හඬනු මව්බිම : ඉඩම්-පොලිස්‌-මුදල් බලතල පළාත් සභාවලට.. විසිරවීමේ බලයත් ජනපතිගෙන් ඉවතට..

November 6, 2016 at 4:06 am | lanka C news
හඬනු මව්බිම : ඉඩම්-පොලිස්‌-මුදල් බලතල පළාත් සභාවලට.. විසිරවීමේ බලයත් ජනපතිගෙන් ඉවතට..

ඉඩම්, පොලිස්‌ සහ මුදල් පිළිබඳ පූර්ණ බලතල පළාත් සභා සඳහා ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සීමා කිරීමටත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ උපකමිටු හයෙන් එකක්‌ වන මධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ උප කමිටුව විසිනි.

ව්‍යවස්‌ථා කටයුතු සම්පාදන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ උපදෙස්‌ මත මෙම කමිටුව ක්‍රියා කරයි.

මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්‌ඩු අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

එම කමිටුව මගින් නිර්දේශ කර ඇති යෝජනා කිහිපයක්‌ මෙසේය.

  1. දහතුන් වැනි සංශෝධනය මගින් පළාත් සභා සඳහා ලබා තිබෙන ඉඩම් බලතල තවදුරටත් ශක්‌තිමත් කොට ඉඩම් කළමනාකරණය කිරීමේ බලතල සම්පූර්¨ණයෙන්ම පළාත් සභා සඳහා පැවරීම.
  2. පළාත් පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් වෙන් කිරීම සහ එහි සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබා දීම.
  3. දහතුන්වෙනි සංශෝධනයේ ඇති සමගාමී ලැයිස්‌තුව ඉවත් කර මධ්‍යම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය අතර නිශ්චිත ලෙස බලතල බෙදා වෙන් කිරීම.
  4. මධ්‍යම රජය සතුව දැනට පවතින, ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම.
  5. ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීම. මධ්‍යම සහ පළාත් ආණ්‌ඩු අතර ඇතිවෙන බලය බෙදාහැරීමේ ඇමිණුමේ සඳහන් බලතල සම්බන්ධයෙන් ඇතිවෙන ගැටුම් විසඳීම සදහා තීන්දු ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය මෙයින් අහෝසි වනු ඇත. ව්‍යවස්‌ථා අධිකරණය සඳහා සාමාජිකයන් පත් කරනුයේ ජාතිකත්ව නියෝජන පදනම යටතේය.
  6. පළාත් ආණ්‌ඩු සඳහා ස්‌වාධීන මුදල් බලතල සහ බදු එකතු කිරීමේ බලය ලබාදීම
  7. පළාත් රාජ්‍ය සේවය පාලනය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට පත් කරන අතර, දිස්‌ත්‍රික්‌ ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු පළාත් බලය යටතට පත් කෙරේ. මහ ඇමතිවරයා යටතට පළාත් රාජ්‍ය සේවා කොමිසම පැවරේ.
  8. ආණ්‌ඩුකාරවරයා පත් කිරීමේදී මහ ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම.
  9. පළාත් සභා අයුතු බලය යෙදවීමක යෙදෙන අවස්‌ථාවේ පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සිමා කිරීම සිදුකෙරේ. ඒ සඳහා ව්‍යවස්‌ථා අධිකරණයේ අනුමැතිය ලබා ගැනීම.
  10. මහජන දේශපාලන අධිකාරිය හෙවත් ජනතා පරමාධිපත්‍යයේ බලය මධ්‍යම, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් බල ව්‍යqහ තුනක්‌ අතර බෙදී යන පිළිගැනීම.
  11. පළාත් විෂයයන්ට අදාළව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමිවන අතර පොදු ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට අහිමිවේ.

