හම්බන්තොට වරායට එරෙහි සිංගප්පූරු කුමන්ත්‍ර‍ණයක්… අපිත් කලකිරිලා ඉන්නේ.. – අර්ජුන

January 12, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
හම්බන්තොට වරායට එරෙහි සිංගප්පූරු කුමන්ත්‍ර‍ණයක්… අපිත් කලකිරිලා ඉන්නේ.. – අර්ජුන

ආයෝජකයින් ගෙන්වා හම්බන්තොට වරාය දියුණු කිරීමට ගන්නා උත්සාහය නතර කිරීමට විදෙස් රටක මැදිහත් වීමෙන් කුමන්ත්‍ර‍ණයක් සිදු වන බවට සැකයක් මතුව තිබේ. ඒ පිළිබඳව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මාධ්‍යවේදීන් අද ප්‍ර‍ශ්න කර සිටියේය. ඒ බාඳුරාගොඩ ශෛලතලාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීය.

මේ වන විට අන්දමන් මුහුද සහ තායිලන්තයේ ගල්ෆ් කලාපය යා කරමින් දකුණු තායිලන්තය හරහා කෘත්‍රිම ඇලක් නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබේ. චීන ආධාර යටතේ ඉදිකෙරෙන එම ඇල නම් කර ඇත්තේ තායිලන්ත ඇල හෙවත් ක්‍රා ඇල (The Kra Canal or the Thai Canal) යනුවෙනි. එම ඇල නිර්මාණය කිරීමෙන් දකුණු චීන මුහුදේ සිට ඉන්දියන් සාගරය වෙත පහසුවෙන් පිවිසීමේ අවස්ථාව නෞකාවලට උදාවේ. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් අර්ජුන රණතුංගගෙන් අද විමසා සිටි අවස්ථාවේදී පැවසුවේ,

‘විශේෂයෙන්ම දැනට කතාවක් යනවා තායිලන්තයේ හැදෙන ඇල මාර්ගයේ කටයුතු අවසන් වුණාට පස්සේ මේ ප්‍රදේශයේ තියෙන ප්‍ර‍ධානම රටක ව්‍යාපාර තත්ත්වය අඩුවෙනවා කියලා. සමහර වෙලාවට ඔවුන්ගේ යටිකූට්ටු වැඩක් වෙන්නත් පුළුවන්. මට එය ස්ථිරව කියන්න බැහැ. මොකද ඒ රටට යන නැව් ප්‍ර‍මාණය දවස් පහක් විතර අඩුවෙනවා හම්බන්තොටට කොළඹට එන එකෙන්. ඕනම නැවක් කැමති වෙන්නේ අඩු කාලයකින් ඇවිල්ලා අඩු වියදමක් කරලා අනෙක් වරායට යන්න. මේ ඇල හැදුණට පස්සේ වැඩිම ශක්තියක් එන්නේ හම්බන්තොටටයි. කොළඹටයි. ඒ රට වරාය සම්බන්ධව ප්‍ර‍ධානම රටක්. සමහර විට ඒ රටෙන් අපේ පුද්ගලයෝ යොදවනවද දන්නේ නැහැ මේ විදයට කඩාකප්පල් කරලා නැවත් වරක් හම්බන්තොටට එන ගමන් නවත්වන්න…

රටට හානිවෙන දේවල් කරන්න් එපා කියලා මම අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග දීලා තියෙනවා. ඒක ජනාධිපතිතුමත් අගමැතිතුමාත් කියලා තියෙනවා. පළමුවැනි වාර්තාව ලබාගෙන තියෙන නිසා හැකි තරම් වැඩි වාසි රටට ලබාගන්න තැන තමයි අපි ඉන්නේ.

