හම්බන්තොට වරාය බදු දී සෙතක් නෑ.. කොළඹ ජැටිය දෙන්න බෑ.. නැවක් නවත්ගන්නත් තැනක් නැතිවෙයි.. වොක්ස්වැගන් කෝ.. හොරණ ටයර් කෝ..- ජනපති කැබිනෙට්ටුවේදී

October 17, 2018 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය බදු දී සෙතක් නෑ.. කොළඹ ජැටිය දෙන්න බෑ.. නැවක් නවත්ගන්නත් තැනක් නැතිවෙයි.. වොක්ස්වැගන් කෝ.. හොරණ ටයර් කෝ..- ජනපති කැබිනෙට්ටුවේදී

හම්බන්තොට වරාය බදු දුන්නත් අත් වූ සෙතක් නොමැති බවත් මේ විදියට වරායවල් බදු දෙන්න ගියොත් නැවක් නතර කරන්නවත් තැනක් ශ්‍රී ලංකාවට නැති වන බවත් ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බව අවධාරණය කොට ඇත.

ඔහු එසේ සඳහන් කොට ඇත්තේ කොළඹ වරාය පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවට ලබා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

තමන් ඉන්දියාවේ සිදු කළ නිල සංචාරයේදී ඒ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

තමන් නුදුරු දිනකදී සිදු කිරීමට නියමිත ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ඉල්ලීමක්ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කොට ඇති බව කියැවේ.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය ගැනද අදහස් පළවී ඇත. ඉන්දියාවේ කේරළයෙන් පැමිණි බව කියන පුද්ගලයා මානසික රෝගියකු නොවන බවත් ඔහු ඉන්දියාවේ ‘රෝ’ ඔත්තුකරුවකු බවට තොරතුරු ලැබී ඇති බවත් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත.

රජයේ ආයෝජන සම්බන්ධවද මෙහිදී ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කර ඇත. ‘කුරුණෑගලින් අක්කර 400ක් කර්මාන්ත ශාලාවකට කියමින් ගත්තද කරපු දෙයක් නොමැති බවත් හොරණ ආයෝජන කලාපයකට රබර් වගා බිමක් ගත්තත් ඒ සියල්ලෙන් සිදු කළේ ගස් කැපීම පමණක්’ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– mawbima

45,215 Viewers

13 Comments to “හම්බන්තොට වරාය බදු දී සෙතක් නෑ.. කොළඹ ජැටිය දෙන්න බෑ.. නැවක් නවත්ගන්නත් තැනක් නැතිවෙයි.. වොක්ස්වැගන් කෝ.. හොරණ ටයර් කෝ..- ජනපති කැබිනෙට්ටුවේදී”

  1. අනේ එහෙමම අහන්න එපා සර්….හිරිකිතයි වගේ නේද….?

  2. gamarala says:

    සිරිසේන රනිල් විවාහය අවසානයි ජයවේවා

  3. බන්ඩා says:

    කුමන්ත්‍රණ කර වැඩි ප‌ොලියට මහ බැංකු බැඳුන්කර බෑනට විකුනා ප්‍රක‌ෝටි ගනනක් හ‌ොරකම් කර තවත් ප්‍රක‌ෝටි ගනනක් රටට පාඩු කල හ‌ොර නඩ‌‌ෙ‌ි කැප්ටන් රනිලට පාර්ලිම‌ේන්තුව‌ෙ බහුතරය ගන්න මහින්ද දිනුවත් අගමැති කම ද‌ෙන්න‌ෙ නැහැ කියල මාර්ගය කැපුව‌ෙ සිරිස‌ේනය්. ඔක්ක‌ොම කුනු රනිලට පටවලා දැන් ජඩපති දැන් සුදන ව‌ෙ‌න්න හදනවා

  4. NAK says:

    Sirisena is getting ready once again to fool the masses. This so called flare up too is only a part of that act. He seem to really think that the Sinhala Buddhist masses are asses.

  5. Love nature says:

    හොරු ඇල්ලීමට පැමිණි යහපාලනය හොරුන් විසින් අල්ලාගෙන ඇතිබවට ජනතාව හඩ නගන්නේ මේනිසාය.

  6. Tikiri says:

    ඊලග මැතිවරණයට ඉස්සර දීගය ඉවර වෙයි
    රටෙ වාසනාව.

  7. ගමරාළ says:

    කුරුණෑගල අක්කර 400 ඉඩමෙ තිබුනෙ මහාබාරකාර දෙපාර්තුමෙන්තුවට අයිති පොල් වගාවක්. අවුරුද්දෙ අන්තිමට ලෑබුනු ආධායම අක්ෂි රෝහලට යෑව්වෙ. වොක්ස්වගන් එනවා කියලා ඔක්කොම ගලවලා සුද්ද කරා. අන්තිමට ආපු වොක්ස්වගන් එකකුත් නෑ පොලුත් නෑ. ඔන්න යූ ඈන් පී එකේ ආර්ථික මොල වල හෑටි. තව ගහපියව් ගිහින් අලි බෙට්ටට කතිරෙ.

  8. Ganjabanda says:

    Nataapu Thowilekuth naha … bere Paluwakuth ……….

  9. හිච්චිමහත්තෙයා says:

    ඇට්ටිං ඕයි! ආයිත් විඩයක් ඇට්ටිං රවුමක්!

  10. parakum says:

    my3 is very cunning idiot. he knows that ‘Enapota Honda ne’

  11. Simon says:

    Ministers responsible for the Volkswagen fiasco and the Horana Tyre factory fiasco should be reprimanded. Explanation should be called and the loss resulting from cutting down large number of coconut and rubber trees recovered from the ministers.

  12. Cause & Effect says:

    All those misdeeds you are responsible like MR responsible for his era.

  13. Nihal says:

    MY 3 paththarasena is trying to cheat people again. Likely an election is very close by. Paththarasena is also responsible for the massive damage done to the country during last three years.

Main News