හවුල් ආණ්ඩුව දැන් හොදටම ඇති.. එජාප තනි ආණ්ඩුවකට සූදානම්..- මරික්කාර්

July 16, 2017 at 2:10 pm | lanka C news
හවුල් ආණ්ඩුව දැන් හොදටම ඇති.. එජාප තනි ආණ්ඩුවකට සූදානම්..- මරික්කාර්

එක්සත් ජාතික පාක්ෂිකයින් මුල් වී පිහිටුවා ගත් මේ හවුල් ආණ්ඩුවෙන් ඔවුන්ට සාධාරණයක් ඉටුවී නොමැති නම් තනි යූන්පී ආණ්ඩුවක් හදාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ නව සම්බන්ධිකරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.

‘අපි අවුරුදු විස්සක් යූ එන් පී කාරයෝ විපක්ෂයේ ඉදලා මහා විශාල බලාපොරොත්තු තොගයක් දල්වගෙන ආණ්ඩුවක් හදාගෙන අවුරුදු දෙකක් ගිහිල්ලා ආණ්ඩුවට හැමතැනම බනින වෙලාවක තමයි යූ එන් පී එකේ පක්ෂ කාර්යාලයක් ආරම්භ කරන්න මං කටයුතු කළේ. ඇයි යූ ඒන් පී කාරයෝ ආණ්ඩුවට බනින්නේ කියන ඒක අපි තේරුම්ගන්න ඕනේ.

මේ ආණ්ඩුවට ඇවිල්ලා යූ ඒන් පී කාරයන්ගේ බලාපොරොත්තු ගොඩක් තිබ්බා අපි සමහර දේවල් කරලා තියනවා . ඒ වගේම නොකෙරුන දේවලුත් තියෙනවා. දැන් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ තමයි, අද නිකන් හරියට අපි ගිහිල්ලා වෙන කවුරුවත් හදපු ආණ්ඩුවක අපි එල්ලිලා ඉන්න තත්වයට අපි පත් වෙලා තියනවා. මෙන්න මේකයි අපිට තියන කණගාටුව. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ. අපි හදපු ආණ්ඩුවෙන් යූ එන් පී කාරයොන්ට වැඩක් වෙන එකේ අවුලක් තියනවා නම් අපි හදමු තනි යූ එන් පී ආණ්ඩුවක්. කිසි අවුලක් නෑ අපි ඒකෙ වගකීම බාර ගන්නවා අන්න ඒක අපි පැහැදිලිව කියන්න ඕන. මොකද හේතුව අපි දන්නවා අවුරුදු විස්සක් අපේ මිනිස්සු දුක් වින්දා දැන් ගෙවිචිච අවුරුදු විස්ස ඇතුලත යූ එන් පී කාරයෙකුට කිසිදෙයක් හම්බවුණේ නෑ ගෙවල් හම්බුණේ නෑ, රස්සාවල් හම්බුණේ නෑ ,සමෘද්ධිය හම්බුණේ නෑ ,වැඩිය ඕනෙ නෑ ගමක පාරක් හදනකොට යූ එන් පී කාරයින්ගෙ ගෙදර ගාවින් පාර හදන එක නැවැත්තුවා, කාණුවක් හදනකොට යූ එන් පී කාරයින්ගෙ ගෙදර ගාවින් කාණුව හදන එක නැවැත්තුවා, එහෙව් අපි තමයි මරණය අභියස ඉදගෙන මරණයට බය වෙන්නේ නැතුව යූ එන් පී ආණ්ඩුවක් හැදුවේ අපිටත් බලාපොරොත්තු තියන නිසා’

– මිනුර රශාන්ත

4,769 Viewers

3 Comments to “හවුල් ආණ්ඩුව දැන් හොදටම ඇති.. එජාප තනි ආණ්ඩුවකට සූදානම්..- මරික්කාර්”

  1. පාක්ෂිකයා says:

    අන්න හොද අදහසක් ඇමති තුමා…….
    අපි ඔබතුමාලට කතිරේ ගැහුවේ රජයේ රස්සා ගන්න, රජයෙන් නොමිලේ දෙන ගෙවල් ගන්න, පාක්ෂිකයින්ට අවශ්‍ය කටයුතු රජයේ කාර්යාල වලින් කරදරයක් නැතුව කරගන්න…….. ඒවා හරියට වෙන්නේ නැති නිසා අපිත් ඉන්නේ දැඩි කලකිරීමකින්.

  2. Saradiel says:

    Disaster for sri lanka unp go home

  3. ex UNPer 2 says:

    අන්තිමට දැන් යු එන් පී කාරයොත් නෑ ! විළි ලැජ්ජාවක් තියෙන එකෙක් තමන් යූ එන් පී කියල කියන්නෙත් නෑ.

Leave a Comment

Main News