ගිවිසුමක් අපි තාම දැකලත් නැහැ. සාකච්ඡා කරගෙන යනවා. ජනාධිපතිතුමා අපිට අවසර දීලා තියෙනවා රටට වැදගත් දේ කරන්න කියලා. අපිට ආයෝජකයෙක් ගේන්න අවශ්‍යයි. එය අපි හැමදෙනාම පිළිගතයුතු දෙයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් වරාය අධිකාරියක් හැටියට නැතිව පෞද්ගලික ආයතනයක් හැටියට තමයි මාගන්පුර වරාය ගෙනිච්චේ. ඒකට ප්‍ර‍ධානම හේතුව එතුමා දකින්න ඇති මේ ආයතනය භේරගන්න නම් ආයෝජකයෙක් ගේන්න අවශ්‍යයි කියලා. අපිට ආයෝජකයන් දෙදෙනෙකුගෙන් යෝජනා ආවා. විශේෂයෙන්ම අගමැතිතුමා ලේකම්වරුන්ගෙන් යුක්ත කමිටුවක් කත් කළා. ඒ කමිටුවෙන් තමයි තීරණය කළේ මොන කණ්ඩායමද හොඳ කියලා. අද වනවිට ඒ කණ්ඩායමෙන් දුන්න යෝජනාව වරාය අධිකාරිය සාකච්ඡා කරලා වරාය අධිකාරියටත් රටටත් හොඳ යෝජනා ටික ලේකම්වරුන්ට අපි භාරදීලා තියෙනවා. දැන් තියෙන්නේ එම යෝජනා සලකා බලලා ඒ යෝජනාව ඇමතිවරුන්ට භාරදීම. අමාත්‍ය මණ්ඩල කමිටුවක් තියෙනවා ඒකේ හය දෙනෙක් ඉන්නවා. මමත් එක්කෙනෙක්. අපිට භාරදුන්නට පස්සේ ඒ ගිවිසුම නීතිපතිතුමාට යනවා. එතනින් ආවාට පස්සේ එන්න ඕන කැබිනට් එකට. කැබිනට් එකෙන් හරි ගියාට පස්සේ පාර්ලිමේන්තුවට දාලා තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා අපිට විතරක් නෙවෙයි මාධ්‍යටත් කියලා තිබුණේ. අපි උත්සාහ ගන්නේ රටට වැඩි වාසියක් ලබාගන්න. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. අද හම්බන්තොට වරාය දිහා බැලුවම අපිට අවුරුදු දෙසීයකින් වත් ගෙවලා ඉවර කරන්න බැහැ. එක එක්කෙනා විවිධ දේවල් කියන්න පුළුවන්. අද වෙනකන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාවත් කියලා නැහැ ආයෝජකයෙක් ගෙන්න එපා කියලා. එතුමත් හිතනවා එය අවශ්‍යයි කියලා. ඉඩම් ප්‍ර‍ශ්නයත් එක එක්කෙනා විවිධ ආකාරයට ප්‍ර‍චාරය කළ දෙයක්. එකම තැනකින් කවදාවත් අක්කර පහළොස්දාහක් ගන්න සැලසුම් කරලා නැහැ.

