හම්බන්තොට වරාය විකුණන අලුත් ක්‍රමය ජනපති පත්කල අනු කමිටුවෙන් ගෙනේ.. අලුත් සමාගමක් හම්බන්තොට වරායට ලියාපදිංචි කරයි..

February 10, 2017 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරාය විකුණන අලුත් ක්‍රමය ජනපති පත්කල අනු කමිටුවෙන් ගෙනේ.. අලුත් සමාගමක් හම්බන්තොට වරායට ලියාපදිංචි කරයි..

වරාය අධිකාරියෙන් ඉවත් කොට හම්බන්තොට වරාය එහි කාර්යයන් සහ එම වරායට අයත් අක්කර 2000කට අධික ඉඩම් සහ දේපල අයත් වන සේ මුදල් ලේකම්ට අයත් නව රාජ්‍ය සමාගමක් ලෙස වහාම ලියාපදිංචි කිරීමට කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ යටතේ අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇත.

හම්බන්තොට වරාය සහ දේපළ සඳහා වහාම තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස ද රජයේ තක්සේරුකරුට දන්වා ඇති අතර මේ සඳහා අවශ්‍ය ඉඩම්වල විස්තර සහ පිබුරුපත් වරාය අධිකාරිය විසින් ඔහුන් වෙත යවා ඇත. ඒ අනුව ලැබෙන රජයේ තක්සේරුකරුගේ වටිනාකම මෙම සමාගමට පවරා එහි කොටස්වලින් 80% මුලින් චීන සමාගමට ඇ.ඩොලර් බිලියන 1.1 විකුණා දැමිමිට ලෙහෙසියෙන්ම කල හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය අතිරේක ලේකම් බිම්බා තිලකරත්න මහත්මිය විසින් මුදල් අමාත්‍යාංශයේ නීති උපදේශක කෝලිත ධර්මවර්ධන මහතාව දැනුවත් කොට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති අමාත්‍ය කමිටුව විසින් පසුගිය දා රැස්වී ඉහත තීරණය ගෙන ඇත. මෙම අමාත්‍ය කමිටුවට, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් සහ මලික් සමරවික්‍රම, රවි කරුණානායක සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් ගෙන ඇතුලත් වේ, තවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් සමන්විත නොනිස් කමිටුව විසින් වරාය අධිකාරියේ පාර්ශවයන් ද සම්බන්ධ කරගෙන තාක්ෂණ කටයුතුවලට අදාළ ගැටලු ලහි ලහියේ නිරාකරනය කරමින් පවතී.

ලෝකයේ වටිනාම නැව් මාර්ගයක් ඔස්සේ පිහිටා ඇති නවීනතම වරායක් එහි ඉදිකිරිම් මුදලට පමණක් අයකර දිර්ගකාලිනව විදේශීය සමාගමකට මිලදී ගැනීමට හැකි නම් එය මොනතරම් ලාබයක් ද යන්න රටේ ඕනම පුරවැසියෙකුට වැටෙහෙනු ඇත. මෙවැනි වටිනා සම්පතක් ඉදිකිරීම් මිලට පමණක් ගැනීමේ උත්සහය මේ අනුව චීන සමාගම අත් නොහර ඇති බැව් සහ මොනයම් උපායමාර්ගයක් අනුගමනය කොට එය වහාම චීනය සතු කිරීමේ උත්සහය ආණ්ඩුව විසින් අත් නොහැර ඇති බැව් මෙයින් පැහැදිලිවම සනාථ වේ.

8,757 Viewers

4 Comments to “හම්බන්තොට වරාය විකුණන අලුත් ක්‍රමය ජනපති පත්කල අනු කමිටුවෙන් ගෙනේ.. අලුත් සමාගමක් හම්බන්තොට වරායට ලියාපදිංචි කරයි..”

  1. CHATHIYA APPASIRA says:

    It is day light robbery by finance ministry

  2. Champa says:

    NO WAY.

    මේ ආණ්ඩුව විමල්ව දිගින් දිගටම අසාධාරණ විදියට හිරේ තියා ගෙන ඉන්නේ මේ විදියට රටේ සම්පත් හොරාට විකුණගන්න. ඒවායින් කොමිස් ගහන්න. විමල් ඉන්නකොට ජනතාව දැනුවත් කරනවා. මේවාට විරෝධය පානවා. විමල්ව හිරේ දමලා, විමල්ගේ හඬ නිහඬ කරලා රට විකුණන් කනවා.

    මීට කලින් නම් මට මේ විදියට ලියන්න ඕනේ වුනේ නැහැ, විමල් හැම තිස්සෙම ඉදිරයට ඇවිල්ල රටේ ජනතාව දැනුවත් කරපු නිසා.

    මම මේ ටික ලියන්නේ මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවන්ට සහ අනිකුත් සංඝයා වහන්සේලාට.

