හවුලේ ඉල්ලමු.. සුසිල් අතේ ශ‍්‍රීලනිප විසින් ඒකාබද්යට කල යෝජනා තුන මෙන්න..

November 15, 2017 at 1:20 pm | lanka C news
හවුලේ ඉල්ලමු.. සුසිල් අතේ ශ‍්‍රීලනිප විසින් ඒකාබද්යට කල යෝජනා තුන මෙන්න..

ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් හා මන්ත‍්‍රීවරුන්ගේ හමුව සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් යෝජනා තුනක් එවා තිබේ.

ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් විසින් මෙම යෝජානා ඉදිරිපත් කර ඇත.

ඇතැම් පළාත් පාලන ආයතන සදහා එක්ව තරග කිරීම තවත් ආයතන සදහා වෙන්ව තරග කිරීම එන් පළමු යෝජනාවයි.

පොදුජන එක්සත් පෙරමුණු පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කර එක් ලයිස්තුවකින් තරග කිරීම දෙවන යෝජනාවයි.

තුන්වැනි යෝජනාව වී ඇත්තේ දෙපාර්ශවයම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටතේ තරග කිරීමයි.

මෙම යෝජනා සම්බන්ධයෙන් ඒකාබද්දයේ පක්‍ෂ නායකයන් පක්‍ෂව හා විපක්‍ෂව අදහස් පල කර ඇති අතර අවසානයේ ශ‍්‍රීලනිපය විසින් එම යෝජනා ලිඛිතව ඉදිරිපත් කල යුතු යයි තීරණයකට එළැඹ ඇත.

34,950 Viewers

25 Comments to “හවුලේ ඉල්ලමු.. සුසිල් අතේ ශ‍්‍රීලනිප විසින් ඒකාබද්යට කල යෝජනා තුන මෙන්න..”

  1. tharindu says:

    pissuda owa likithawa illane
    kohoma awath appaya epaaaaaaaa..

    • Amda says:

      හවුලේ කැඳත් එපා

      • saman says:

        සුසිල්, විජේදාස, ෆයිසර් මුස්තාපා,වැලිඅමුණ 2වන මෙහෙයුම….
        පළාත් පාලන මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ ජයග්‍රාහකයන් 15%ක් යහපාලනයට ගැනීමේ සැලසුමක් …ජාතික ලැයිස්තුව හයිජැක් කිරීමේ මෙහෙයුම අවභෝධ නොවූ අයට යහපාලනයේ පලාත් පාලන චන්ද 2වැනි මෙහෙයුම (රනිල් – මෛත්‍රී උඩින් පෙන්වන ගැටුම) අවහෝධ වෙයිද?..

    • Saman Lakmal says:

      RANIL is to go to jail for sure. But MY3 still has option to go with MAHINDA or go to jail (if continue with RANIL). It is up to him to decide what he wants….

    • Sisira says:

      ගරු මහින්ද මහතාණෙනි, මුන්ට අයෙත් රැවටිලා අපේ චන්දනම් ඉල්ලන්න එපා. ආයේ එකතු උනොත් අපේ ගෙදර 14 දෙනෙක් චන්දෙ දෙන්න එන්නේ නැත. ඔබ රවටුනොත් ඔබම වින්ද ගන්න. අපේ චන්ද ඕනනම් වෙනම ඉල්ලන්න.

  2. siraa says:

    ඕනෙම නැ, කාලකන්නි ආප්පයි, විස්කි මඩම්, සුසිල් කියන දෙපැත් නයයි.

    • asaranaya says:

      ජිරිලන්කා පඹ ගෝත්ත්‍රිකයන්ට යන එන මන් නැහැ, උන්ගේ උගුල්වලට අසු නොවන්න, ඔබලා අසුවුනොත් දහස්වාරයක් සහායෝගය අපෙන් ඔබලාට නොලැබෙන බව දැනගත්තොත් හොඳයි

  3. පංච මහා බලවේගය says:

    දෙවන සහ තුන්වන යෝජනාවලට මහින්ද පාර්ශවයට එකඟ විය හැකියි.

    පොදුජන එක්සත් පෙරමුණෙන් තරඟ කළත්, ශ්‍රීලනිපයෙන් තරඟ කළත්, මොකෙන් තරඟ කලත්, තරඟ කරන පක්ෂයේ නායකත්වය මහින්ද ට හිමි විය යුතු අතර එම පක්ෂයේ ලේඛම් කම ඇතුළු සියලු ප්‍රධාන තනතුරු මහින්ද පාර්ශවය සතු විය යුතු වෙයි. මෛත්‍රී පාර්ශවයට සංකේතාක්මක තනතුරු කිහිපයක් පමණක් ලබාදිය හැකි වෙයි. ඒ තනතුරු කිසිවක් මැතිවරණයෙන් පසු වෙනස් නොවිය යුතුයි. මහින්දට පක්ෂ නායකත්වය හිමි වීම ඇතුලු මහින්ද පාර්ශවයට හිමිවන සියලු තනතුරු මැතිවරණයෙන් පසුවත් වලංගු විය යුතු වෙයි.

