හදිසිය වැඩිකමට ෆොන්සේකාට පැටලේ.. යුද්ද කරන්න අණ දුන්නේ ජනාධිපති බව කියවෙයි..

May 12, 2017 at 1:20 pm | lanka C news
හදිසිය වැඩිකමට ෆොන්සේකාට පැටලේ.. යුද්ද කරන්න අණ දුන්නේ ජනාධිපති බව කියවෙයි..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පක්‍ෂයේ ඉහල තනතුරක් තමනට ලබා දෙන බවට පොරොන්දු වී ඇතත් ඊට පක්‍ෂයේ කිහිප දෙනෙකු විරුද්ද වී ඇති බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කඩවතදී මාධ්‍යවේදීන් නැගි ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි.

යුද්ධයට අණ දුන්නේ ජනාධිපතිවයරුන් යයිද ඇමතිවරයාට මෙහිදී අහම්බෙන් මෙන් කියවිනි. ජනාධිපතිවරුන් යුදධයට අණ දුන්නද යුද පෙරමුණේ සිටියේ නැතැයිද කී ෆොන්සේකා මහතා යුධ හමුදාපතිවරුන්ද යුද පෙරමුණේ සටන් වදින්නේ නැති බව නොකිවේය.

හමුදාපති කාලයේ ෆොන්සේකා මහතාට බෝම්බයකින් අනතුරු වූයේ හමුදා මූලස්ථානයේදී කොටි කතක් විසින් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරයකිනි.

52,793 Viewers

23 Comments to “හදිසිය වැඩිකමට ෆොන්සේකාට පැටලේ.. යුද්ද කරන්න අණ දුන්නේ ජනාධිපති බව කියවෙයි..”

  1. Alapaluwa says:

    වෙලාවකට මට මේ මනුෂ්‍යා ගැන පවු කියලත් සිතෙනවා මොකද මෙයා හොඳටම අන්ධවෙලා ඉන්නේ අසරණව.රනිල් රෙජිමේය අන්තිමටම ගොනාට අන්දන් ඉවරයි තිබෙන අන්තිම පහත් ,නින්දීත දේවල් කරවගන්න.හැමතිස්සෙම මනාබලනවා මොනවටහරි බිල්ලටදෙන්න කොච්චර කැතවැඩක්ද මේක.මෙයින් කුල්මත්වූ මොවූ දැන් මෙලොව් හිඳන් එලොව අතගානවා කිසිම වැදගම්මකට නැති විකාර කථා දොඩවමින් ඉතින් පවු නොවේද?මෙයට සිරිපාලයත්සම්පුර්ණයෙන්ම වගකිවයුතුයි.කොතරම් ශේෂ්ට්‍රපුද්ගලයෙක්විදියට තමන්ගේ අන්තිම කාලය ජිවත් වෙන්න තිබුණද මේ මිනිසට.අද මිනිසුන්ගෙන් කොතෙක් නොමනා බලුකථා,නින්දා ,අපහස විඳිනවද.නොපෙනෙන යසඉසුරුවලට ගිජුවී ඒපසුපස පිස්සුබලලෙක් විදියට දිවගොස් අන්තිමට දෙනෙත් තිබුනත් අන්ධවුවාසේ ඔවු හැසිරෙන්නේ කිසිම නිෂ්පල දේවල් දොඩවමින් රටටම පිස්සු විකාරයක්වී අවසන්මොකද දැන් සත්‍ය මොවූ විසින්ම ප්‍රකාෂ කරන බැවින්. මෙයට හොඳ කියමනක් අපේ දෙමවුපියන් නිතර කියනවා කට බොරුකිවත් දිව බොරු කියන්නේ නැතිබව. ඉතින් මෙවැනි දේවලින් ඒ අයගේ කියමනවල් සනාථවනවා නේද?.

    • Sihala Yaka - සිහල යකා says:

      Agreed.
      ෆොන්සේකා මහතාට හිතවත් අය ඉන්නව නම් තේරෙන්නෙ නැද්ද ඔබේ හිතවතාව කවුද කියල අද සුනඛ මට්ටමට ඇද දාගෙන ඉතාම පහත් ලෙස වැඩ ගන්නේ කියා. ?

      මහින්ද මහතා යටතේ හිටිය . එතුමාගේ අණට ක්‍රියා කළා. ඔහු ජාතික වීරයෙක් උනා.

      අද රනිල් ගේ අණට අනුව කරන ක්‍රියා වලින් කෙතරම් පහත් මට්ටමකට ඇද වැටිලද ?
      ඇයි ගෙදර අයටවත්, දරුවන්ටවත් මේක තේරෙන්නේ නැත්තේ ? ඇයි අපට තියෙන හැඟීම වත් ඔහු වෙනුවෙන් නැත්තේ ?
      ඇයි ඔහුව මේ අගාධයෙන් ගොඩ ගන්නේ නැත්තේ ?
      ඔහු ව ඇදල දාල තියෙන්නෙ අසූවි වලකට බව තේරෙන්නේ නැද්ද ? ඔහු ඒ වලේ පිනුම් ගසමින් නානවා පමනක් නොව අනුභවද කරන බව තේරෙන්නෙ නැද්ද​?

    • asiri says:

      Very well said , this sums it all up

    • prasanna says:

      Ane buruwo sarath mathidun kiyanade hariyata hari..one gonekuta Ana denna puluwan yudde kale athuma.