හම්බන්තොට වරාය හදපු එක ගැන කිසිකෙනෙක් වරදක් කියන්නේ නැහැ. ඒකට ගිය වියදම ගැන අපිට ප්‍ර‍ශ්නයක් තියෙනවා. හම්බන්තොට වරාය හදපු ආයෝජකයා දීලා තියෙන්නේත් අඩු තක්සේරුවක්. එතනදි පේනවා යම්කිසි මුදල් ප්‍ර‍මාණයක් කෙහේහරි යන්න ඇති කියලා. ආණ්ඩුවක් හැටියට හොයන්න ඕන මේවා ගැනයි. අපේ ආණ්ඩුවේ තියෙන දුර්වලතාවය ඒකයි. හොරු අල්ලන්නේ නෑ. පොඩි පොඩි වැරදි කළ අයව අල්ලනවා. ලොකු හොරු ඇල්ලුවම සුමානයෙන් දෙකෙන් එළියට එනවා. මේ දේවල් අපේත් කණගාටුවට කාරණයක්. අපි පාරේ යද්දී අද වනතුරු අපෙන් මිනිස්සු අහන්නේ හොරු ඇල්ලුවද කියලා. අනිත් ප්‍ර‍ශ්න ගැන කතාකරනවා අඩුයි. අපේ ඒ දුර්වලතාවය හදාගන්න නායකත්වය දෙන්න ජනාධපතිතුමයි අගමැතිතුමයි ඉදිරිපත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිත් කලකිරිලා ඉන්නේ. විශාල හොරකම් සිදු කළ අය අද අපේ මැති ඇමතිවරුන්ට කිට්ටුවෙලා ඉන්නවා. ඒවයින් නිදහස ලබලා තියෙනවා. නමුත් අහිංසක රජයේ සේවකයින්ට මේ ප්‍ර‍ශ්න වලට මුහුණදෙන්න සිදුවෙලා. වරාය අධිකාරිය පැත්තෙන් ගත්තත් වරාය අධිකාරියේ හිටපු ප්‍ර‍ධානීන් අද නිදහසේ ඉන්නවා. නමුත් සේවකයෝ හැමදාම එෆ් සී අයි ඩී යනවා. මේවා අපි නවත්වලා තියෙනවා. ප්‍ර‍ධාන හොරු ටික අල්ලගගත්තොත් මේ රටට පෙන්නන්න පුළුවන්’

– තමීර මංජු

27,424 Viewers

6 Comments to “හම්බන්තොට වරායට එරෙහි සිංගප්පූරු කුමන්ත්‍ර‍ණයක්… අපිත් කලකිරිලා ඉන්නේ.. – අර්ජුන”

  1. Champa says:

    Singapore කතාව චීනෙම ප්‍රචාරය කරන බොරු කතාවක්. ඔව්ව විශ්වාස කරන්න එපා. තීරණ ගන්නේ ඕනේ තමන් හොඳට සිහි බුද්ධියෙන් කල්පනා කරලා මිසක් කටකතා වලට් ඇහුම්කන් දීලා නෙමෙයි.

    මාගම්පුර වරාය දියුණු කරන්න, සියයට 80ක් චීනෙට දීලා අවුරුදු 198කට ඕනෙද? ගිවිසුම අත්සන් නොකොලට මෙහෙම අදහසක් තිබුනේ නැහැ කියල කියන්න බැහැනේ.

    කර්මාන්ත පුරයක් හදන්න අක්කර 15,000ක් විදේශිකයන්ට පවරන්න ඕනෙද? කිසි දවසක හිතන්නවත් එපා. අනිත් එක ඔහොම එක තැනකින් විශාල ඉඩම් ප්‍රමාණයක් එක මිනිහෙකුට දෙන්න එපා. තනි ඒකාධිකාරයක් ගොඩ නැගෙනවා. මොකොද අයිතිය දුන්න ගමන් අපිට ඒකට ඇඟිලි ගහන්න බැරි වෙනවා. ආණ්ඩුවට මොකොද බැරි අයිතිය තියා ගන්න? මේ දවස්වල විමල් නිසා මට මේවා ගැන ලියන්න විදියක් නැහැ. අවස්ථාවක් ආවහම අපි අදහසක් දෙකක් දෙන්නම්. ඒවා හොඳයි කියල හිතෙනවා නම් කරන්න.

    රට දියුණු වෙනවට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඉස්සර විරුද්ධ පැත්තේ හිටියත්, දැන් ස්වාධීන වෙලා හිටියත් මහජනතාව වෙනුවෙන් කතා කරන කෙනෙක් විදියට අපි හැමදාම හොඳ දේට හොඳ කිව්වා. අපේ අදහස් කිව්වා. වැරදි තීරණ විවේචන කරලා විතරක් නිකම් හිටියේ නැහැ, එව්ව්ව හරිගස්ස ගන්න අපේ අදහසුත් කිව්වා.

