හාල්-පොල් රුපියල් සීයට කන්න ඕන නම්.. සංවර්ධනය නැවතීම හොදනම් යහපාලනේට ඡන්දය දෙන්න.. නැතිනම් මහින්දට ඡන්දය දෙන්න..- බැසිල්

December 4, 2017 at 10:40 am | lanka C news
හාල්-පොල් රුපියල් සීයට කන්න ඕන නම්.. සංවර්ධනය නැවතීම හොදනම් යහපාලනේට ඡන්දය දෙන්න.. නැතිනම් මහින්දට ඡන්දය දෙන්න..- බැසිල්

‘අද වනවිට රටේ ගොවියා විනාශයි, එදා අපි වගා කරපු වී ටික මත්තල ගුවන්තොටුපොල තුල ගබඩා කරලා වී ගොවියාට අපහාස කලා, , අපේ තාත්තාලා වී ඇටයක් අපිට පාගන්න දුන්නේ නැහ, ඒ තරම් ගෞරවයක් අපි කන බතට තිබුනා, ඒත් මේ ආණ්ඩුව ආපු දවසේ සිට පොහොර රුපියල් 350 ට දීපු යුගය අවසන් කලා, ලෝකයේ ඉන්න එකම කෘෂිකර්ම ඇමති වී වගාව අක්කර ලක්ෂයකින් අඩු කරන්න කිව්ව’ යයි බැසිල් රාජපක්ෂ මහතා දෙහිල දී පැවසී ය.

අවුරුදු දෙකාහාමාරක් අපේ ප්‍රාදේශිය සභා නගර සභා ටික විසුරුවා ඒවා අකර්මණ්‍ය කලා, ඒ හරහා ජනතාව ගමේ කුණු ටික අදින එක නැවතුනා, ගමේ පාර , ගමේ විදුලි බුබුල දාගන්න ජනතාවට තිබුණ අයිතිය නැති කලා, මේ ගම්සභා ක්‍රමය එදා පණ්ඩුකාභය රජතුමාගේ සමයේ සිට පැවත එන ක්‍රමයක්, ඒ පාලන ක්‍රමය මේ ආණ්ඩුව අඩපණ කලා, ඒ අපේ ප්‍රාදේශිය නායකයින්ගෙන් පලිගන්නයි.

අද රටේ සංවර්ධනය නැවතිලා, ජනතාවට හාල් කිලෝව රුපියල් 120 ට කන්න වෙලා පොල් ගෙඩිය රුපියල් 120 යි මේ සියල්ලම සිදු වුනේ මහින්ද රාජපක්ෂ යුගයේ දුන් රුපියල් 350/= පොහොර මිටිය නවත්තපු නිසයි. අපි හිතුවේ ගොවි රජෙකුගේ පුතෙකු ජනාධිපති වුන නිසා ගොවියාට විශාල සෙතක් වෙයි කියිලා, ඒත් අද රටේ සියලුම ගොවීන් අනාථයි.

ඉතිං ජනතාව බැදුම්කර හොරකමට කැමති නම්, පොහොර සහනාධාරය කැපුවට කැමති නම්, බඩු මිල ඉහළ දැමීම හොඳ නම්, ඡන්දය කල් දැමීම හොඳනම් එන පලාත් පාලන ඡන්දයේදි මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න එමෙන්ම මහින්දගේ කඩේ බඩු හොද නැහ කියපු උදවියටත් ඡන්දය ඉල්ලනවා ඒ ගොල්ලන්ටත් දෙන්න.

අපි දන්නවා මෙරටේ බහුතර ජනතාව මේ ආණ්ඩුවේ එම වැඩපිළිවෙළ අනුමත නොකරන බව, ඒ නිසා එම ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පක්ෂය වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීලා එතුමා ශක්තිමත් කරන්න බලාගෙන සිටිනවා.

මේක නිකං ඡන්දයක් නෙවි බව හොදින් මතක තබාගන්න, මේ ඡන්දය ජනතාවගේත් රටේත් අනාගතය තීරණය කරන ඡන්දය බව අමතක කරන්න එපා, යයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය, ඒ ඊයේ දෙහිවල ආසනයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මෙහෙයුම් දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරුන් සියලුදෙනාගේම සහභාගිත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කොට තිබුනි.

වීඩියෝව මෙතනින්

7,892 Viewers

5 Comments to “හාල්-පොල් රුපියල් සීයට කන්න ඕන නම්.. සංවර්ධනය නැවතීම හොදනම් යහපාලනේට ඡන්දය දෙන්න.. නැතිනම් මහින්දට ඡන්දය දෙන්න..- බැසිල්”

  1. Gayantha says:

    Wishistai nayakayanani

  2. Chaminda says:

    Basil has done many development work to the country .Nelum telecom tower one project Basil has done during his period. If you travel north and east you could see how he has develop road network in that area under Uthuru vasanthaya and Nagenahira Navodaya.

  3. jagath says:

    Ayerth horakanna enawa……………….Munta lajja na ne ammapa.Paradilath

  4. ආචාර්ය සුගත් වීරසේකර says:

    JR 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති වලින් පසු ආණ්ඩු බලය වෙනස් කිරීමට බඩුමිළ කියන සාධකය බලපාන්නෙ නැහැ. 1994, 2002 සහ 2015 ආණ්ඩු බලය වෙනස් උනේ වෙනත් සාධක පදනමි කරගෙන. මෙි යථාර්ථය තේරැමි ගන්න.

  5. Rohitha says:

    thamange nasayen ehata nodakina maha aedurangennam aduwak nae wage.

Main News