හම්බන්තොට චීනයට.. මත්තල ඉන්දියාවට.. මහඉලුක්පල්ලම බීජ පර්යේෂණාගාරය බංගලිදේශයට 150කට…

November 7, 2017 at 3:26 am | lanka C news
හම්බන්තොට චීනයට.. මත්තල ඉන්දියාවට..  මහඉලුක්පල්ලම බීජ පර්යේෂණාගාරය බංගලිදේශයට 150කට…

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

“හම්බන්තොට වරාය බදු දුන්නා.  මත්තල ගුවන් තොටුපොලත් බදු දුන්නා.  අපට තවම බැරි වුණේ හම්බන්තොට ක්‍රිඩා පිටිය විතරයි කියලා අගමැතිතුමා කියනවා අපට ඇහුනා.  හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේ වසර 99කට.  ගුවන් තොටුපොල ඉන්දියාවට බදු දෙන්නේ වසර 35කට.  මහඉලුක්පල්ලම බීජ පර්යේෂණාගාරය බංගලිදේශයට බදු දෙන්නේ වසර 150කට.  මෙහෙම දිගු කාලීන බදු වලට රටේ සම්පත් නොරටුන්ට දෙන ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ කෙතරම් කාලයකට ද?  යන්තම් අවුරුදු පහකට.  මේක හරියට අවුරුදු පහකට ගේ කුලියට ගත්තු කෙනා නාන කාමරය චීනෙකුට බදු දෙනවා අවුරුදු 99කට.  මිදුල ඉන්දියන් කාරයෙකුට බදු දෙනවා අවුරුදු 35කට.  කුස්සිය බදු දෙනවා අවුරුදු 150කට.

දැන් මේක ආරංචි වෙනවා ගෙදර අයිතිකාරයාට.  එයා දැන් මොකද කරන්නේ? අවුරුදු පහේ බදු ගිවිසුම ගැන හිතන් නැතුව වහාම ගෙදර ඇවිත් ගේ බද්දට ගත්තු කෙනාව කනින් ඇදලා එළියට දානවා. 

මේ ආණ්ඩුවට අවුරුදු පහකට රට භාර දුන් ජනතාවටත් ළඟදීම ඒ සඳහා අවස්ථාවක් එනවා.  ඒ තමයි පුංචි ඡන්දය.  රට විකුණන ආණ්ඩුව කනෙන් ඇදලා එළියට දාන්න පුංචි ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට විකුණන මේ ආණ්ඩුව ගෙදර යවලා ජනවාරි 8 වෙනිදා තමන් කළ ඒ ඓතිහාසික වරද නිවැරදි කරන්න කියලා  අපි මේ රටේ එදා හංසයාට කතිරය ගහපු ඊට ප්සසේ අලියට කතිරය ගහපු ඒත් රටට අදරය කරන  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

8,673 Viewers

10 Comments to “හම්බන්තොට චීනයට.. මත්තල ඉන්දියාවට.. මහඉලුක්පල්ලම බීජ පර්යේෂණාගාරය බංගලිදේශයට 150කට…”

  1. නාගසිංහ says:

    We gave 20% of oil business to IOC. See what happened.
    Give harbour to China, Airport to India and see what happens next.
    Whatever happens, even if you die, even if your family or even if your children die, don’t worry, because this is your UNP government.
    As a UNP supporter, you must think about the party, not about the country your children are going to live in 🙂

  2. Samarapala says:

    මෙහෙම ගියොත් දවසක උදේ එළිය වැටෙද්දී අගමැති තුමා පාඩු ලබන ආයතනයක් කියල ජනාධිපති තුමාවත් කොහේහරි තියෙන රටකට විකුණලා තියෙයි

    • weera says:

      නියම අදහසක්

    • නිදහස් says:

      මුන් සේරම එකයි. මේ රට විකුනල මුන් ඇමරිකාවට හරි වෙන රටකට හරි පදිංචියට යයි.
      අපිට තමයි එක වේලක් හරි කාල ජීවත් වෙන්න රටක් නැත්තෙ.
      රට ගැනැයි බෞද්ධකම ගැනයි කථා කරන ගම්මප්පිලයත් සිවුර ඇරල බෞද්ධකමට අපහාස කරල ආපු ජරා සතෙක්. මුන්ට ඕන බලේ විතරයි. මිනිස්සුගැන හිතන්නෙ නෑ.

  3. රාහුල කොලුවා says:

    අනේ.. අපේ පාර්ලිමේන්තුව.. අරලියගහ මන්දිරය… ඡනාධිපති මන්දිරයත් ඔය කාට හරි බද්දට දීලා අර ගත්තයි කියන ණය ටිකක් හරි අඩු කර ගන්න පුළුවන්නේ…?

  4. පොඩි නිළමේ says:

    රට වලපල්ලට.

  5. යුක්තිය says:

    මේ අවුරැදු 2න් පස්සෙ රනිල්,මෙත්‍රී බාන දුංකොල වගාවන්වල පොලව හාන්න ඉතියෝපියාවට විකිනිය යුතුයි…අපෙන් පස්සෙ පරම්පරාවට පවා ජාතික සම්පත් නමට තියෙන හිස් රටක නිකම්මු වගේ ඉන්න තියෙන්නෙ…අරැන්ට දරැවො නෑ නේ කොහොමත්….යූඑන්පී පාක්ශික සත්තුන්ට සාප වේවා…!

  6. Pemasiri says:

    KAPUWATH KOLA MINISUNE…
    DANWATH HITHANNA RATE ANAGATHAYA GANA..

    SAMA HARAKTA KOLA ANDUWA SAPAAAAAAI….

  7. ජසයා says:

    ඔක්කොම විකුණලා අහවර වුනාම, විකුණන්න ඇහැකි දෙකයි ඉතුරු වෙන්නේ. ලොකු දෙන්නගේ බිරින්දෑවරු දෙන්නා විතරයි.

Leave a Comment

Main News