    කරන්න තියෙන්නේ රටේ ඉතාම තීරණාත්මක කරුණු ගැන තීරණ ගැනීම ජනාධිපතිතුමා අතට ගැනීම. ජනාධිපතිතුමා මහජන අදහස් වලට ඇහුම්කන් දෙන්න පටන් ගැනීම අගය කරනවා.

    මේ ගැන ජනාධිපතිතුමා සහ වරාය ඇමති සහ වරාය නිලධරයෝ අතර සාකච්චාවක් තියන්න ඕනේ. මහින්ද අත්සන් කරපු SOT ගිවිසුම කෙටි කාලීන එකක්. අවුරුද 35ක් වගේ මතක. ජනධිපතිතුමාට තියෙන්නේ චීනෙට කියන්න මහජන විරෝධයක් තියෙන නිසා කලින් විදිය කරන්න බැහැ, ඒ නිසා කෙටි කාලෙන් SOT වගේ එකකට යන්න කැමතියි කියලා.

    මහජනතාවගේ පැත්තේ ඉන්න කෙනෙක් විදියට මට ඕනේ මේ මාගම්පුරවරාය අවුරුදු 198 කට සියයට 80ක් විකුණන එක නතර කරන එක මිසක්, වරාය සංවර්ධනය කරන එක නතර කරන එක නෙමෙයි. මාගම්පුර වරායේ වටිනාකම ගැන මම ඕනේ තරම් කියලා තියෙනවා. අපි මේක අපිට තියා ගන්න ඕනේ. අපේ රටේ වටිනාකම වැඩි වෙන්නේ මේවායේ අයිතිය අපිට තියෙනකම් විතරයි. ජනවාරි 7 ගිවිසුම අත්සන් නොකිරීම ගැන ජනාධිපතිතුමාට ස්තූති කරනවා. කොච්චර නැහැයි කීවත් හොරෙන්ම අත්සන් කරන්නයි රනිල් හැදුවේ.

    චීනේ අර තරම් දීර්ඝ කාලෙකට අච්චර shares ප්‍රමාණයක් ඉල්ලන්නේ රටේ දේශපාලන ස්ථාවර භාවයක් නැති නිසා. ජනාධිපතිතුමා කරන්න ඕනේ චීනේ විස්වාශය දිනා ගන්න එක. දැන් මට මීට වඩා ලියන්න බැහැ.

    • sembakuttiarachchi says:

      ඔය ගුනමකු සිරිසේනව සත පහකට විශ්වාස නොකරනු. Traitor is a traitor always

      • Champa says:

        Who do you think you are you tp give me orders?

        I never forgive those bloody bastards who imprisoned Wimall on false charges. The can see what I will do. I make sure they repent for what they did.

        I said this before many times. I don’t care about the cold war between MR & MS. What matters to me is the country.

        I want to stop Ranil from ruining the country. Whoever who does it, I give my full support. Currently, only the President can do that.

        My eyes are not blind with politics. I have nothing to gain. The outcome of my efforts is entirely for the benefit of the country.

        In order to achieve my goals, if I have to go 10 extra miles, I will go. If the President stops Ranil and reverses his traitorous deeds against the country, I give my full support to him. Nobody can stop me. I might listen to Wimal, but I can always rationalize my decisions to him.

        • Mahesh says:

          This could be very true. All these years Hambantota port project was postponed due to Singapore. JR wanted to do it, was cancelled because of Singapore, Premadasa wanted to do it, lots of money pumped by Singapore to stop it. Same was done during Chandrika era. But MR had the guts to do it, finally he was thrown out and you known by whom. Now they are using a different strategy.
          If the government got enough brain to function this port, this port is enough Sri Lanka to develope.

  2. K shantha says:

    Kindly worship MR for doing this hambantota port project. The talk of corruption is only political bullshit

  3. Thalawar says:

    සිංගප්පූරු maha banku kola kaapalla. bandum kare W ?

Main News