හම්බන්තොට වරාය චීනයට දීමට ලහි ලහියේ වැඩ.. අමුණුගම-නොනිස් කොමිටි දෙක නොනිදා වැඩ..

January 26, 2017 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයට දීමට ලහි ලහියේ වැඩ.. අමුණුගම-නොනිස් කොමිටි දෙක නොනිදා වැඩ..

අද වනවිට හම්බන්තොට වරාය වෙනුවෙන් මිල ගනන් ඉදිරිපත් කල චීන සමාගම එය අත හැරීමට කිසිසේත්ම කැමති නැත. ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම පාර්ශ්වයක්ම තෘප්තිමත් වන ආකාරයෙන් මෙයට විරුද්ධව ආණ්ඩුව තුල කැරලි ගහන පාර්ශවයන් මෙල්ල කිරීමේ වැඩපිළිවෙළක් ද මේ සමඟ ක්‍රියාත්මක කොට ඇත.

අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කොට හදිසි කටයුත්තක් සේ සලකා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් සමන්විත නොනිස් කමිටුව විසින් වරාය අධිකාරියේ පාර්ශවයන් ද සම්බන්ධ කරගෙන තාක්ෂණ කටයුතුවලට අදාළ ගැටලු නිරාකරනය කරමින් පවතී.

මේ අනුව බොහෝ දුරට අවශ්‍ය ඕනැම කොන්දේසියක් යටතඅ වුවද හම්බන්තොට වරාය මුලින්ම චීන සමාගමට පවරා පසුව එම කොන්දේසි චීන සමාගමට අවශ්‍ය පරිදි වෙනස් කිරිමට යටත්ව චීන සමාගමේ එකඟතාවය ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් මේ වනවිටත් ලබාගෙන ඇත. එවිට දැනට අත්සන් කල ගිවිසුමට විරුද්ධව සිටින කණ්ඩායම් නිහඬ කොට ඔහුනගේ විරෝධතා හීන කොට අවශ්‍ය ඉලක්ක වෙත ලගාවීමට රජයට හැකිය. එමෙන්ම රජයට අත්‍යවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් කොටසක් හෝ හැකි ඉක්මනින් ලබා ගැනිමටත් මෙහි අරමුණ වේ.

ලෝකයේ වටිනාම නැව් මාර්ගයක් ඔස්සේ පිහිටා ඇති නවීනතම වරායක් එහි ඉදිකිරිම් මුදලට පමණක් අයකර දිර්ගකාලිනව විදේශීය සමාගමකට මිලදී ගැනීමට හැකි නම් එය මොනතරම් ලාබයක් ද යන්න රටේ ඕනම පුරවැසියෙකුට වැටෙහෙනු ඇත. මෙවැනි වටිනා සම්පතක් තුට්ටු දෙකකට ලැබුනාම එය අතහැරලා දාන්න තරම් මෝඩ කොන්ඩ බැදපු චීන්නු දැන් චීනයේ නැත.

12,611 Viewers

One Comment to “හම්බන්තොට වරාය චීනයට දීමට ලහි ලහියේ වැඩ.. අමුණුගම-නොනිස් කොමිටි දෙක නොනිදා වැඩ..”

  1. බන්ඩයියා says:

    අමුනුගම මහ බැංකු මගඩිය ගැන කතා නැහැ. උෟත් පල් හොරෙක්

Main News