‘හැප්පිලා බලමු’ ප‍්‍රබල ඇමති නෙත් FMට තර්ජනය කරයි..

July 23, 2018 at 6:48 pm | lanka C news
‘හැප්පිලා බලමු’ ප‍්‍රබල ඇමති නෙත් FMට තර්ජනය කරයි..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනමාධ්‍යයට එරෙහි පාතාල හා දේශපාලන තර්ජන හෙළා දකිමු

-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නමගිය අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන් සහ දේශපාලන බලවතුන් අතර ඇති සබඳතා හෙළිකරමින් නෙත් එෆ්. එම්. මාධ්‍ය ඔස්සේ පළවූ පුවතක් ගලවා ඉවත් කරන ලෙස පවසමින් තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කර ඇති තර්ජනාත්මක මැදිහත්වීම තම වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා මාධ්‍ය ආයතනයක් සතු අයිතියට කරන ලද අයුතු බලපෑමක් ලෙස සලකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ බලපෑම් තරයේ හෙළාදකී.

අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු  සඳහන් වුවද  නෙත් එෆ්. එම්. හි පළවු මෙම පුවතෙහි අමාත්‍යවරයෙකුගේ නමක් සඳහන්ව නොතිබියදී මෙවැනි මැදිහත්වීමක් සිදුවීම විශේෂ තත්ත්වයක් ලෙස සැලකීමට සිදුවේ.

පුවත පළවීමෙන් පසු සෘජුවම  ආයතනයෙහි ප‍්‍රවෘත්ති කළමනාකරු වන හේමන්ත කහවලගේ මහතා අමතමින් අමාත්‍යවරයා මෙම පුවත ගලවා ඉවත්කර ගන්නා ලෙස පවසා ඇත. ඊට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රවෘත්ති කළමනාකරු පුවතෙහි නිවැරදි කළයුතු යමක් තිබේනම් ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලූ විට අමාත්‍යවරයා එම අවස්ථාවද ප‍්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ ”හැප්පිලා බලමු”යනුවෙනි. අපරාධකරුවන් ලෙස  පුවතෙහි නම් සඳහන්  අයගෙන් සමාව ගන්නා ලෙසද අමාත්‍යවරයා  මෙහිදී මාධ්‍යවේදියාට පවසා ඇත. හේමන්ත මහතා පවසන පරිදි මීට අදාළව වෙනත් මුද්‍රිත මාධ්‍යයක පළවූ පුවතක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී එවැනිම තර්ජනාත්මක ස්වරයකින් අදහස් පළකර තිබේ.

ඒ හැරුණුවිට අමාත්‍යවරයා මෙම මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද වෙනත් චෝදනා, ප්‍රසිද්ධ මාධ්‍යයන්හි පළකර ඇති අතර, එම චෝදනා පදනම් විරහිත බව නෙත් එෆ්.එම්. ආයතනය කරුණු සහිතව පවසයි.මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තමන්වෙත එල්ලවන චෝදනා කෙරෙහි අවධානය යොමුකොට නිවැරදිවීම එකී  මාධ්‍ය ආයතන සතු වගකීමකී.එසේම කිසියම් ප‍්‍රවෘත්තියක සාවද්‍ය තොරතුරු ඇතුලත්ව තිබේනම් එය නිවැරදි කරගැනීමට ප‍්‍රතිචාර දැක්වීමේ අයිතියක්  ඕනෑම පුරවැසියෙකුට තිබේ .එසේ තිබියදී එම අවස්ථාව ප‍්‍රතික්ෂේප කොට මාධ්‍යවේදීන්ට පදනම් විරහිත චෝදනා කිරීම සහ තර්ජනය කිරීම මෙරට මාධ්‍ය නිදහසට මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද එල්ල කරන ප‍්‍රබල අනතුරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.

එසේම  මෙම පුවතට දේශපාලන බලවතුන් හැරුණු විට අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන්ද සම්බන්ධව ඇති බැවින් තර්ජනයට ලක්වී ඇති මෙම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලූ වගකිවයුතු අංශවලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

22,977 Viewers

12 Comments to “‘හැප්පිලා බලමු’ ප‍්‍රබල ඇමති නෙත් FMට තර්ජනය කරයි..”

  1. desta says:

    yaha yaha waha palanaya mahinda lokkage kaleth mewa tibuna ape ratata pirisiudu nayakayek lebewa

    • අශෝක දයාරත්න says:

      නෙත් FM තමුන්ගෙ සීමාව ඉක්මවා කටයුතු කරන, මහින්දට කඩෙි යන නොහික්මුණු ගුවන්විදුලි නාලිකාවක්.

