හක්කපටස් බෝම්බයකට ගොදුරුව වල් අලියකු මිය යයි..

September 30, 2018 at 5:30 pm | lanka C news
හක්කපටස් බෝම්බයකට ගොදුරුව වල් අලියකු මිය යයි..

මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේදී හක්කපටස් බෝම්බයකට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බවට මන්නාරම් වනජීවි නිලධාරීන් කියා සිටියහ.

පසුගිය 27 වනදා බෝම්බයට ගොදුරු වූ වල් අලියා පිළිබඳ පළමුව 20 වන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් දැක ඒ බව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් වනජීවි නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ යුදහමුදා නිලධාරීන් සමග එක්ව ප්‍රතිකාර කිරීම එදින සිටම සිදු කලද බෝම්බය පුපුරා යාමෙන් දරුණු ලෙසට තුවාල ලබා තිබීම නිසා වල් අලියා බේරා ගැනීමට නොහැකිව ඇත.

දඩයම් කරුවන් විසින් හක්කපටස් බොම්බයක් යොදා තිබියදී මෙම වල් අලියා ගොදුරු වී ඇති අතර හක්කපටස් බෝම්බය අලියාගේ මුඛය තුලම පුපුරා යාම හේතුවෙන් මුඛයටත් හිසටත් දැඩි හානි සිදුවීම හේතුවෙන් අලියාගේ ජීවිතය බොරා ගැනීමට නොහැකි වූ බවට පසු වෛද්‍ය වරයා පවසා සිටියේය.

20 වන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන්ගේද අඛණ්ඩ සහය මත හක්කපටස් බෝම්බයට ගොදුරු වූ අලියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතු  සිදු කල අතර මිය ගිය වල් අලියාගේ අවසන් කටයුතු ඊයේ (29) දින සිදු කළ බවට මන්නාරම් වනජීවි නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර එම පිරිස් සොයාද පරික්ෂණයක් වනජීවි නිලධාරීන් විසින් අරඹා ඇත.

1,500 Viewers
Main News