හම්බන්තොට වරාය 6 වෙනිදා චීනයට දෙනවා නම් ඉන්දියාව ETCA ඉල්ලා දැඩි බලපෑම්.. ගිවිසුම් දෙකේම කෙටුම්පත් (Framework Agreement) සුදානම්..

March 31, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට වරාය 6 වෙනිදා චීනයට දෙනවා නම් ඉන්දියාව ETCA ඉල්ලා දැඩි බලපෑම්.. ගිවිසුම් දෙකේම කෙටුම්පත් (Framework Agreement) සුදානම්..

අප්‍රේල් මස 6 වෙනිදා චීනයට හම්බන්තොට වරාය වසර 99 කට ලබාදීමට ශ්‍රීලංකා රජය කටයුතු කරන්නේ නම් ඉන්දියාවේ බලාපොරොත්තු වන එට්කා ගිවිසුම අනිවාර්යෙන්ම අත්සන් කලයුතු බවට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුම් දී ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

ඉන්දීය ආර්ථික තාක්ෂණ සහයෝගීතාව ගිවිසුම ETCA මේ වනවිට අවසන් අදියරයේ පසුවන අතර එම ගිවිසුමට සම්බන්ධ ගිවිසුමේ කෙටූම්පත් සියල්ලම සූදානම් කොට අවසන්ය. එබැවින් එම ගිවිසුම අත්සන් කිරීම බොහෝ දුරට අප්‍රේල් මස 6 වෙනිදා චීනයට හම්බන්තොට වරාය ලබාදීමට සමගාමීව හෝ ඉන්දියාව විසින් තීරණය කරනු ලබන නිශ්චිත කාලයක් තුල සිදු කිරීමට ශ්‍රීලංකාවේ ආණ්ඩුවට සිදු වනු ඇත.

මෙම ගිවිසුම් දෙකම ක්‍රියාත්මක වීම හරහා ලෝකයේ මහා බලවතුන් මෙන්ම එකිනෙකාට විරුද්ධ රාජ්‍යන් දෙකක් ශ්‍රීලංකාවේ ආර්ථිකය මෙහෙයවීමට පටන් ගනු ඇත.

මෙම ගිවිසුම් දෙකෙහිම ඇති බරපතළම මෙන්ම ශ්‍රීලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන භායනකම වගන්තියක් වනුයේ, එම මහා බලවත් රටවල් වලින් ශ්‍රීලංකාවේ ආයෝජන සඳහා අවශ්‍ය මානව සම්පත් එම රටවලින් සපයා ගැනීමට (Under Mode Of Supply) අවසර ලබාදීමයි.

ඒ අනුව එම ගිවිසුම්වල සඳහන් වනුයේ:-

1, ව්‍යාපාර සඳහා විදේශ රටක පුද්ගලයින් රටතුලට පැමිණ වාසය කිරීම Presence of natural persons සහ
2, තවත් රටකට ගොස් ව්‍යාපාර කිරීම Commercial presence

ඉහත කරුණු දෙක අනිවාර්යයෙන්ම චීනය සහ ඉන්දීයාව විසින් ක්‍රියාත්මක කරන අතර ඒ අනුව අපේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයෙන් කම්කරුවා සිට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරින් ඇතුළු සියලුම අංශ නියෝජනය කරන සේවකයින් එම රටවලින් ගෙන්වා ගැනීමේ නෛයිතික බලය එම රටවල්වලට මෙම ගිවිසුම් මගින් ලැබෙනු ඇත.

10,042 Viewers

9 Comments to “හම්බන්තොට වරාය 6 වෙනිදා චීනයට දෙනවා නම් ඉන්දියාව ETCA ඉල්ලා දැඩි බලපෑම්.. ගිවිසුම් දෙකේම කෙටුම්පත් (Framework Agreement) සුදානම්..”

  1. sinha le says:

    කිසිම රටකට අපේ සිං හලේ බුමිය පාවා නොදෙනු ජීවිතය පුදා අපි රැකගමු

  2. LION says:

    අපේ රට අපේ ජාතිය වෙනුවෙන්…. හෙලයනි පෙරට එනු

    ජාතිය රන් විමණක් වේ…
    දේශය ආගම මිණි පහනක් වේ..
    එය රැක ගන්නට මෙලොවේ….
    සමත් වෙතොත් පුත නුඹ වේ…

  3. love nature says:

    කෙළක් පරයන් මරා ගෙන හෝ දැයට පණ දෙමි සිංහලේ…

    සතන් සෙත් බිම මගේ ..
    මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේ…

    වසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…
    ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේ

    ගතේ රුධිරය බලන් කකියයි
    මෙහෙය නැහැ අමතක කලේ
    ආ……………

    ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේ
    පුරාණේ සිට දෙරණ රකිනට
    නුබේ පරපුර දිවිහලේ
    දකින සැම තැන වෙහෙර විය
    එය අපේකම රකිනා බලේ