      • ඇත්ත එලි කරන එක නොහික්මුණ කමක් වෙන්නෙ කොහෙද යකෝ……
        මිනිස්සුන්ට දේශපාලන ඇත්ත දැනගන්න අයිතිය තියෙනවා.

        • අශෝක දයාරත්න says:

          නෙත් FM පසුගිය ආණ්ඩුකාලෙ සිදුඋන මහාපරිමාණ හොරකමි ගැන කතා කලාද? සිල්රෙදි බෙදීම, රාජපක්ෂ සොහොන් ඉදිකිරීම, බැසිල්ගෙ ඉඩමි, ඇවන්ගාඩි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගෙ ගැහිලි, ඒවා කතාකළා නමි ඔය නෙත් FM බැලුමිගල කරන එවුන්ට ඉන්න වෙන්නෙ අඩි 8 ක් පොලොව යට. ඔය උද්දචිඡ කම නැතිකර නොගත්තොත් හොඳයි. නැත්නමි දාගනිල්ල මත් FM කියල. කුඩු සල්ලි වලින් දුවන නිසා.

      • නිදහස් says:

        නෙත් FM අයිතිකාරයට හිතවත් දේශපාලඥයන් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට විරුද්ධව සහ එම ජාවාරම් කාරයන්ගේ ව්‍යාපාරවලට බලපෑමක් වන අහිංසක මිනිස්සුන්ට බොරු චෝදනා කරන ගුවන්විදුලි නාලිකාවක් තමයි නෙත් FM කියන්නෙ.
        බැලුම්ගලින් පුළුවන්නම් කථා කරන්න ඇවන්ගාඩ් වංචාව ගැන, පුත්තලමෙ සිදුවන මහාපරිමාන වැලි ජාවාරම ගැන, කොල්ලුපිටියෙ සහ ගාල්ල නගරයේ තියෙන ගණිකා මඩම් ගැන. මේවයි හවුන්කාරයො සේරම නෙත් FM එකේ අයිතිකාරයගෙ ගෝලයො.

  2. buruputha says:

    Madhya nidahasa dore gala yana hadai. Meya honda field marshal kamata neme Paddy Field Pambayakuta. Meyage muna dakka gaman sansarema kalakirenava.

  3. HUNA says:

    Thopita Sasantha Wikramatunge pihitai.

  4. The best reasoning ever heard recently.

  5. sahan says:

    prawesamen,,,,,,,,, harak gonseka kiyanne mahaa visa ghoora polangek,

  6. මෙයාගේ පරණ වීඩියෝ ටිකක් යූ ටියුබ් එකේ තියෙනවා.ඒවා බැලුවාම මෙයාට තිබෙන මානසිකත්වය තේරැම් ගන්න පුළුවන් හැමෝටම.මෙයා ඒ දවස් වල මහින්දටයි ගෝඨාටයි කඩේ යන හැටි දැක්කම අපට කටින් නෙමේ හිනාවෙන්න හිතෙන්නේ. තමන්ම ඉල්ලලා ෆීල්ඩ් මාෂල් කමකුත් ලබාගෙන,පිං ඇමතිකමකුත් අරගෙන,යුද්ධෙ කරපු අනෙක් උන්වත් කපලා,සියලුම වරප්‍රසාද භුක්ති විඳිමින්,තමන්ට උදව් උපකාර කල හැමෝටම දෝෂාරෝපනය කරමින්, දැන් ඉන්න ප්‍රධානියටත් ඒ රාජකාරිය ඉටුකරගන්න නොදී,අකුල්හෙලමින් ඔහුව ඉවත් කර තම වන්දිභට්ටයෙකුව එතැනට දමලා රටම අගාදයකට ඇදගෙන යන්න බලන බලලෝභි ගණමකුවෝ.

    • බයියගෙ වහල්ලුන්ට බයියට ඇඩ්‍රස් නැතිවෙන්න දීපු එවුන් පේන්න බෑ. විලාප දිදී මඩ ගහනවා.

  7. නිදහස් says:

    මේ වෙලාවෙ හැටියට ‍නෙත් එකේ වැඩසටහන් මෙහෙයවන අය පරිස්සම් වුනොත් හොදයි. මොකද ගෝඨාබයයි මහින්දයි බැසිලුයි නාමලුයි බලාගෙන ඉන්නෙ කලවැද්දගෙන් පලිගන්න. මේක රාජපක්ෂවරුන්ට හොද තෝතැන්නක්වේවි ඒකට. ඒත් ඉතින් නෙත් එකේ ජිවිත නෙ විනාශ වෙන්නෙ. පරිස්සම් වුනොත් හොදයි.

Main News