හම්බන්තොට වරාය සුදු අලියෙක් නෙමෙයි.. එකෙන් ආදායම් ලබනවා..- අගමැති

February 1, 2018 at 3:25 am | lanka C news
හම්බන්තොට වරාය සුදු අලියෙක් නෙමෙයි.. එකෙන් ආදායම් ලබනවා..- අගමැති

මෙරට අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම ආදායම 2017 වසරේදී වාර්ථා වූ බවටත් එය ඩොලර් බිලියන 15 ක් බවට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (31) වව්නියාවේදී කියා සිටියේය.

මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජතික පෙරමුණ ජයග්‍රහනය වෙනුවෙන් (31) වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව කියා සිටියේය.

එහිදී ජනතාව ඇමතූ අග්‍රාමාත්‍යතුමන් වැඩි දුරටත් කියා සිටියේ,

‘මෙරටට අපනයනයෙන් ඩොලර් බිලියන 15ක් ලැබුනා වගේම අපේ රටට වැඩිම විදේස් ආයෝජනයෙනුත් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලැබුනා මේකෙන් මම සෑහිමකට පත්වෙන්නේ නැහැ මේ මුදල් දෙුණයක් කරන්න ඕන මේ රටේ රැකියා ප්‍රශ්නය විසඳන්න ඕනනම්

අපේ රටේ වරායන් දෙකක් තියනවා කොළඹ සහ හම්බන්තොට වරායන් හම්බන්තොට වාරායත් දැන් සුදු අලියෙක් නෙමෙයි එකෙන් දැන් ආදායම් ලබනවා ගුවන්තොටුපලවල් දෙකක් තියනවා මේවා ඉලක්ක කරගෙන තමයි අපි වෙළඳ කලාප සංචාරක කලාප හදන්නේ ජපානයෙන් මහනුවර සංවර්ධනය කරන්න සැලසුම් කරල තියනවා .

දෙවන අදියරකුත් තියනවා ලංකාවට වරායවල් තුනක් තියනවා මම දෙකක් ගැනයි කතා කලේ ඒ දෙක වගේම අපි දියුණු කරනවා ත්‍රීකුණාමලෙත් ත්‍රීකුණාමලෙයි මහනුවරයි අපි එකතු කරනවා බෙංගාල බොක්කේ හොඳම වරාය ත්‍රීකුණාමලය ත්‍රීකුණාමලය දියුණු වෙනකොට ඒකේ වාසිය වන්නියේ ජනතාවටත් ලැබෙනවා ,

නිදහස ලැබීමෙන් පසු අපේ රටේ සංවර්ධනය දකුණට ලැබුනත් උතුරට ලැබුනේ නැහැ මේ යුද්දේ නිසා අපි මේ උතුරු නැගෙනහිර අමතක කරලා නැහැ යුද්දේ නිසා කඩා වැටුනු උතුරු නැගෙනහිර ආර්ථිකය සංවර්ධනය කරන්න ආරම්භ කරල තියනවා ඒකට අපිට මේ ගබේ බලය දෙන්න

අපි මේ වන විටත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ සංචාරක කලාාපයක් ආරම්භ කරන්න යනවා ඒ පැත්තෙන් සංචාරක කලාපයක් මේ පැත්තෙන් වරායක් මේ විදිහට 2025 වෙනකොට අපි මේ රට දියුණු කරල පෙන්වනවා, මේ ඕක්කටම ඉස්සෙල්ලා අපි වව්නියාවේ ගෙවල් 5000 ක් හදලා දෙන්න අපි තීරණය කරල තියනවා.

ඒවගේම යුද්දේ නිසා අතුරුදහන් වූවන් ගැනත් හොයන්න ඕන ඒ අය ගැන හොයන්න අපි නීතිය සකස් කරල තියනවා සභාව පත් කරන්න තියනවා අපිට මේවා පැය 24න් කරන්න බැහැ ඒකට අපිට ගමේ ආණ්ඩුව භාරදෙන්න’

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,714 Viewers

10 Comments to “හම්බන්තොට වරාය සුදු අලියෙක් නෙමෙයි.. එකෙන් ආදායම් ලබනවා..- අගමැති”

  1. RP from Canada says:

    ඔය ඇත්තමද? ඒකෙ තිබුන ගල කැපුවේ ඔයාද? මංගලත් ගල කපන්න උදවු කලාද? විදේශ ආයෝජකයෝ අහන නිසයි දැන ගන්න ඇහුවේ.

  2. Ranjan says:

    Wikkoth salli. Thawath wikunnana. mun maha kalakanni. Hambukaragena kanna danne nehe. Apiwath kalakannikaranwa.

  3. බේසමේ පල්ල නෑ සර්. says:

    සර් මොකක්ද me කතා? බේසමේ පල්ල නැහැ නෙ සර්. 2/3 එළියේ.ගදයි පලාතම.

  4. daminda says:

    ehtakota lokae lokuma phinumm thatakae …………?

