හමුදා ලොරියක යතුරුපැදියෙන් ගිය අඹුසැමි යුවලක් ගැටී බරපතල තුවාල…

October 10, 2018 at 2:05 am | lanka C news
හමුදා ලොරියක යතුරුපැදියෙන් ගිය අඹුසැමි යුවලක් ගැටී බරපතල තුවාල…

වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේදී යතුරුපැදියක්හමුදා යුද ලොරි රථයක ගැටීමෙන් අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පැවසීය.

යුද හමුදා ආපන ශාලාවකට ආහාර ද්‍රව්‍ය රැගෙන යිමින් තිබූ  ලොරි රථයක් මෙලෙස යතුරුපැදියේ ගැටී ඇති අතර අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අඹුසැමි යුවල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.

ලොරියේ ගැටුනු යතුරුපැදිය දෙකට කැඩී ඇති අතර යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කර සිටියි

අනතුරින් යෝගේෂ්වරන් අනුශාන්ත නැමැති 25 හැවිරිදි තරුණයෙකු හා අනුශාන්ත පවිත්‍රා නැමැති 18 හැවිරිදි තරුණියක් බරපතල තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවටද පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,112 Viewers
Main News