හකීම්, රිෂාඩ්, මනෝ, දිගම්බරම්, චම්පික, රාජිත, රාධාකිෂ්නන් මෙවර එජාපය යටතේ අලියා ලකුණින්.. ලබන සතියේදී ඇප තැන්පත් කරයි..

December 4, 2017 at 6:31 am | lanka C news
හකීම්, රිෂාඩ්, මනෝ, දිගම්බරම්, චම්පික, රාජිත, රාධාකිෂ්නන් මෙවර එජාපය යටතේ අලියා ලකුණින්.. ලබන සතියේදී ඇප තැන්පත් කරයි..

අද සදුදා රැස්වන එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා මණ්ඩලය ඉදිරි පලාත් පාලන මැතිවරණයේද් පසුගිය මහා මැතිවරණයේ දි මෙන් පෙරමුණක් ලෙස අලියා ලකුණින් තරග කිරීමට බලාපොරොත්තු වේ.

ඒ සඳහා අමාත්‍ය රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධාකිෂ්ණන්, චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු තවත් පක්ෂ රාශියක් එක්ව තරග කිරීමට සූදානම් බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අද සදුදා රැස්වන නාමායෝජනා මණ්ඩලයේ තීරයෙන් පසුව දැනට ගැසට් කොට ඇති පලාත් පාලන ආයතන 93 සඳහා එම සතියේදීම ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතව ඇත.

එහෙත් වතුකරයේ ප්‍රධාන පක්ෂයක් වන ආරුමුගම් තොන්ඩමාන්ගේ වතු කම්කරු කොන්ග්‍රසය මේ වන තෙක් තනිව තරග කරනවාද නැත්නම් පෙරමුණකින් තරග කරනවා ද යන්න මෙතෙක් පක්ෂ නායකත්වය විසින් තීරණය කොට නොමැති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂය පලමුවරට තනිව මැතිවරණයකට මුහුණ දිමට සූදානම්ව සිටියත් ශ්‍රිලනිප අත ලකුණින් හෝ වෙනත් ලාංඡනයක් යටතේ තරග කරනවා ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

ඒ අනුව බොහෝ දුරට ලබන සතියේ අගවන විට ඇප තැන්පත් කිරිම සිදු වීමට ඉඩ ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ මේ වනවිට සියලුම පලාත් පාලන සඳහා තරග කිරිමට ඇප මුදල් තැන්පත් කිරිම අවසන් කිරිමට නියමිතව ඇති අතර එම පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු පොදු විපක්ෂයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සුදානම් කොට අවසන් අදියරයේ පසුවන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

10,098 Viewers

6 Comments to “හකීම්, රිෂාඩ්, මනෝ, දිගම්බරම්, චම්පික, රාජිත, රාධාකිෂ්නන් මෙවර එජාපය යටතේ අලියා ලකුණින්.. ලබන සතියේදී ඇප තැන්පත් කරයි..”

  1. saman says:

    චන්දයෙන් පසු කවුරු පැන්නත් බිය විය යුතු නැත. අවශ්‍ය වන්නේ වහපාලනයට විරුද්ධව ජනතාව ඉන්නා බව පෙන්වීම පමණි..

  2. Professor says:

    Rathu-Ali Patawunta Mokada wenne? Asai mata balanna e dawasa!

  3. Nimal R says:

    රනිල් , දොන් ජුවන් යැයි පොතක් ලියූ පච රණවක අලියාගේ නැට්ටේ එල්ලී ඇත . මොවුන් අවජතකයෝය . මුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැත

  4. K.shantha says:

    Agree with saman.
    Need of the hour is to show that the people are against this Gavapalanaya.
    Any case this Gavapalanaya will carry on for another 2 years destroying the country.
    Building up pressure against the rulers is very important strategy

  5. Hesh says:

    හකීම්, බදුර්දීන්, චම්පික, මනෝ ගනේශන්. මරුනෙ. ජාතිවාදියො, බෙදුම්වාදියො, ජිහාඩ් කාරයො ඔක්කොම ටික එකටනෙ.

  6. Tax officer says:

    UNP will win easily specially with those Tamil parties.

    end of the day SLFP and new part to share the opposition seats.

Main News