  5. Boo says:

    අපි රත්තරන් අස්සයෝ හොයාගත්තා, දැන් උන් සත්තුවත්තේ ප්‍රදර්ශනය වෙනවා, රාජපක්ෂලාගේ හෙලිකොප්ටර් රජයට පවරාගත්තා , දැන් ඒවායේ නොමිලේ රෝගීන් ප්‍රවාහනය කරනවා, රාජපක්ෂලාගේ ඩුබායි මාලිගා විකුනලා අපි ඒ සල්ලි වලින් නය සේරම ගෙවුවා, දෙතුන් පාරක් හරි තාජුදීන්ව ගොඩ අරන් මරපු එකා හොයලා හිරේ දැම්මා, මහා බැංකුවේ තිබුණි සල්ලි රාජපක්ෂලා හොරකම් කරයි කියන සැකේට ඒ ටික අරන් මම මගේ අර්ජුන මහේන්ද්‍රන් කියන පාසැල් කාලයේ මිතුරත් එක්ක පරිස්සමට සේප්පුවක අරන් තිබ්බා.

    පෝට් සිටි එක නවත්තනවා කිවුවා, අපි නැවැත්තුවා. අපි දින 100න් විධායක ජනාධිපති ක්‍රමේ නැති කළා, දැන් එතන ඉන්නේ පඹයෙක් විතරයි.

    දැන් රටේ ජනතාව අල්ලපු ගෙදරට යන්නෙත් වැස්සට නොතෙමි වොක්ස්වැගන් කාර් වල, රටේ සියලු දෙනාට රැකියා ලබා දීලා ඉතුරු වෙලා තියෙන රස්සා දෙන්න කෙනෙක් නැති නිසා දැන් අපි ඉන්දියාවේ මිනිස්සුන්ටත් අපේ රටේ රස්සා දෙනවා. රටේ ජනගහනය වැඩි වීමේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සමලිංගිකත්වය අපි දැන් ප්‍රචලිත කරගෙන යනවා.

    රටේ පරිපාලනය පහසු වෙන්න අපි මේ ඇති විශාල රට රටවල් දෙක තුනකට කඩලා දෙනවා, එතකොට පාලනය කරන්න ලේසියි. අපි දැන් පාර්ලිමේන්තුවත් විනෝද සාගරයක් කරලා සංස්කෘතික අංග වශයෙන් එතන කෝලම් මඩු පවා පවත්වනවා. ලෝකේ දියුණු රටවල තියෙන ආගම අපේ රටට ගෙන්න අපි කටයුතු කරනවා, ඒ සඳහා අර කහ සිවුරු ඇඳගෙන අපිට බාධා කරන උදවිය අපි හිරේ දානවා, එහෙම නැතුව බෑ , අපි මාද්‍ය නිදහස දීල තියෙනවා, එහෙම දීලා තමයි මිත්‍රවරුනි අපි පාර්ලිමෙන්තුවෙදියි ඉන් පිටටතදියි මාද්‍ය කරුවන්ට තර්ජනය කරන්නේ, ඔය මාද්‍ය නිදහස කලින් තිබුනද? අපි මාධ්‍ය වෙබ් සයිට් කීපයක්ම බ්ලොක් කරලා ඒගොල්ලන්ට නිදහසේ තමන්ගේ මාධ්‍ය කටයුතු කරගෙන යන්න ඉඩ සලස්සලා තියෙනවා.

    අපි බලාපොරොත්තු වෙනවා 87-88 භීෂණ සමයේ බටලන්දේ මියගිය දහස් ගණන් තරුණයන්ට කරන ගෞරවයක් විදිහට බටලන්දේ විනෝද උද්යානයක් හදන්න. අපි කොච්චර රට දියුණු කලාද කියනවනං, ඇමරිකාවේ ට්‍රම්ප් මහත්තයත් මට කෝල් කරලා අපේ රටේ ස්ථිර පදිංචියට එන්න අවසර ඉල්ලුවා.

    ඒ නිසා අපිට නැවතත් චන්දෙ දුන්නොත් ඔබ තුමාලට ඔයිටත් වඩා දියුණුවක් ලබා දෙනවා.

  6. HUNA says:

    MaRa th owa ohoma dakka.

  7. Asaranaya says:

    රානි අලයා කලින් මැසිවිලි ගීත ගැයුවේ අධෝ මුකෙන් නේ, හැබැයි දැනුත් කතා කරන විට වස ගඳයි,
    සක්කිලි වැඩ කරන ඇයන්ට ගඳ තේරෙන්නේ නැහැ

  8. බබා උක්කුන් says:

    නෑ, නෑ හම්බන්තොට කියන්නේ සුදු අලියෙක්. ඒකනේ අපි හම්බන්තොට චීනට විකුණුවේ. (වැරදීමක් අවුරුදු 99 + 99 කට බදු දුන්නේ)
    මේ කාලකන්නි පර බල්ලන්ට හෙන හතම ගහන්න ඕන. හැදිගෑවිල මකබෑවිලාම යන්න.

Main News