සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාලවරයා ලෙස ජයසුන්දර බණ්ඩාර වැඩ බලයි..

January 3, 2017 at 2:06 am | lanka C news
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාලවරයා ලෙස ජයසුන්දර බණ්ඩාර වැඩ බලයි..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස සිටි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවාවෙන් විශ්‍රාම ලබා ගැනීම හේතුවෙන් පුරප්පාඩු වූ තනතුර සදහා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාලවරයා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පත් කර ඇත. ඒ මහතා රජකාරී කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කිරිමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජරාල්වරයා ලෙස සිටි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවාවෙන් විශ්‍රාම ගන්නා ලදි. ඔහු ලෝක සෞඛ්‍ය සංවර්ධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල බෝනොවන රෝග, පෝෂණය සහ පාරිසරික සෞඛ්‍ය ජාත්‍යන්තර සම්බන්ධිකාරක ධූරයට පත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමුගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්විනි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සේවය අගය කරන ලදි. මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළේ වසර 109 ක් තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු සිදු කිරිම සදහා සහයෝගය ලබාදුන් සියළුම දේනාට ස්තූතිය පුද කරන බවයි. අභියෝග ජයගැනිමට එකමුතුව වැඩ කළ යුතු බව ඔහු පෙනවා දුන්නේය.

2018 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාවෙි බෝනොවන රෝග පාලනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව අදහස් ඉදිරිපත් කිරිමට නියමිතය. ඒ සදහා රටවල් 06 ක් තෝරා ගෙන ඇත. එම අවස්ථාවට ශ්‍රී ලංකාව ද තෝරා ගැනීම විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

– නිපුන් ඒකනායක

2,549 Viewers
Main News