හරීන් ප‍්‍රනාන්දුගේ ලේකම්, බදුල්ල එජාප සංවිධායක පොහොට්ටුවට එක්වෙයි..

January 1, 2018 at 12:00 pm | lanka C news
හරීන් ප‍්‍රනාන්දුගේ ලේකම්, බදුල්ල එජාප සංවිධායක පොහොට්ටුවට එක්වෙයි..

බදුල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ නායක ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කල කපිතාන් මිහිමල් මුණසිංහ මහතා ශ‍්‍රී ලංකා පොදුජව පෙරමුණට එක්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීමකදී ඔහු එම පක්‍ෂයට එක්ව ඇත.

ඌව පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇති මුණසිංහ මහතා මන්ත්‍රි ධුරය අහිමි ව ූපස එජාපයට එක් වූයේ එවකට උෟව පළාත් මහ ඇමති වු හරීන් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම් ලෙසයි.

පෙරේදා 30 දිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන තෙක්ම ඔහු එජාපයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙසද කටයුතු කලේය.

යහපාලන රජයෙන් රටට හෝ ජනතාවට කිසිදු සෙතක් නොවන නිසා තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ බව මිහිමල් මුණසිංහ සදහන් කරයි.

16,911 Viewers

3 Comments to “හරීන් ප‍්‍රනාන්දුගේ ලේකම්, බදුල්ල එජාප සංවිධායක පොහොට්ටුවට එක්වෙයි..”

  1. daham says:

    oya muttiya daala eelanagata horaama athulata ringanna ennath bari naha. gannanam epa onna.

  2. Free says:

    මදැයි කොලා,හරියටම වෙලාව බලල හරින්ටම ඩිජිටල් කොලා නේද??

  3. ruga says:

    Mihimal ? He was a JVP first, PA, UNP and now ? where next?

Main News