හසලක ගාමිණිගේ 26 වන ගුණානුස්මරණය අලිමංකඩදී උත්සවාකාරයෙන් සැමරේ..

July 16, 2017 at 5:30 pm | lanka C news
හසලක ගාමිණිගේ 26 වන ගුණානුස්මරණය අලිමංකඩදී උත්සවාකාරයෙන් සැමරේ..

කෝප්‍රල් ගාමිණි කුලරත්න නොහොත් හසලක ගාමිණි රණවිරුවාගේ 26 වන ගුනානුස්මරණය අති උත්සවාකාරයෙන් අලිමංකඩ පිහිටි හසලක ගාමිණි පිළිරුව අසලදී සමරනු ලැබීය.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඤාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන මහතාගේ මගපෙන්වීම යටතේ 66 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් දුමින්ද කැප්පටිවලාන මහතාගේ අධීක්ෂණයෙන් 662 බලසේනාධිපති කර්නල් රොහාන් පොන්නම් පෙරුම මහතා ඇතුලු කාර්ය මණ්ඩලය විසින් මෙම සැමරුම සංවිධානය කොට තිබුණි.

හසලක ගාමිණි පිළිරුව අබියස සර්ව රාත්‍රික පිරිත් සජ්ජයනාවක්ද පවත්වා පසුදා උදෑසන හීල් දානය සහ පිරිකර පූජා කිරීමෙන් පසුව මෙම සැමරුම සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට හසලක ගාමිණි අබීත රණවිරුවාගේ මව වූ එස්.ජී.ජුලියට් මාතාව ඇතුලු සහොදර සහෝදරියන් හා ඥාතීන්ද එක්ව අභිත රණවිරුවාගේ ආත්මයට සෙත් පතා පුෂ්පෝපහාර දැක්වීය.

1991 ජුලි 13 වන දා අලිමංකඩ ඉදිරි ආරක්ෂක වලල්ල කඩා යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්තවාදීන්ගේ බුලඩෝසරයට හසලක ගාමිණි රණවිරුවා විසින් බෝම්බ සහතිව පැනීමෙන් බුල් ඩෝසරය විනාශ වූ අතර ඉන් අලිමංකඩ කඳවුරේ සිටි සෙබලුන් 1500 ක් පමණ දෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,455 Viewers

22 Comments to “හසලක ගාමිණිගේ 26 වන ගුණානුස්මරණය අලිමංකඩදී උත්සවාකාරයෙන් සැමරේ..”

  1. daham says:

    me upaharaya sanvidhanaya kala hamudha niladhareenta maaruweem heta anidda nolabunoth loku deyak.

  2. අඹර දමිල says:

    මේ වගේ ඒවා සන්හිඳියාවට හොඳ නෑ

  3. Saradiel says:

    අලිමංකඩ බේරාගත් හසලක ගාමිනී කුලරත්න විරුවාට අපේ උත්තමාචාරය සිංහලයෙනි ,ආදර්ශයට ගනිව් හසලක ගාමිණී වැනි අපේ කාලේ රණවිරුවන් ..දැන්වත් වරෙව් පෙරට අපේ රට මේ යමපාලනයෙන් බේරාගනිව්
    https://www.youtube.com/watch?v=S4PYXUBo7bw

  4. kamalsiri kuruwita says:

    හසලක ගාමිණි රණවිරු මැතිඳුනි , ඔබගේ එඩිතර බව ජාතියට මහා අභිමානයකි. අභීත සුජාත ලක් පුත්‍රයාණනි. ඔබතුමාට අමා මහා නිවන් සුව පතමු !

  5. nisa says:

    panne ne…bomba hahala eka vinasa kala….nawatha kadaurata enakota..wecha de danne nathai …ape handuane…

  6. ලිහිණි says:

    හසලක ගාමිනි රණවිරුවාණෙනි අපේ උත්තමාචාරය …අපේ රට බේරාගත් මෙවැනි රණවිරුවන් නේද .සිරිසේන පාවාදුන්නේ අද සිරගෙට යවන්නේ ජිවත්ව සිටින ,අපේ මේ වීරයින් නේද ? සිංහල දේශප්‍රේමී මිනිසුනේ අපේ රට ජාතිය නැවතත් රැකගැනීමට පෙරට වරෙව්
    https://www.youtube.com/watch?v=9lrpnpo21ik

    • asaranaya says:

      රණවිරුවෙනි, යමපාලන කුණු හැත්තගෙන් රට බෙරාගන්න යමු පෙරට, නිදිගත්තා හොඳටම ඇති, බට පොලිශ් කරගන්න. වේලාව ඇවිත් ඇත , මෙ උත්සවය පෙරහුරුවක් වේවා.

  7. Sadda says:

    Le mas poojakara rekagath rate ekeeya bhawaya. Aho.

  8. Lapaya says:

    Uthure ANDUKARAYAYI, MAHA AMATHIYAYI hitiye naththe un marilada.?

  9. love nature says:

    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් සහ ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්කොට තැබුම
    මගේ යුතුකමයි සලකවු හැමදෙනම…
    (මහින්ද හිමි)

  10. Aruna says:

    Most of the people don’t know that he was the only “saamanera thero” who survived in the Aranthalawa Bhikku assasination. Later he joined the army.

  11. වික්කම සිංහ ඇතුලෙ නරියා says:

    Who gave permission to do an act like this? I hereby order to punish all the involved officers.

  12. පාක්ෂිකයා says:

    සන්හිදියාවට බාධාවක් වෙයිද දන් නෑ…….

    මහා විරු දිනයක් වගේ එකක් මේ සමගම සැමරුවා නම් අපේ පක්ෂෙට ඩයස්පෝරා මහත්තුරුන්ගෙන් තව ආධාර ලැබෙන්න පුළුවන්.

  13. රමණී says:

    හසලක වීරයගෙ ස්මාරකය ගලෝල කැලේට විසිකරන්ඩ කියපු අඹර දමිලගෙ කම්මුලට 
    අතුල් පාරක් දුන්න වගේ වැඩක් මේ හමුදා නිලධාරීන් කරල තියෙන්නෙ.

  14. රමණී says:

    අතීතයේ හෙල දෙරණේ නෙක විකුමන් කල
    අභීත ඒ රණවිරුවෝ යලි ඉපදී ඇත//

  15. ෂංඉඳියා says:

    මේක මේ ෂංඉඳියාවට බාදා කොරංඩ ජාතිවාදියො කොරපු වැඩක්!

    ජනපති පත්තරෙනුයි , අගමැටි CID එකෙනුයි දැනගත්තම තේරෙයි ඕක සංවිදානය කොරපු ආමි ලොක්කන්ට!

  16. dhathusena says:

    අත පය ගැලවිලා කඳ විතරක් හරි ඉතුරු වෙල හිටියනම්….මෙලහටත් හිර ගෙදර…..සමරපු නිලධාරින් ගෙන් කීදෙනෙක් හෙට අනිද්ද වෙනකොට අත් අඩංගුවට පත්වෙයිද දන්නෑ

  17. Gobila says:

    Verayanani, obata niwan suwa

  18. buruputha says:

    Gamini werrayage aathmatata nithaya sanaseema labewa. Eda Alimankada vinasha karsnna aa buldosarayata Panala ape hamudawa bera gaththa vage hakinam viruwanani parlimenthuwata Panala Ada rata vinasha Karana unva vinasha karaka danna. Obage aathmayata yahapathakma vevi.

  19. Prasanna says:

    We salute the mother and father of late Gamini Kularatne, who donated this war hero to the nation.

Main News