හම්බන්තොට වරාය විකුණා ඇත්තේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරවයි..

August 1, 2017 at 6:48 pm | lanka C news
හම්බන්තොට වරාය විකුණා ඇත්තේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරවයි..

ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කිසි දෙයක් කරන්නේ නැති බව කියූ යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණා දමා ඇත්තේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා චෝදනා කරයි.

ඔහු මෙම චෝදනාව කලේ අලූත්ගමදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

මේ රටේ ජනතාවගේ දැඩි විරෝධය මැද්දේ මේ ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණා ගත්තා. .ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කිසි දෙයක් කරන්නේ නැති බව කියපු මේ ආණ්ඩුව කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේ වරාය වික්කා. අද රාජ්‍ය නායකයින් වෘර්තිය සමිතිවලට බොරු පොරොන්දු දෙනවා .සෙන්කෝලයක් නැතිව පනතක් සම්මත කර ගත්තා .මේකට ජනතා විමුක්ති පෙරමුණත් ,දෙමල සන්ධානයත් හවුල්.

හිටපු ජනාධිපති තුමා ප්‍රභාකරන් සහ එල් .ටී .ටී.ඊ එක පරාද කරපු නිසා තමයි අද මෛත්‍රීපාල ජනාධිපති තුමාට උනත් මහින්ද රාජපක්ෂට මහත්තයට කුමන්ත්‍රණය කරලා බලයට එන්න පුළුවන් වුනේ .අද එල්.ටී.ටී.ඊ එක පරාජය කරන්න ලොකු ශක්තියක් දීපු බුද්ධි අංශ නිලදාරීන් ,හමුදා නිලධාරීන් හිරේ දාලා .ඒත් ඒ අය තමයි මෛත්‍රීපාල ජනාධිපති තුමාව මරා ගෙන මැරෙන්න ආපු අයව අල්ලා දුන්නේ. ඒ බුද්ධි අංශ නිලධාරීන් නොසිටින්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් අපේ තාත්තත් අද ජීවතුන් අතර නැහැ.

එත් අද බුද්ධි අංශ නිලධාරීන්ව නාවික හමුදා නිලධාරීන්ව හිරේ දාලා . තජුදීන්ගේ මිනිය ගොඩ අරන් නාමල්වයි යෝශිතාවයි අල්ලගන්න බැරි උනා, වසර දෙකහමාරක් තිස්සේ.දැන් ඒකට ගෙදර හිටපු අපේ අම්මව අල්ලගන්න හදනවා. අද මේ රටේ ව්‍යාපාර කඩා වැටිලා. වුත්තිය සමිති නායකයන්ට හමුදාව පොලිසිය දාලා ගහනවා ගහනවා .සරසවි සිසුන් මහා පාරේ.එදා රට රැක ගත්තු, රටේ සංවර්ධනයට දායක වුනු රණවිරුවන්ව අද පැට්‍රොල් ගහන්න සෙඩ් වලට දාලා .මේ ආණ්ඩුවට වැඩ බැහැ .ඩෙංගු මර්ධනය කරන්න වැඩ පිළිවෙලක් නැහැ .පිටිබරවයට උඩු කරේ බෙහෙත් බඳිනවා වගේ ළමයින්ට දිගට ඇඳුම් ඇඳන් එන්න කියනවා . බැඳුම්කරේ යටගහගන්න බැරිඋනා .

– බෙන්තොට ජේ.ඉඳුරුවගේ

5,225 Viewers

10 Comments to “හම්බන්තොට වරාය විකුණා ඇත්තේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරවයි..”

  1. Ruwansiri says:

    Ane Namal den podu jana peramuneda? Kata Langadeema vahaganna puluwan.

  2. yasmin says:

    උබේ අප්පාගෙන් බාප්පාලාගෙන් තමයි ඉගනගෙන තියෙන්නේ, ගොන් පුතෝ

  3. PISSU PUSHA says:

    They robbed amount more than robbed by all politicisn after british rule

  4. Yasas says:

    Wada wenna epa Namal. Please !!!

  5. බන්ඩා says:

    අාප්පයට චන්දයක් තියන්න කියපල්ලා. එතකොට බලාගත්ත හැකි ‘ජහපාලන’ හොරැන්ටද රාජපක්ෂ හොරැන්ටද ජනතාව කැමති කියල

  6. Jayantha says:

    රුවන්සිරි, ‍යස්මින්, පිස්සු පූසා –
    ආන්ඩුවෙන් කීයක් ලබුනද රාජපක්ශලාට මඩ ගහන්න. තරහා වෙන්න එපා මෙහෙම කිව්වට ඔහෙලගෙ ඔය මඩ නිසා තමයි රටේම ජනතාව රෑවටුනේ. ඒ අපරාදයට ජනතා සාපය වදින්නේ ඔහේලගෙ පවුල්වලටත් එක්කම තමයි.

  7. Channa says:

    ටෙන්ඩර් පටිපාටි වලට අනුකුලවම වැඩ කල එවුන්ද මේ ?

  8. Jay says:

    Wathala katak me yakata theyenne

  9. nisa says:

    Did you sold the land for Shangriila after calling a tender? Now it is a lease not a sale.

  10. uma says:

    hora perakadoruwa bath kana haraka gade beeeee