    විමල්ට දැන් රට වෙනුවෙන් කතා කරන්න තියෙන අවස්ථා අඩුයි. ඒ නිසා මහා සංඝයාවහන්සේලා ඉදිරියට ඇවිල්ල රටේ විනාශයට තුඩු දෙන මේ වගේ දේවල් ගැන, රටේ වටිනා සම්පත් විකිණීම ගැන, තව ඉඩම් සංශෝධන පනත වගේ අපේ ඉඩම් අපිට අහිමි කරන භයානක පනත් ගැන දැනුවත් වෙලා ජනාධිපතිවරයාට කරුණු දක්වන්න ඉදිරපත් වෙන්න ඕනේ.

    නිහඬව බලා හිටියොත් අතීතයේ අපේ සඟ රජවරුන් සුද්දාටත් බය නොවී එඩිතරව ඉදිරයට ඇවිල්ල බේරා ගත්ත රට අපේ ඇස පනාපිටම අපිට නැතිවෙලා යයි. අපේ අනාගත පරම්පරාව අපිට සාප කරයි.

    සංඝයාවහන්සේලාගේ හඬ මේ රටේ ජනතාවටත්, දේශපාලකයන්ටත්, රට කරවන පාලකයන්ටත් වඩා බලවත්. ශක්තිමත්. ඒ හඬ පාවිච්චි කරන්න ඕනේ අවස්ථාවේ පාවිච්චි කරලා රට මේ ව්‍යසනයෙන් බේරා ගන්න.

    කවදාවත් හිතන්න එපා ජනධිපතිවරයා පොරොන්දුවක් දුන්න කියලා එක ඒ විදියටම තියෙයි කියලා. ඒ මොකොද කිව්වා නම් මුදලට කෑදර UNP ඇමතිවරු තමන්ගේ කොමිස් එක වෙනුවෙන් කාටවත් නොදැනෙන්න තමන්ගේ හොර ජාවාරම් ගෙනියනවා. රටේ සම්පත් විකුනන්න අලුත් ක්‍රම හොයා ගන්නවා.

    ඒ නිසා හැම තිස්සෙම රටේ සිද්ධ වෙන්නේ මොනවාද කියන එක ගැන සංඝයා වහන්සේලා අවදියෙන් සිටින්න ඕනේ. ඒ ගැන ජනාධිපතිතුමා දැනුවත් කරල ඒවා නතර කරන්න ගත යුතු ක්‍රියා මාර්ග ගන්න කියල බල කරන්න ඕනේ.

  3. Champa says:

    රනිල්ගේ ආණ්ඩුව කරන දේවල් ගැන ජනතාව අවදියෙන් ඉන්න ඕනේ.

    කොමිස් වලට වහ වැටිච්ච ආණ්ඩුවේ සෙල්ලම තමයි තමන්ගේ හොර මගඩි කරනකොට ඒවායේ තීරණ ගැනීමේ බලය කමිටුවක් හරහා කිරීම. ඒ කියන්නේ අමාත්‍යංශ වල කටයුතු අමාත්‍යවරයගෙනුයි එහි ලේකම්ගේනුයි ඉවත් කරලා කමිටුවක් මගින් සිද්ධ කිරීම.

    එකක් මෙහෙම කරන කොට රහසින් හැමදේම කරන්න පුළුවන්. දෙවෙනි එක තමන්ට අවශ්‍ය කරණ විදියේ තීරණ ගන්න පුළුවන් කිසි බලපෑමක් නැතුව. තුන්වෙනි එක තමයි භයානක. මේ ව්‍යපෘති වලට අදාළ වාර්තා, ලියකියවිලි කිසි දෙයක් අදාළ අමාත්‍යාංශය සතු නොවීම. ඒ කියන්නේ වෙන ආණ්ඩුවක් ඇවිල්ල විදේශිකයන්ට දීලා තියෙන මේ සම්පත් පවරා ගන්න හැදුවොත් අදාළ ලියකිලිවිලි වියවුල් තත්වයක තියෙන්න පුළුවන්. රටට එක agreement එකක් ඇත්තටම විදේශිකයන් එක්ක වෙන agreement එකක් අත්සන් කරන්න පුළුවන්. අපි දැනටම මේකට උදාහරණයක් දැක්ක ETCA ගිවිසුම ගැන කතා කරද්දී.

    ඒ නිසා රටට අතිශය වැදගත් තීරණ අත්තනෝමතිකව ගන්න බලය තියෙන මේ කමිටු අහෝසි කරලා සාමාන්‍ය විදියට අමාත්‍යංශ, ඇමතිවරු සහ ලේකම්වරු හරහා මේ තීරණ ගන්න ඕනේ. මොකොද මේ කරන විදියට මේ තීරණ වල වගකීම කිසි කෙනෙකුට පැවරෙන්නේ නැහැ. මේ හරිම භයානක තත්වයක්.

Main News