හමුදා ජිප් රථයක් මෝටර් බසියිකලයක් හැපේ.. බයිසිකලය කුඩු.. තරුණයින් දෙදෙනෙකුට බරපතලයි..

May 23, 2018 at 12:40 pm | lanka C news
හමුදා ජිප් රථයක් මෝටර් බසියිකලයක් හැපේ.. බයිසිකලය කුඩු.. තරුණයින් දෙදෙනෙකුට බරපතලයි..

මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේදී ආරක්ෂක අංශයට අයත් ජිප් රථයක යුතුරුපැදියක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත තල බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

පුදුකුඩඉරිප්පු පරන්තන් ප්‍රධාන මාර්ගයේදී පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු දෙසට යතුරු පැදියකින් ගමන් ගෙන ඇති තරුණයින් දෙදෙනෙකු පුදුකුඩිඉරිප්පු දෙස සිට පරන්තන් දිසාවට ගමන්ගත් ජිප් රථයකය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික් පොලිස් පරික්ෂන වලදී හෙලි වී ඇත.

යතුරුපැදියේ ගමන් කල තරුණයින් දෙදෙනා අධික වේගයකින් ගමන් කොට ඇති අතර වේගය පාලනය කරගැනීමට නොහැකිව ජිප් රථයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතරම බරපතල තත්වයේ සිටි තරුණයින් දෙදෙනා මාංචෝලෙයි රෝහල වෙතට ඇතුලත් කිරීමෙන් පසුව මුලතිව් මහ රෝහල වෙතට මාරු කොට යවා ඇති බවට පරික්ෂන සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,890 Viewers

5 Comments to “හමුදා ජිප් රථයක් මෝටර් බසියිකලයක් හැපේ.. බයිසිකලය කුඩු.. තරුණයින් දෙදෙනෙකුට බරපතලයි..”

  1. Daya_sorry says:

    Yudde Iwara Unata Passe Uthure Unta Sepa Wedi Wela Dangalanawa

  2. Amda says:

    මැරෙන්න ආපු කොල්ලො දෙන්නා දෙමල නම් දැන් ඉතින් ඒකටත් ජීප් එකේ හිටපු හමුදාවෙ කොල්ලො දෙන්නා මරාගෙන කයි.

  3. නිදහස් says:

    හමුදාවේ සමහර නිලධාරින්ගේ වාහන යන්නෙ උඩින්. වැඩිම පරිසර දුෂණයක් වෙන්නෙත් හමුදාවෙ වාහන වලින්. පාරෙ යන අපිට පේනවනේ හමුදා වාහන වලින් දාන දුම. හමුදාවෙ වාහන වලට දුම් පරික්ෂණය ඕනෙ නැතිව ඇති.

    • 8 පාස් says:

      මෙන්න හමුදාවෙන් පාලි ගන්නවෝ

  4. David Milli-banda says:

    Was it the action of future suicide squads? is this the reality………..A trial !!!!!!!!!!!

Main News