සෞඛ්‍ය රියදුරු වැඩවර්ජනය අවසන්..

December 29, 2016 at 2:06 am | lanka C news | ලංකා සී නිවුස්
සෞඛ්‍ය රියදුරු වැඩවර්ජනය අවසන්..

සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත නොකළ පළාත් සභාවල සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත කරන ලෙස බල කරමින් උතුරුමැද පළාතේ සෞඛ්‍ය රියදුරන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් අවසන් විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි පිළිබදව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග දුරකථනයෙන් සාකචිඡා කරන ලදි. ඉන් පසු කළමණාකරන සේවා දෙපාර්තෙමින්තුවෙි අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් කථා කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය රියදුරු සේවයේ ස්ථාපිත නොකළ පළාත් සභාවල සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදි.

මෙතෙක් එම ගැටළුව පැවතුනේ උතුරු මැද පළාත් සභාවෙි පමනි. කළමණාකරන සේවා දෙපාර්තමෙින්තුව අනෙකුත් පළාත් සභාවලට එම චක්‍රලේඛය නිසි පරිදි යොමු කර තිබුනි. එම නිසා පොදුවෙි සියළුම පළාත් සභා වලට චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කළමණාකරන සේවා දෙපාර්තෙමින්තුවෙි අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන ලදි. ඒ අනුව සාකචිඡාවට සහභාගි වී සිටි රාජ්‍ය සේවා ජාතික සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජිතයින් උතුරුමැද පළාතේ වර්ජනයේ නියුතු තම සාමාජිකයින්ට දැනුම් දෙන ලද්දේ වර්ජනය අත්හිටුවන ලෙසයි. වර්ජනයේ නිරත සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරනන්ද වඩුගේ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත් සෞඛ්‍ය අමාත්‍යවරයා සාකචිඡා කළ කරුණු පිළිබදව දැනුවත් කර වර්ජනය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

– නිපුන් ඒකනායක

461 Viewers
Main News