    • ExUNPer says:

      Fully agree. General Fonseka should not have entered politics. The current situation is so sad.

  2. Lapaya says:

    Kalawaddo okata kiyanne naka di pusii kiyala. Muta mahinda nama nathuwa katha karanna deyak naha.

  3. Danu says:

    Mr. Fonseka you go to war without a brain
    Brain was behind you
    RAJAPAKSHA

  4. harsha says:

    ජනාධිපති අණ දුන්නේ නැතිනම් යුද්ධ කරන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.

  5. White Shark says:

    මේ කතාවෙන් එකක් පැහැදිලියි. ෆොන්සේකාගේ නායකත්වයෙන් අර කිව්ව බලකාය (Military Camarilla) හදන්නේ නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක්. ලංකාව විනාශ වෙලා යන්න තිබුණු තවත් එක භයානක විපතක් නැවතුනු එක ගැන හුගක් සතුටුයි.

    ජනාධිපතිවරු හමුදාපතිවරු සහ අනිත් ලේකම්වරු යුද්ධෙට නායකත්වය දුන්නට, රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි බලකායේ අනාගතය පිලිබඳ වගකීම බාර ගත්තේ නැහැ. ජිනීවා වාර්තාවෙන් සහ නොයෙකුත් බොරු චෝදනා හදලා රණවිරුන්ව සිරගත කිරීම පිටුපස තියෙන්නේ ඒ වගකීම පැහර හැරීමේ ප්‍රතිඵලය පිලිබඳ කතාව. ඒ වුනාට ප්‍රශ්නයක් නැහැ. රණවිරුවන්ට මහා සංඝරත්නය, ජනතාව සහ රටට ආදරේ කරන දේශප්‍රේමී දේශපාලකයන් ඉන්නවා.

    • rajakeeya sirisena says:

      හොරෙන් කඩේ යන්න එපා චම්ප​.ඔයා හැංගුනාට පන් මල්ල පේනව​.

      • White Shark says:

        මම අන්ධයන්ට ඉටි පන්දම් පත්තු කරන එක නතර කලාට නිල මැස්සට දුකද?

        මේ දවස්වල ගම්පහ ගංකබරයෝ කෘත්‍රිම දේශපාලන උද්දීපනයක් (artificial political sensation) හදන්න දඟලන එක දැකල මට හිනා යනවා.

        සෑහෙන්න වියදම් ඇති නේද? අනේ ඉතින් 2015 නම් ශත පහක් වියදම් කරන්න වුනේ නැහැ. මිනිස්සු තල්ලු කරලා දියත් කරපු නැව අද කඹ දාලා ඇදගෙන යන්න වෙලා. Captain කරන්න ඕනේ වැඩේ Landsman ට බාර දුන්නහම ඔහොම වෙනවා.

        • kate says:

          අනේ නිල මැස්සියෙ කට වහගෛ හිටපන් රට තවත් කන්නෙ නැතිව.

  6. danu says:

    mr fonseka you go to war without brain
    brain was behind you
    RAJAPAKSHA

  7. BARCARDI says:

    This man is a pensioned person. No politcal life. But this man has thuggery.
    UNP need this man’s thuggary to control specially JO. In any case of going wrong UNP is not going to be blamed much.

    MR and CBK cannot be compared equally .

  8. dilruwan says:

    ඉතින් මොකද්ද එකේ වැරැද්ද හැම පාලකයෙක්ම අණ දුන්නා යුද්දේ කරන්න
    නමුත් හමුදා නායකත්වය තමා අපොහොසත් වුනේ ..නමුත් ෆොන්සේකා හමුදාපති
    වුනාට පසුව තමා එතුමා යුද්දේ සාර්ථකව මෙහෙව්වේ ..මොකද
    එතුමත් යුද්ද කරපු නිලදාරියෙක්

    • Raniya says:

      ඔන්න ටිකිරි මොලේ.. සිරිසේන ජනාධිපති වෙලා නැවතුන එක හොඳයි… මේවගේ හිතන රටේ …

  9. Henry says:

    මෙතුමා මේ කතාව හැම සම්මුක
    සාකච්චාවක දීම කියපු දෙයක් …

  10. Dushantha says:

    මිනිස්සුන්ගෙ ආදරේ දිනා ගෙන වෑදගත් විදිහට ඉන්ඩ තිබ්බ මනුස්සයෙක්ට වෙච්ච දේ. බල ලෝබය හින්ද අන්තිමට චන්ද පන්දාහක් වත් ගන්ඩ බෑරි තත්වෙට වෑටුනා. දෑන් පිස්සුත් හෑදී ගෙනද කොහෙද එන්නෙ. පව් කරාම විඳවන්ඩ වෙනවා. කාට උනත් එච්චරයි.

  11. gavin gunawardane says:

    ඔබ වීරයෙකි නිබයව රටකට ඉන්න
    දිවි දෙවනුව තබා යුද පිටියට පැන්න
    දෙස් පාලන බිමෙහි වසලයො දැන් ඉන්න
    ඔබෙ උර මතින් රජ වෙන බව දැන ගන්න

  12. ජසයා says:

    මෙයා පෘතුග්‍රීසි කාරයෙක් බව සිරස ලක්ෂපති බැලුවාට පස්සෙයි මට තේරුනේ….

  13. Mohammadu says:

    Me madia eke comment karana ewnuth kalaweddoma thama..

Main News