හයිවේ රොබරි මෙන්න.. කඩවත-කෙරවලපිටිය අධිවේගයෙන් කෝටි අටදාහක් ගසාකාලා..

January 13, 2018 at 10:40 am | lanka C news
හයිවේ රොබරි මෙන්න.. කඩවත-කෙරවලපිටිය අධිවේගයෙන් කෝටි අටදාහක් ගසාකාලා..

අධිවේගී මාර්ග හදන්නේ රත්තරන් වලින්දැයි එදා ඇසු අයට වත්මන් රජය යටතේ අධිවේගී මාර්ග සෑදීමේ වියදම් අසීමිත ලෙස වැඩි වී ඇති බව නොපෙනෙන්නේ මන්ද කියා ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ නගරයේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමින් ප්‍රශ්ණ කලේය.

” තමුන්නාසෙලාට මතක ඇති 2015 පොදු අපේක්ෂකයගේ මැතිවරණ ප්‍රකාශයේම අධිවේගී මාර්ග සෑදීමට යන වියදම ප්‍රශ්ණ කරල තිබුනා. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් මැතිවරණ ප්‍රකාශයේ 8 වෙනි පිටුවේ තියනවා මෙහෙම

‘ මින් පෙර කතා කලේ 10% කොමිස් ගැනය. අද කතා කරන්නේ 90% කප්පම් ගැනය. කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයකට සමස්ථයක් ලෙස කෝටි 730ක් වැය කරන්නේ නම් ඉන් ගසා කන ප්‍රමාණය කෝටි 520 ක් පමන වේ’

ඒ කියන්නේ සිරිසේන මහත්තයගේ මැතිවරණ ප්‍රකාශය අනුව කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයකට යන්න ඕන වියදම රුපියල් කෝටි 210 යි.

හැබැයි මෙහෙම කීවට පසුගිය රජයට පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සිට කඩවතට පමනයි ඉවර කරන්න පුලුවන් උනේ. ආන්ඩුව පෙරලුනා . බලයට ආපු කොන්ත්‍රාත් අතට ගත්තේ අලුත් කට්ටිය.

දැන් අපි බලමු මිලේ වෙනස.

යහපාලනය යටතේ කඩවත – කෙරවලපිටිය මුලුවියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 666 ක් ගිහින් තියෙනවා. රුපියල් වලින් නම් කෝටි 9990 ක් විතර

හැබැයි ඒකත් කලින් සැලසුම් කර තිබූ මංතීරු 6 වෙනුවට මංතීරු 4 ට අඩුකරලයි. ඒක තවත් කපටි කමක් ඇත්ත වියදම වහන්න.

කඩවත – කෙරවලපිටිය මුලුදිග කිලෝ මීටර 9.3 යි.

එහෙනම් එතුමන්ලම කියන විදියට කිලෝ මීටරයකට රුපියල් කෝටි 1074 ක් වියදම් කරල තියනවා.

එතුමන්ලම කිව්වනේ කිලෝමීටරයකට යන්න ඕන ඇත්ත වියදම රුපියල් කෝටි 210 යි කියල . ඒත් මංතීරු 6 ක පාරකට. මංතීරු 4 ක පාරකට ඊටත් වඩා අඩු වෙන්න ඕනෑ.

එහෙමනම් යහ්පාලකයෝ ගසා කාල තියන මුදල කිලෝමීටරයට කෝටි 864 කට ට වැඩියි. මුලු කිලෝ මීටර් 9.3 ටම ගනන් බැලුවොත් රුපියල් කෝටි 8035 ට වැඩියි.

කොහොමද වෙනස ?

මම නෙමෙයි කියන්නේ මේ එතුමන්ලම එදා ජනතාවට කියපු ගනන් හිලව්. ජනතාව එදා ඒව විශ්වාස කලා “

– චාමින්ද කරුණාරත්න

10,847 Viewers

2 Comments to “හයිවේ රොබරි මෙන්න.. කඩවත-කෙරවලපිටිය අධිවේගයෙන් කෝටි අටදාහක් ගසාකාලා..”

  1. බන්ඩා says:

    පච ටෙන් ගනන් කෙලල බොරු පොරොන්දු දීල බලයට අාව සිරිසේන අද කියන්නෙ ‘යහපාලනය’ (රනිල්/සිරිසේන අාණ්ඩුව) කුනු කන්ද ඒයා සුද්ද කරනවලු.

  2. Jonaa'S Brother says:

    වෙනස සනීපයිනේද, ගමරාලට තද වැස්ස පින්ගුත්තරයට තද ගිරීස්මෙ.
    අට පාස් එකාට ගනන් පුලුවන්ද මහත්තයෝ

Leave a Comment

Main News