    • නාගසිංහ says:

      කිසි වැඩක් නෑ.
      පොහොට්ටුවෙන් පොල්පිත්තක් දැම්මත් දිනනවා. මම කියන එක විශ්වාස කරන්න බැරිනම් සමුපකාර චන්ද බලන්න.

      පනින රිලවු පොහොට්ටුව ඇතුලට අරගෙන ආයෙත් ඉල්ලන් කන්නද හදන්නේ?
      එක සැරයක් කෑව මදිද? සුසිල් ඉල්ලීම් අරගෙන එන්නේ පොහොට්ටුවට ආදරේටද?

  4. Saradiel says:

    හවුලේ කැදත් එපා හවුලේ කැදත් එපා හවුලේ කැදත් එපා

  5. love nature says:

    එන පලාත්පාලන මැතිවරනයෙ පිලිබද ජනතා ප්‍රශාදය කෙසේදැයි මෛත්‍රී රහස් කන්ඩායමක් යොදා විස්තර සොයා ඇත. ඔවුන් පවසන්නේ මෛත්‍රී කැටුව ශ්‍රීලංනිප 3 වන හෝ 4 වන ස්තානයත් ඒකාබද්දය පලමු ස්තානයත් ලබනු ඇති බවය.

  6. රාහුල කොලුවා says:

    මැතිවරණ දිනවලා පෙන්නන්න පුළුවන් නායකත්වයක් ශ්‍රීලනිපට තියෙද්දී අහවල් මගුලකටද හවුලේ ඉල්ලමු කියලා කන් කෙඳිරි ගාන්නේ… අවස්ථාවාදී පාවා දෙන්නන් ඉන්න ශ්‍රී ලංකා පක්ෂන් අපිට දැන් අරහන්…

  7. Susi says:

    සුසිල් පහුගිය කාලේ තටම තටම ආණ්ඩුවට විරුද්ධ කථා කිවුවේ මේපාරත් ආ අන්දවන්න බලාගෙන බව පැහැදිලියි. මහින්ද මහත්තයෝ මේපාරත් රවටුනොත් චන්දෙදෙන්න මිනිස්සුත් හොයාගන්න වෙයි

  8. Notthischange says:

    Apahu rawatunoth mahinda modayeki. api katawath chande nodemu…

  9. Upali says:

    අපිට මොන සතුර එක්කවත් හවුල් එපා . මහින්ද මහත්තයෝ මේපාර ආයිත් රැවටුනොත් ඔබතුමාට අබත් නැත.ආප්පම සරනයි .

  10. Rupa says:

    පොහොට්ටුවට නිල මැස්සන් එපා.

    • Dutu says:

      එපා…..එපා…………එපා……… පොහොට්ටුවට නිල මැස්සන් එපා…..

      • Upali says:

        පොහොට්ටුවට නිලමැස්සො ලන්කරගත්තත් , පොහොට්ටුව වටෙ ඉන්න සමහර ගොන්නු මහින්ද මහත්තයව නිලමැස්සන් ලන්ගට දැක්කුවත් එකයි. කරපු ඔක්කොම ඉවරයි. බඩුම තමා.

  11. NAK says:

    Susil, Thank you but No thank you!!

  12. Critic says:

    We never give our support to JO if they join with monkeys again-.

  13. gorilla says:

    තමුසෙල මේ පාරත් අහූනොත් නම් චන්දෙ දෙන්නැ අම්මපා.

  14. Lanka says:

    Me parath passa hodaganna wei.Idiot JO……..

  15. daham says:

    dinala thiyena podu jana peramuna kujeetha karawana me kumanthranaya mahindalata therenne nathnam aba saaranayi ohelata. anuradhapureta aapu senagen 100 denekwath chande nathi bawa therum ganna.

  16. පොඩි එකා says:

    මහින්ද දිනුවත් මං එයාට අගමැතිකම දෙන්නේ නෑ… මම අනාරක්ෂිතයි කියලා මට හිතුනා.. සන්ධානේ දිනන බව දන්න නිසයි මං ලේකම්වරු දෙදෙනා අස් කලේ… මහින්ද මහත්තයෝ.. ඔය අතීතය මතක තියෙනවනං ශ්‍රී ලංකා එකත් එක්ක හවුල් නම් එපා…

  17. DON’T EVER NEVER JOIN THE SLFP HORU brapathi eelam GANG.

Leave a Comment

Main News