හම්බන්තොට පොලිස් මැරයන්ට අණ දුන්නේ කවුද..

October 7, 2017 at 4:40 pm | lanka C news
හම්බන්තොට පොලිස් මැරයන්ට අණ දුන්නේ කවුද..

හම්බන්තොටදී පැවති විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයට විරෝධය පල කරමින් ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක් පහතින් දැක්වෙයි.

මාධ්‍යට එරෙහි පොලිස් මැරයන්ට දඩුවම් දෙනු.

සිරිසේන -රනිල් හයිබ්‍රිඩ් ආණ්ඩුව යලිත් වරක් ඔවුන්ගේ යහපාලනයේ ‘රඟ’ පෙන්නුම් කර ඇත.පසුගිය 06 දා හම්බන්තොටදී පැවතියේ සාමකාමී මහජන විරෝධතාවකි.මාධ්‍යවේදීන් එහි ගියේ එය වාර්තා කිරීමටය.එහෙත් පොලීසිය්ස් මේ දෙපිරිසම එක සේ සලකා ප්‍රහාර එල්ල කොට ඉන් නොනැවතී ඔවුන්ව ඇත අඩන්ගුවටද ගෙන ඇත.

මේ හයිබ්‍රිඩ් ආණ්ඩුව බලයට පත්වූයේ ජනතාවගේ නිදහස ඇති කරන බවට පොරොන්දු වෙමිනි.එහිදී ප්‍රධාන පොරොන්දුවක් වූයේ භාෂණයේ නිදහසයි.නමුත් අද මෙරට ජනතාවට සාමකාමීව සිය විරෝධතාවක් පළකරන්නට හැකියාවක් නැත.ඒ එවැනි විරෝධතාවන්ට එරෙහිව පොලීසියේ දඩ බල්ලන් උසි ගන්වන බැවිනි.මාධ්‍යයට නිදහසේ සිය රාජකාරිය කිරීමේ හැකියාවක් නැත.එක් අතකින් ආණ්ඩුවේ නායකයන් ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේද මාධ්‍ය හිමිකරුවන්,ප්‍රධානීන්,හා මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන කිරීමෙන් නොනැවතී මහමගදී පොලීසිය ලවා ප්‍රහාර එල්ලකරවයි.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොටදී පවතී මහජන විරෝධතාව වාර්තා කිරීමේ යෙදී සිටි මාධ්‍යකරුවාට පොලිස් මැරයන් එල්ල කල ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතරේ එකී පොලිස් මැරයා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් දැයි වගකිවයුත්තන්ගෙන් දැඩිව ප්‍රශ්න කර සිටිමු.

විරෝධතාවක නිරතවූවන්ට ප්‍රහාර එල්ල කරන්නෙත් ඔවුන් අත්අඩංගුවට ගන්නෙත් නීතිය හා සාමය කදවූ බවට චෝදනා නගමිනි.එහෙත් රාජකාරියේ නිරත මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගන්නේ කෙසේද?මාධ්‍යවේදීන් කරන්නේ පවතින තත්ත්වයක් වාර්තා කිරීමකි.හම්බන්තොටදී එලෙස රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියෙකු අතදන්දුවට ගැනීමෙන් නොනැවතී පොලිස් සොක්කන් දෙදෙනෙකු අල්ලාගෙන සිටියදී මහා මග ප්‍රසිද්ධියේ පොලිස් ලොක්කෙකු පහර දෙන අන්දමත් අපි දුටුවෙමු.

වරදක් නොමැතිව මාධ්‍යකරුවෙකු නොව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමටත් ,මහමගදී එලෙස පහර දීමටත් පොලීසියට බලය ලැබී ඇත්තේ කුමන නීතියකින් දැයි දන ගැනීමට කැමැත්තෙමු.මේ අන්දමට මහා මග මිනුසුන්ට පහර දෙන්නේ පාතාල මැරයන් පමණකි.ඒ ඔවුන්ගේ නායකාගේ අණට අනුවය.එනිසා හම්බන්තොට පොලොස් මැරයන්ට එසේ කිරීමට අණ දුන්නේ කව්රුන්දැයි දැනගැනීමටද අපි කැමැත්තෙමු.ඒ සියලු දෙනාටම එරෙහිව යහපාලන නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අපි ඉතා උනන්දුවෙන් බලා සිටින වගද  වගකිව්යුත්තනට මතක් කරන්නට කැමැත්තෙමු.

මාධ්‍යවේදී  සුසන්ත බණ්ඩාරට එල්ලවූ ප්‍රහාරය එක් හුදෙකලා සිද්දියක් ලෙස සැලකිය නොහැක.මෙය ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියා පිළිවෙත හෙළිදරව් කරන ,හා ඊට එරෙහිවන්නන්ට එල්ල කල තර්ජනයකි.මාධ්‍යවේදීන් බියගන්වා ඔවුන් නිහඩ කරවීම ආණ්ඩුවේ අපේක්ෂාවයි.මාධ්‍ය නිහදකල පසු තමන්ට රිසි සේ ජාතික සම්පත් විකුණමින්,ජනතා මුදල් බිලියන ගනනි සොරාකමින් සුවසේ ආණ්ඩු කරගෙන යාමට හැකිවනු ඇතැයි ආණ්ඩුව සිතන බව පෙනේ.ඒ අනුව අද බණ්ඩාරට තැබූ අත හෙට ඔබට හා මට නොතබනු ඇතැයි කීමට කිසිදු සහතිකයක් නැත.එනිසා  ආණ්ඩුවේ මේ මර්දනකාරී පිළිවෙතට එරෙහිවීමට ඒකරාශී වන ලෙස මාධ්‍ය   නිදහස අගයන සියලු දෙනා ගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.

කුලශ්‍රී කාරියවසම්
කැදවුම්කරු

7,927 Viewers

5 Comments to “හම්බන්තොට පොලිස් මැරයන්ට අණ දුන්නේ කවුද..”

  1. prasad says:

    ගුටි කාලා හරි බේරුනු එක ලොකු දෙයක් ඉස්සර වගේ නම් කන්ඩ වෙන්නේ වෙඩි තමයි දැන් ඉතින් ඒකාබද්දය කිඹුල් කදුළු සලයි දැන් ආණ්ඩුවෙ අයත් ඉස්සර එහෙමනේ.

    • wikkamasinha says:

      තෝ ඔය නොකිය කියන්නෙ ගහපු එක හොඳයි කියලනෙ,අනේ තෝ වගේ මී හරකෙක්?

  2. NARAYANA says:

    Police Junta’s FCID Big man billions of bribe colkecting from mega crioks, ALIWAMUNA, MUSITH THUDALIGE AND Bunch shares those, poor peopele hamnered by next in line police junta. God must give thunder and lightninv to those who do this

  3. Nim says:

    Athdekin allagena enna mahatha yata
    Oluwa nathi……. lak gahapu aka mulu lokayama dakka.
    Dan 62 ta sathutuda?

  4. ruwan says:

    o my god how can you assault people like this, disgusting , this is human rights violation, Mr Rani and Mr Sirisena may be happy when they see this video

Main News