    වරෙන් මිස දුටු බලය බිදලා රකින්නට තුන් සිංහලේ…

    ලොවේ මනුසත් උයනේ මහගෙය ඉන්දු සයුරේ මුතු ඇටේ
    සිංහ ධජයේ කගදී නරසිහ මාර සටනය බෝ මැඩේ

    එහෙව් දීපය මගේ ලංකා මව්නි දිව්රම් හද මෙසේ

    කෙළක් පරයන් මරා ගෙන හෝ දැයට පණ දෙමි සිංහලේ…

  4. love nature says:

    අවුරුදු දෙදහස් පන්සියයක්

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
    ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ
    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී

    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා අවුරුදු දෙදහස් පන්සියයක්

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
    ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ
    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී

    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා දකුණේ දරුවොත් මිය ඇදෙතී.
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී

  5. Saradiel says:

    හෙට උඹලගේ හුස්ම ටිකත් රනිල්ලා විකුනාවී

  6. padasira says:

    හම්බන්තොට වරාය චීනයට බදු නොදෙන්නේ නම් රට පවත්වාගෙන යැමට මුදල් නොමැති බව කියන්නේ ආණ්‌ඩුවේම ඉහළ නිලධාරීන්ය. මෙය බරපතළ ගැටලුවකි. හම්බන්තොට වරාය චීනයට ලබාදී ලැබෙන මුදල් අවසන් වන විට ඊළඟට විකුණන්නට දෙයක්‌ සොයා ගත යුතුවේ. මේ ආකාරයට රටේ සම්පත් විකුණනවා වෙනුවට නිසි ආර්ථික වැඩපිළිවෙළක්‌ ආණ්‌ඩුව වහාම සොයාගත යුතුය. රටේ ආර්ථික තත්ත්වය එන්න එන්නටම පහත වැටෙමින් පවතී. මේ වන විට ඩොලරය ඉහළ යමින් පවතී. රජයේ බැංකුවක වත්කම්, රාජ්‍ය ආයතන කීපයක තැන්පතු රජයේ ආදායම් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පෙන්වා ඇති බවට චෝදනා එල්ලවී තිබේ. මෙය අතිශය බරපතළ තත්ත්වයක්‌ වන්නේ මේ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳවැටීමත් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ලබාදී ඇති වැරදි දත්ත නිසා ආර්ථිකයේ සැබෑ ස්‌වරූපය පෙන්නුම් නොකිරීමත් නිසාය.

    චීන ආධාර මත ඉදිකෙරෙන කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මුල් අදියර මුදල ලබාදීම ප්‍රමාද වී තිබේ. හම්බන්තොට අත්සන් කළ විට ණය බර අඩුවී තවත් ණය ලබා ගැනීමට ආණ්‌ඩුවට අවස්‌ථාව සැලසේ. මේ නිසා මහා පරිමාණ නව ව්‍යාපෘති කීපයක්‌ ආරම්භ කරන්නටත් ඒ යටතේ පුද්ගලිකව වාසි ලබා ගන්නටත් ඇතැම් ඇමැතිවරු සූදානමින් සිටින බව පැවසේ. අනෙක්‌ අතට ආණ්‌ඩුව පවසන පරිදි රටේ ණය බර අඩුකර ගන්නට හම්බන්තොට වරාය බදු දෙන්නේ නම් තවත් ණය ලබාගෙන ඒ ණය වැඩිකර ගන්නට ආණ්‌ඩුව ගන්නා උත්සාහය තේරුම් ගැනීම අපහසුය.

  7. love nature says:

    එදා කාවන් තිස්ස රජු හා විහාර මහා දේවිය ගැමනු හා තිස්ස යන දෙපුතුනට සංඝරත්නය ඉදිරියෙන් අවවාද කොට බත් පිඩු පිළිගැන්වු අවස්ථාවේ ගැමුනු කුමරු රට ජාතිය ගැන සිතා එය ප්‍රතික්ෂෙප කළෙය.

  8. dingiri menika says:

    mahindawa elawanna hdisiya thibunata me gon waahelaata rata paalanaya karanna baruwa
    dan hath pole gaagena dagalanawaa.
    dan wenasa sapada,sthutuda.

  9. White Shark says:

    විමල්ව හිරේ දම්මපු ද්‍රෝහීන්ගේ පරමාර්ථය විමල්ගේ ඉදිරි ගමන නවත්තන එක විතරක් නෙමෙයි, රනිල්ට රටේ සම්පත් විකුණගෙන කන්න තියෙන විරෝධයත් නැති කරලා, කිසි බාධාවක් නැතුව රට විනාශ කරන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න සහයෝගය දෙන එක.

    විමල් හිරේ ගියත් හරි, විමල් විරුද්ධ වෙච්ච හම්බන්තොට ජවනිකාව එක පාරට එලියට ආවා. දැන් කල් දැම්ම කියපු ETCA ගිවිසුම ආයේ එලියට ඇවිල්ල.

    දැන් මේ රටේ සැබෑ සතුරා ඇත්තටම කවුද කියන එක ජනතාව විමර්ශන බුද්ධියෙන් යුතුව වටහා ගත යුතුයි.

Main News