්‍ය ඇමති වෙස්වලාගෙන රෝහලේ කුස්සියට පනී.. මිහිපිට අපාය මාට්ටුයි…[Photo]

September 26, 2018 at 3:22 am | lanka C news
සෞඛ්‍ය ඇමති වෙස්වලාගෙන රෝහලේ කුස්සියට පනී.. මිහිපිට අපාය මාට්ටුයි…[Photo]

වවුනියාව මහ රෝහලේ මුලුතැන් ගෙය පවත්වාගෙන යන්නේ ඉතාම අපිරිසිදු තත්ත්වයෙන් හා මහජන සෞඛ්යව ආරක්ෂාවට අවධානමක් වන අයුරින් බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ජී.ගුණසීලන් මහතා පෙන්වා දෙයි.

කළින් නොදන්වා උතුරු පළාත් සෞඛ්යය අමාත්යකවරයා වවුනියාව මහ රෝහල වෙත පැමිණ සාමාන්ය වැසියෙකු මෙන් කෙළින්ම රෝහල් මුලුතැන් ගෙය වෙත ගොස් ඇත්තේ ඔහුට මෙම මුලුතැන්ගේ පිළිබදව ලැබී තිබූ පැමිණිලි කීපයක් මතය.

එහිදී රෝහල් මුලුතැන්ගෙයට ගිය අමාත්යමවරයාට පෙනී ගොස් ඇත්තේ කිසිදු සෞඛ්යාඅරක්ෂිතභාවයකින් තොරව මුලුතැන්ගේ අපිරිසිදුකම් මැද සේවකියින් ආහාර පීස්න බවටය.

ඊට අමතරව මුලුතැන් ගෙයි සේවය කරණ සේවකයින්ගේ නවාතැන වී ඇත්තේද මෙම ස්ථානයම වන අතර ඔවුන්ගේ ඇදුම් පැළදුම් හා සෙසු භාණ්ඩ ගබඩා කොට ඇත්තේද එහිම බව අනාවරණය වී තිබේ.

වවුනියාව මහ රෝහලේ මුලුතැන්ගෙට යාබදව වැසිකිළි පද්ධතියක් ඇති අතර එහි ජලය පවා නොමැතිව වැසිකිළි භාවිත කරණු ලබන්නේ මුලුතැන්ගේ තුළ පිසින ආහාර වලටද තර්ජනයක් වන අන්දමට බව උතුරු පළාත් සෞඛ්යස අමාත්යරවරයාට පෙනී ගොස් තිබේ.

වවුනියාව මහ රෝහලේ සෑම ස්ථානයක්ම දැඩි පරීක්ෂාවට ලක් කළ අමාත්යාවරයා පසුව වවුනියාව මහ රෝහලේ බලධාරීන් හමුවී ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කොට මුලුතැන්ගෙය වහාම පිරිසිදු ස්ථානයක් ලෙසට පත් කරන ලෙසට දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,234 Viewers

8 Comments to “සෞඛ්‍ය ඇමති වෙස්වලාගෙන රෝහලේ කුස්සියට පනී.. මිහිපිට අපාය මාට්ටුයි…[Photo]”

  1. Gamarala says:

    All the hospital and GOV office too same.
    After go to toilet no soap to wash the hand. Some time looks like never brush the toilet after Second World War . Shame on our srilankan peoples .

  2. නිදහස් says:

    අන්න ඇමතිවරු. දකුණටත් ඕන මේවගේ නියෝජිතයො තමයි. එතකොට හැදෙන එකා හැදෙයි.

  3. chitral siriwardene says:

    Sacrifice the luxury cars ministers are using and spend that money for well being of patients and quality of hospital environment.

  4. රෙදි නැතුව කක්කුස්සියට මාත් යනවා එත් කොලබ නම් නොවෙයි... says:

    රෙදි නැතුව කක්කුස්සියට මාත් යනවා එත් කොලබ නම් නොවෙයි… නාඩගම් පුවත්?

  5. වව්නියාවේද මේනියාවේ ලෙඩක් වගේ. says:

    වව්නියාවේද මේනියාවේ ලෙඩක් වගේ. පුළුවන් නම් පනපන්කෝ අගනුවර කළුත කක්කුස්සි වලකට? විස්සේදී වෙන්නේ ඒකම තමයි ලොක්කෝ.

  6. LankaBestAds says:

    Mama hituwe ape rajita amattuma kiyala

  7. nikama says:

    මිනිහෙක් තමන්ගෙම ගෙදර කුසියට පෙනල කුස්සිය පිරිසිදු නැ කියල විඩියො එකක් හදල මෙඩිය වලට දුන්න වගෙ.

Main News