මනෝඡ් අබයදීර
දිවයින

15,507 Viewers

6 Comments to “හඬනු මව්බිම : ඉඩම්-පොලිස්‌-මුදල් බලතල පළාත් සභාවලට.. විසිරවීමේ බලයත් ජනපතිගෙන් ඉවතට..”

  1. SJS says:

    ඊනියා “යහපාලන” රෙජීමය බලයට පත්කිරීමට, බටහිර රටවල් සහ බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව ගත් උත්සහයේ සැබෑ අරමුණු, දැන් එලිදැක්වෙමින් පවතී. අප කොතෙක් මේ ගැන පැවසුවද, “යහපාලනය” සළු පිලි වලට යටින් ඇති “බෙදුම්වාදී යක්ෂයා හඳුනා ගැනීමට තරම් දැනුමක්, බුද්ධියක් සහ ඉවක් බොහෝ සිංහලයින්ට නොමැතිවීම අතිශය ඛේදනීය තත්වයකි. යහපාලනය ගෙන ඒම සඳහා, සිංගප්පූරුව ප්‍රමුඛ කරගත්, චාර්ල්ස් ඥාණකෝන් ඇතුළු කොටි හිතවාදී දෙමල ඩයස්පෝරා කණ්ඩායම් වියදම් කල සියළු මුදල්, මහ බැංකු මංකොල්ලය හරහා, නැවත පොලියත් සමග ඔවුන්ට ලැබෙමින් පවතී. මෝඩ සිංහලයින්, තමුන් විනාශකල සතුරන්ට, බැඳුම්කර හරහා මුදල්ගෙවමින් සිටී. ජාතියේ ස්වයිරීභාවය, ඒකීය භාවය, අතීත සහ වර්ථමාන රණවිරුවන් සිය අත්, හිස්, මස්, ලේ පූජාකරමින් ලබාදුන් ස්වාධීනත්වය, බන්දේසියක තබා, මුදල් කන්දරාවක සමග සතුරාට පූජාකරණ කාලකණ්නි දර්ශනය දැකීමට අපි පව්කාරයින්වී ඇත. එබැවින් මෙම යහපාලනය ගෙන ඒමට දායකවූ, ඡන්දය භාවිතාකල තොපට සාපකරනවා හැර වෙන විකල්පයක් අපට ඉතිරිවී නැත. අප පමණක් නොව රටේ ඉදිරියට ඉපදෙන පරම්පරාවේ සාපයෙන්ද තොපට ගැලවීමක් නොලැබෙනු ඇත. ද්‍රෝහීනි තොපට සාපවේවා! සාපවේවා! සාපවේවා!

    • nisha says:

      sjs
      සහතික ඇත්ත. අපට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ මේ යහපාලනය ගේන්න දායක වුනු සිංහල අමන රැලට සාප කිරීම පමණයි.

  2. neil says:

    This is very serious. Rani and Co ( strategically supported by RAW and stern interests) are doing every thing to destroy this country.

    Reasonable devolution but with stringent power to center to monitor and dissolve if they are stepping out of boundaries. If they are now act risking devotion proposals now after they get it imagine what will happen

    This country need to be here for another 2600 and beyond!

  3. puran appuu says:

    එෆ්ගනිස්ථානය,මැලේසියාව. මාලදිවයින්, කොරියාව, වැනි විශාල රටවල් ගණනාවක් තම පාරම්පරික සංස්කෘතිය පවා දෙද්දී වසර 2600 අපට එය රැකගැනීමට හැකිවිය. තවත් 2500 එය පහසුවෙන් රක ගැනීමට හැකිය.තායිලන්තය, බුරුමය එය අභීත ළෙස රැකගනිති .අවශ්‍ය වන්නේ කල්පනාවෙන් වැඩ කිරීමයි.විටින් විට පවා දෙන්නවුන් ඉතිහාසයේ සිටයහ. එහෙත් අප තවමත් අභීතව සිටිමු. රට පුංචි වුවත් පරිනත බුද්ධියෙන් යුත් හෙළයෝ වම්හ.අව්සහ්ය වන්නේ මොලේ පාවිච්චි කිරීම පමණයි.

  4. REALITY says:

    SRI LANKAWATA BUDU SARANAI….

  5. ratnamalala says:

    Oya committee eke inna anek kalakanni mokunda?

Main News