හමුදා බෆල් රියේ වැදී දැරියක් මියයයි.. ප‍්‍රදේශයම උණුසුම්..

January 24, 2018 at 12:40 pm | lanka C news
හමුදා බෆල් රියේ වැදී දැරියක් මියයයි.. ප‍්‍රදේශයම උණුසුම්..

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී අද (24) උදෑසන නාවික හමුදා බෆල් රථයකට පාපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකු වැදීම හේතුවෙන් වයස අවුරුදු 09 ක දැරියක් මියගොස් තවත් අයෙකුට බරපතල තුවාල සිදුව ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

චුන්නාගම් මාර්ගයේ රෝමානු කතෝලික විදුහල අසලදී පාපැදියක මාමා සහ දුව ගමන් කරමින් සිටින අතරතුරදී නාවික හමුදාවට අයත් බෆල් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසුව එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් අතර  මේ වන වට අනතුර සිදු වූ ස්ථානයේ උණුසුම් තත්වයක් හට ගෙන ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ 09 හැවිරිදි පුන්කුඩතිව් 12 කොටසේ පදිංචි කිරුලානන්දන් කේෂලා වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ මිය ගිය දැරියගේ මාමා වන එම ප්‍රදේශයේම පදිංචි කදිරේෂණ් සදීස්වරන් වන අතර ඔහු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,174 Viewers

2 Comments to “හමුදා බෆල් රියේ වැදී දැරියක් මියයයි.. ප‍්‍රදේශයම උණුසුම්..”

  1. බබා උක්කුන් says:

    මහින්දගේ වැරැද්ද. මහින්දට තුබුන ගිය ආණ්ඩුව කාලේ ඔය පාර වෙන පැත්තකින් දාල දෙන්න. එක කරේ නැහැ. ඔය අනතුර කරන්න ඕන කම තිබුනේ මහින්දටයි එයාගේ ගෝලයන්ටයි ඒකයි ඔය පාර වෙනස් කලේ නැත්තේ.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News